
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ පහක මිල අඩු කිරීමට ලංකා සතොස තීරණය කර ඇත. ඒ අනුව රුපියල් 175කට විකිණූ ආනයනික ලොකු ලූනු කිලෝවක නව මිල රුපියල් 150ක්ද, රුපියල් 285කට විකිණූ සුදු සීනි කිලෝවක් රුපියල් 278කටද ලබා දීමට නියමිතය.රුපියල් 185 කට විකිණූ ආනයනික සුදු කැකුළු කිලෝවක් රුපියල් 179කටද, රුපියල් 194කට විකිණූ ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 185කටද, රුපියල් 429කට විකිණූ ආනයනික රතු පරිප්පු කිලෝවක් රුපියල් 415කටද ලබා දීමට තීරණය කර ඇත. ලංකා සතොස සඳහන් කරන්නේ දිවයින පුරා ඇති සියලු අලෙවිසල් මඟින් පාරිභෝගිකයන්ට මේ භාණ්ඩ ලබා ගත හැකි බවයි.