ගණ­දෙ­වි­ය­න්ගෙන් අප­මණ පිහිට ලබ­න්නට නිවෙ­සේ­දීම ස්තෝත්‍ර දැහැ­නක් පව­ත්වන හැටි | සිළුමිණ

ගණ­දෙ­වි­ය­න්ගෙන් අප­මණ පිහිට ලබ­න්නට නිවෙ­සේ­දීම ස්තෝත්‍ර දැහැ­නක් පව­ත්වන හැටි

ඉකුත් ලිපි­යෙන් ගණ­දෙවි පූජාව සිදු කරන අයුරු දැනු­ම්වත් වූ ඔබට මෙවර ගණ­දෙවි පූජා­වක් සහ ස්තෝත්‍ර දැහැන් පිළි­බඳ දැනු­ම්වත් භාව­යක් ලබා­දී­මට අද­හස් කළෙමි.

ගණදෙවි­යන්ගේ පිහිට ඉල්ලා ගණදෙවි­යන් ආම­න්ත්‍ර­ණය කරන නාම­යන් බොහෝ ඇති බව ඔබ නොද­න්නවා ඇත. විශ්වයේ සෑම අස්සක් මුල්ලක් නෑරම මෙම නාම­යන් භාවිත කර­මින් පිහිට ඉල්ලා සිදු කරනු ලබන බොහෝ පූජා­වන් ඇත. ගණ දෙවි­යන්, ගණ­පති, වල්ල­භායි ගණෝෂ, ශක්ති ගණෝෂ, බාල ගණෝෂ, වීර ගණෝෂ, පෝරම්භ ගණෝෂ, බුද්ධි ගණෝෂ, බරතී ගණෝෂ, සිද්ධි ගණෝෂ යනු­වෙන් විවිධ නාම­ය­න්ගෙන් යුත් ස්තෝත්‍ර­ව­ලින් යැදී­ම­ටත් ඒවා පාඩම් කර­ගෙන එම­ඟින් ගණ­දෙ­වි­යන්ගේ පිහිට යැදී­මෙන් බොහෝ යහ­පත් ප්‍රති­ඵල ලබා­ගත හැකිය.

ගණ­දෙවි පූජා­වක් කරන විට ප්‍රථ­ම­යෙන්ම ගණ­දෙවි නම­ස්කා­රය ගායනා කර තමන්ගේ භක්තිය විශ්වා­සය ප්‍රකාශ කිරී­මෙන් පූජාව ආරම්භ කළ හැකිය.
1. නම­ස්කා­රය - ඕං විග්ණේෂ් වරාය නමඃ
යනු­වෙන් නම­ස්කා­රය සිදු­කර ඉන්ප­සුව ගණ­පති මූල මන්ත්‍ර­යෙන් ආම­න්ත්‍ර­ණය කරන්න.
2. මූල මන්ත්‍රය - ඕම් ශ්‍රීම් ප්‍රීම් ග්ලම් ග්ලොම් යනු­වෙන් ආමා­න්ත්‍ර­ණය සිදු කර ඉන් පසු පූජාව පිළි­ගැ­නීම සඳහා ආරා­ධ­නාව කියනු ඇත. එනම්,
3. ගණ­පති ආරා­ධ­නය - ඥනේ­ශ්වර ලම්බෝ­ධර කර්ණ විල­ම්භීතං යනු­වෙන් ආරා­ධනා කර ඔබට ගයාත්‍රි මන්ත්‍ර­යක් ද ගායනා කළ හැකිය. එනම්,
4. ගයාත්‍රි මන්ත්‍රය ඕං තත්පු­රු­ෂය විද්මනේ - තත්පු­රු­ෂාය විද්මහේ වක්‍ර­තු­ණ්ඩාය ධීම­හී­ය­නු­වෙන් ගායනා කර පූජාව සිදු කළ හැකිය.

ගණ­දෙ­වි­යන් සඳහා බොහෝ අය සිදු කරනු ලබන සරල එහෙත් බොහෝ බල­වත් ගෙද­රදී ඇති ගණ­දෙවි රූප­යට පූජාව සිදු කළ හැකි මේ පූජාව ‘කලා­සම් පූජාව’ යනු­වෙන් හඳුන්වා ඇත. ඒ සඳහා ඔබ කුඩා නැවුම් කල­යක් හෝ පිත්තල සෙම්බු­වක්, අඹ කොළ 5ක්, ඇස්දෙක වැසෙන සේ මුඩ්ඩ සුද්ධ කර­ගත් පොල් ගෙඩි­යක්, සුදු සහල් ස්වල්ප­යක්, පිරි­සුදු තැටි­යක් සුදු සහ කහ­මල්, දාස්පෙ­තියා මල් මාල­යක්, තින්නෝරු හෙවත් සාම්බ්‍රානි ස්වල්ප­යක්, සින්දුර් සහ සුදු සඳුන් ස්වල්ප­යක් සූදා­නම් කර ගන්න.

