ජනපති ලේකම් කාර්යාලයට අයත් කෝටි ගාණක වාහන දෙක නිසා මන්ත්‍රී දෙපළකට වැඩ වරදී | සිළුමිණ

ජනපති ලේකම් කාර්යාලයට අයත් කෝටි ගාණක වාහන දෙක නිසා මන්ත්‍රී දෙපළකට වැඩ වරදී

ලිඛිත දැනුම් දීම් නොසලකා හැරලා

කුත් අරගල සමයේදී තමන්ගේ වාහන භාවිතය අනතුරුදායක බව පවසමින් හිටපු ජනාධිපතිවරයාගෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන ලබාගත් මැති ඇමැතිවරුන්ගෙන් දෙදෙනකු මේ දක්වා එම වාහන බාර නොදීම පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අංශ කටයුතු කරගෙන යයි. තව දුරටත් ඔවුන් එම වාහන ආපසු බාර නොදුනහොත් පොදු දේපළ අවභාවිත කිරීම යටතේ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වාහන දෙකෙහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 5කට ආසන්න බව පැවසේ.

 මෙසේ චෝදනා ලැබ ඇත්තේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පී. එස්. කුමාරසිරි ය.

එම වාහන වන්නේ අංක KT-7233 ටොයොටා ප්‍රාෙඩා් ලැන්ඩ් කෘෘසර් සුපිරි රථය සහ PH–4201 ටොයොටා හයිලක්ස් කැබ් රථයයි. අරගල සමයේදී බොහෝ මැති ඇමැතිවරුන් ආරක්ෂක ක්‍රියාමාර්ග වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් වාහන ලබා ගනු ලැබුවද ඉහත මන්ත්‍රීවරුන් දෙදෙනා හැර අනෙක් මැති ඇමැතිවරුන් එම වාහන ආපසු බාර දී ඇති බව ද වාර්තා වේ.

 

 

Comments