සතියේ පොත් පත් | සිළුමිණ

සතියේ පොත් පත්

කෘතියේ නම- කපටි නරි­රා­ළට වුණු වැඩේ 
කර්තෘ- දිසිනි තෙහන්සා හේවා­ව­ඩුගේ 
කර්තෘ ප්‍රකා­ශ­න­යකි 
මිල - 150/= පිටු ගණන -08 
විම­සීම්- 0112 545 363

කොළඹ ශාන්ත පාවුළු බාලිකා විද්‍යා­ලයේ 8 වැනි වසරේ ඉගෙ­නුම ලබන දිසිනි තෙහන්සා හේවා­ව­ඩුගේ විසින් මේ ළමා කෘතිය රචනා කර ඇත. බාල­ද­ක්ෂි­කා­වක්, පරි­සර නිය­මු­ව­රි­යක් , කරාතේ ක්‍රීඩි­කා­වක්, වය­ලීන් වාදන ශිල්පි­නි­යක් මෙන්ම රූප­වා­හිනී සහ ගුවන් විදු­ලියේ ළමා වැඩ­ස­හන් නිවේ­දි­කා­වක් ලෙස ද කට­යුතු කරන දිසිනි විසින් රචිත මේ කෘතිය ළමා මන­සට ප්‍රිය වර්ණ­වත් සිතු­ව­ම්ව­ලින් ද සම­න්වි­තය.


කෘතිය- තුටින් පිරී ගිය එක් මොහො­තක්
පරි­ව­ර්ත­නය සහ සංස්ක­ර­ණය- සසංක පෙරේරා සහ ඉන්දු පෙරේරා
ප්‍රකා­ශක-තම්බ­පණ්ණි ඇක­ඩ­මික්
මිල- රුපි­යල් 1300 ⁄ = පිටු ගණන- 226

13 වැනි සිය­වසේ එනම්, සුෆී­ව­රුන්ගේ බුද්ධි­මය පුන­රු­ද­යක් ඇතිවූ අව­ධියේ ජීවත් වූ ජලාල් අද්-දින් මුහ­ම්මද් රූමි, සූෆී සාහිත්‍යයේ ප්‍රබල සංකේ­ත­යක් බඳුය. විවි­ධා­කාර සංස්කෘ­තික සීමා තර­ණය කළ රූමි විසින් රචිත කවි අත­රින් තෝරා­ගත් කවි 150ක් මේ කෘතිය තුළින් සිංහල සාහි­ත්‍ය­යට කැඳ­වා­ගෙන ඒමෙන් මහා­චාර්ය සසංක පෙරේරා සහ ඉන්දු පෙරේරා සිදු කර ඇත්තේ නව බුද්ධි­මය සංස්කෘ­ති­යක දොර කවුළු විවර කිරී­මක් බව මේ කෘතිය පිළි­බඳ අද­හස් දක්ව­මින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිලාර් එන්. කාසිම් පවසා ඇත.

භාෂා දෙකක් ඔස්සේ පෙරී එන රූමිගේ අපූ­ර්ව­තම කවි­කම සිංහ­ල­යෙන් අල්ලා ගැනී­මට මහා­චාර්ය සසංක පෙරේරා සහ ඉන්දු පෙරේරා දරා ඇති ප්‍රය­ත්නය අගනා බව මහා­චාර්ය ලිය­නගේ අම­ර­කී­ර්තිගේ අද­හ­සයි. මහා­චාර්ය සංසක පෙරේරා නවදිල්ලියේ දකුණු ආසි­යානු විශ්ව­වි­ද්‍යා­ලයේ සමා­ජ­වි­ද්‍යාව පිළි­බඳ සමා­ර­ම්භක මහා­චා­ර්ය­ව­රයා වන අතර, කෘති හා පර්යේ­ෂණ පත්‍රිකා ගණ­නා­වක කතු­ව­ර­යෙකි. ඉන්දු ගමගේ රුහුණු විශ්ව­වි­ද්‍යා­ලයේ ඉංග්‍රීසි භාෂා පුහුණු අධ්‍ය­ය­නාං­ශයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චා­ර්ය­ව­රි­යක් වන අතර ඇය ඉංග්‍රීසි බසින් නිර්මා­ණ­ක­ර­ණයේ නිරත කිවි­ඳි­යක සහ කෙටි­කතා ලේඛි­කා­වක් ද වේ.