කුටිය මතට සුදු සහල් අතුරා ඒ මත පිරි­සුදු ජල­යෙන් තුන් කාලක් පමණ පුරවා කලය තබන්න. එහි මුව විව­රය වටා අඹ කොළ 5ක් තැන්පත් කර (නටුව ඇතු­ළට) ඒ මත පොල් ගෙඩිය තැන්පත් කරන්න. එම පොල් ගෙඩියේ මුඩ්ඩ ප්‍රදේ­ශය තින්නෝරු ආලේප කර ඒ මත සින්දුර් ගල්වා එහි මැදට වන්නට සුදු හදුන් ආලේප කරන්න. ඉන් පසු කුටියේ ඇති කලය වටා මල් මාලාව තැන්පත් කරන්න. මෙයින් ගණ­දෙ­වි­යන්ගේ රූපය විරා­ජ­මාන වන බව හින්දු බැති­ම­තුන්ගේ විශ්වා­ස­යයි. ඔවුන් ඉතා භක්ති­යෙන් විශ්වා­ස­ය­කින් මෙම කලා­සම් සූදා­නම සිදු කරන අතර, බොහෝ හින්දු කෝවි­ල්වල මෙම පූජාව සඳ­හාම වෙන් කරන ලද පිත්තල සෙම්බු මෙන්ම කලා­ස­ම්වල අඹ කොළ සහි­තව සාදන ලද සෙම්බු ද ගෞර­ව­යෙන් තබා­ගෙන ඇත.

මෙම පූජාව ඔබට නිවෙ­සේදී මෙන්ම දෙවො­ල­කදී වුවද සිදු කළ හැකි අතර, මල් සහ බුලත් අලු­තින් භාවිත කර දින 3ක් පමණ සිදු කළ හැකිය. මෙම කලා­සම දෙපස පොල්තෙ­ල්ව­ලට ගිතෙල් ස්වල්ප­යක් මිශ්‍ර­කර පහන් වැටි දෙකක් දල්වන්න. දින 3 අව­සා­නයේ එම පොල්ගෙ­ඩිය බිඳ දේව රූපය දෙපස තබා පහන් දල්වන්න. එය කිසි දිනක පොල් ගැසීම සඳහා භාවිත නොක­රන්න. මෙය භක්ති­යෙන් විශ්වා­ස­යෙන් යුතුව සිදු කර ගණ­දෙවි පිහිට ලබා ගන්න. විශේ­ෂ­යෙන් දුවා දරු­වන්ට විශේ­ෂිත වන මෙය සෑම කරු­ණ­ක­දීම ඔබට පිහිට ඉල්ලා සිදු කළ හැකිය.

1.නම­ස්කා­රය
ඕං විග්නේ­ෂ්ව­රාය නමඃ,
ඕං සුමු­ඛායේ නමඃ,
ඕං ඒක දන්තා ඒක නමඃ,
ඕං වික­දායි නමඃ,
ඕං විග්ණ රාජායේ නමඃ,
ඕං බාල­ච­න්ද්‍රායෙ නමඃ,
ඕං වක්‍ර­තු­ණ්ඩායේ නමඃ,
ඕං ස්කන්ධ රුපායේ නමඃ,
ඕං සිද්ධි ගණ­ප­තයේ නමඃ,
ඕං සර්ව පර­මේ­ෂ්ව­රායේ නමඃ,
ඕං විග්නේ­ෂ්වර ස්වාමියෙ නමඃ.
2.ගණ­පති මූල මන්ත්‍රය

ඕම් ශ්‍රිම් හ්‍රීම් ක්ලිම් ග්ලොම් ගම් ගණ­ප­තයේ වර වරද සර්ව ජනම් මේ

3.ගණ­පති ආරා­ධ­නාව
ඥානේ­ශ්වර ලම්බෝ­ධර කර්ණ විල­ම්බීතං,
හස්තා­ධර මෝදක මූෂික වාහන නිත්‍යං,
හස්ති වක්‍රා­ධර මති ශ්‍රේෂ්ඨ දන්ත භින්නං,
පුෂ්පා­සන සම්භොගි ශ්‍රි ගණේෂ දේවං.

4.ගයාත්‍රී මන්ත්‍රය
ඕං තත්පු­රු­ෂාය විද්මහේ වක්‍ර­තු­ණ්ඩාය ධීමහී තනෝ තන්ජී ප්‍රචෝ­ද­යාත්

Comments