ශ්‍රවණ උපකරණයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න... | සිළුමිණ

ශ්‍රවණ උපකරණයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න...

නොකැඩී ගලා යන කතා බහකට, ඇසීමේ අපහසුතා ඇති ඔබගේ ආදරණීයන්ගේ දායකත්වය රඳා පවතින්නේ ඔවුන් පාවිච්චි කරන ශ්‍රවණ උපකරණයේ ඇති ගුණාත්මක බව හා ඒ හා සම්බන්ධ වූ මනා කළමනාකාරීත්වය මතයි.

ඔබේ ආදරණීයන්ගේ ඇසීම රඳා පවතින ශ්‍රවණ උපකරණයක් තෝරා ගැනීමේ දී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? ඇත්ත වශයෙන්ම ඔබ එය මිල දී ගන්නා මුදලට සරිලන නිසි සේවාවක් ලැබේද ?

ඔබ උපකරණයක් මිල දී ගනී නම්, එහි සන්නාමය හා තාක්ෂණික මට්ටම දැනට ලොව පිළිගත් එකක්දැයි සොයා බැලීම වැදගත් වේ. ඔබ විදෙස් රටක දී ශ්‍රවණ උපකරණයක් මිලට ගැනීමට බලාපොරොත්තු වේ නම්, එවැනි ඇතැම් සන්නාම සඳහා වෙනත් රටවල දී නියෝජිත අලෙවිකරුවන් හා සේවා සපයන්නන් සුලබව සිටිය ද මෙරට තුළ දී එම සන්නාමයේ ශ්‍රවණ උපකරණ සඳහා සේවා සපයන්නන්, අමතර කොටස් ඇතිද යන්නත් සොයා බැලීම වැදගත් වේ. ඇතැම් විට එලෙස මිල දී ගත් උපකරණ නිසි කලට නිසි ලෙස නඩත්තු හා සේවා කරගැනීමට නොහැකිව ඔබගේ කාලයත් මුදලත් නිකරුණේ විනාශ වී යන අවස්ථා ඇත. එනිසා, අදාළ සන්නාමය යටතේ එන ශ්‍රවණාධාර සඳහා දේශීය නියෝජිතයන් වෙත ඔබට පහසුවෙන් ළඟා විය හැකිද යන්න සොයා බැලීම ඉතා වැදගත් කරුණක් වේ.

ශ්‍රවණ උපකරණයකට යම් කිසි වගකීමක් හිමි වේද? එලෙස හිමිවන වගකීම කුමන කරුණු සඳහා බලපායිද? යන්න සොයා බැලීම ද ඉතා වැදගත් වේ.ඔබ මිල දී ගන්නා ශ්‍රවණ උපකරණය සඳහා පිළිගත් ආයතනයක් මඟින් හිමිවන පිළිගත් වගකීමක් ඇති නම්, ශ්‍රවණ උපකරණයේ ඇතිවිය හැකි නිෂ්පාදක දෝෂ සඳහා ඔබ බිය විය යුතු නැත.

ඉහත සඳහන් සියලූ සේවාවන් ලබාගත හැකි ලංකාවේ එකම සහ ප්‍රමුඛතම ආයතනය ලෙස විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් ආයතනය වසර ගණනාවක් තිස්සේ මෙරට ශ්‍රවණ සෞඛ්‍ය සේවයේ ප්‍රමුඛයන් ලෙස ශ්‍රවණ සෞඛය සේවා සැපයීමට දායක වී තිබේ. තවදුරටත් නොකඩවා එම සේවාව ලබා දීමට සූදානම්ව සිටියි.

Comments