කෘතිය- ගිනි කඳු සහ දිය­ඇලි
කර්තෘ - රටේ­මුල්ලේ මුද­න්නා­යක
ප්‍රකා­ශක- ඇස්.ගොඩගේ සහ සහෝ­ද­රයෝ
මිල- රුපි­යල් 650 ⁄ = පිටු ගණන- 188
විම­සීම්- 071 2 223110

හිටි­වන කවියේ මෙන්ම පොත­පත හා මාධ්‍ය ඇසුරේ ප්‍රති­භාව පෙන්වන ප්‍රති­භා­පූර්ණ ප්‍රවීණ කවි­යකු මෙන්ම කඳු­රට කවි සමා­ජයේ නිර්මා­තෘ­ව­රයා ද වන රටේ­මුල්ලේ මුද­න්නා­යක විසින් රචිත මෙම කාව්‍ය සංග්‍ර­හය සමා­ජය පාදක කර­ග­නි­මින් නිර්මා­ණය කරන ලද්දකි. විෂම සමා­ජය තුළ ගැව­සෙන විවි­ධා­කාර මිනි­සුන් අතර සිත ගත දවන ගිනි කඳු බඳු මිනි­සුන් මෙන්ම ගත සිත සිසිල් කරන දිය ඇලි වැනි මිනි­සුන් ද වේ. එකම මිනිසා තුළ පව­තින මේ ගති ලක්ෂණ දෙකම එක සේ පව­තින බැවින් මිනිසා හඳුනා ගැනීම ඉතා අසී­රුය. ඒ යථා­ර්ථය සිය කාව්‍ය සංග්‍ර­හය මඟින් මතු­කර දැක්වී­මට කතු­ව­රයා උත්සාහ දරා ඇත. කතු­ව­රයා විසින් දින­මිණ පුව­ත්ප­තට ‘රටේ රාල’ නමින් ලියන ලද ‘වංහුං’ නැමති කවි එක­තුව ද ‘රටේ රාලගේ වංහුං’ නමින් කෘති­යක් ලෙස ප්‍රකා­ශ­යට පත් කර ඇත.


කෘතිය- රිදී­ක­ර­ඬුව
කර්තෘ - කේ.එම්.අයි.ස්වර්ණ­සිංහ
ප්‍රකා­ශක- සූරිය ප්‍රකා­ශ­කයෝ
මිල- රුපි­යල් 350 ⁄ = පිටු ගණන- 68
විම­සීම්- 0112 693 607

අප තුළ සහ අප අවට ලෝකයේ ඇති අත්දැ­කීම් පෙර නොවූ විරූ නැවුම් බව­කින් විඳින කවියා, ඔහු­ටම ආවේ­ණික චම­ත්කා­ර­ය­කින් පාඨක හද­වත පුර­වා­ල­මින් බොහෝ දෙනකු නොද­කින ජීවිත යථා­ර්ථය ද ප්‍රබල ලෙස මතු­කර දක්වන කාව්‍ය සංග්‍ර­හයක් ලෙස මෙය හැඳි­න්විය හැකිය. පද්‍ය, යොවුන් සාහිත්‍ය, කෙටි­කතා සහ රූප­වා­හිනී තිර­නා­ටක කෘති ඇතුළු කෘති රැසක කතු­ව­රයා වන කේ.එම්.අයි. ස්වර්ණ­සිංහ ගේ මේ කාව්‍ය සංග්‍ර­හය වෙනස් මාතෘකා යටතේ ලියැ­වුණු කවි 46කින් සම­න්විත වේ. එක් අත්දැ­කී­මෙන් තවත් අත්දැ­කී­මට අවි­යෝ­ජ­නීය සබැ­ඳි­යා­වක් මෙන්ම ජීව ගුණ­යෙන් පිරි­පුන්ව සහෘද හද­වත ආම­න්ත්‍ර­ණය කර­න්නට කවියා ගෙන ඇති වෑයම සුන්ද­රය; අරු­ත්බ­රය.

Comments