මම මුලින්ම එයාගෙ බොරුවට රැවටුණා | Page 2 | සිළුමිණ

මම මුලින්ම එයාගෙ බොරුවට රැවටුණා

මට වඩා  උස අය තමයි ආදරේ  ඉල්ලගෙන  ආවේ

ආදරේ  මුවාවෙන්  මාව පාවිච්චි  කරන්න  ආපු අයත්  ඉන්නවා

 

රඟන්න වගේම නටන්න දක්ෂ ඈ රංගනයෙන් දායක වූ මුල්ම සිනමා සිත්තම වූ රෂ් චිත්‍රපටයෙන් ජනතාව අතරට ගියා. පුළුල් තිරයට වැඩි දායකත්වයක් ලබා දෙන ඈ නමින් අසංකී ද සිල්වා.

 

අසංකිට මේ දවස්වල චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගෙන් කරදර කියලා ආරංචියි, මොකක්ද ඒ කතාව..?

ළඟදි දවසක මට චිත්‍රපටයක් කරන්න ආරාධනාවක් ලැබුණා. ඔහු සඳහන් කළා නමක්. නමුත් ඒ නම බොරු නමක්. නමුත් ඔහුගේ ඡායාරූප මා ළඟ තියෙනවා. ඔහු හරිම වැදගත් විදිහට මට කතා කරලා කිවුවා චිත්‍රපටයක් කරන්න සූදානම් වෙනවා එයට ආරාධනා කරන්න කෝල් කළේ කියලා . චිත්‍රපටය ගැන කිවුවා. ඒ ඇමතුම දිගින් දිගටම එනවා. ඔහු කියන්නේ ඔහුව මුණගැහිලා ඒ ගැන කතා කරන්න එන්න කියලා. මම මුලින්ම ඔහුගෙ බොරුවට රැවටුණා. නමුත් කතා කරද්දී තේරුණා ඔහු එන්නේ වෙන පොටකට කියලා. ඊට පස්සේ මම ඔහුව මඟ හැරියා. තවත් කරදර කළොත් මම ඔහුගේ ඡායාරූප එක්ක ෆේස්බුක් දාන්න ඉන්නේ. නවක කෙනකුට ඒ වගේ ආරාධනා ආවොත් අනිවාර්යයෙන්ම ඔහුව මුණගැහෙන්න යනවා. ඒ නිසා මේ වගේ බොරුකාරයින්ගෙන් බේරෙන්න කියලා කියන්න ඕන.

 

ඇත්තටම ඔබටත් ක්ෂේත්‍රයේ හෝ වෙනත් පාර්ශ්වයන්ගෙන් අයුතු යෝජනා ඇවිත් තියෙනවා ද..?

ක්ෂේත්‍රයට එන මුල් කාලේ තමයි ඔය වගේ බලපෑම් එන්නේ. නමුත් එදා ඉඳලම අද වෙනකල් මම අම්මා එක්ක තමයි කොහේ ගියත් යන්නේ. ඒ නිසා ඒ වගේ බලපෑම් මට ඇවිත් නැහැ . සමහර විට ඒකට හේතුව අම්මා මාත් එක්කම ඉන්න එක වෙන්න පුළුවන්

 

ඔබේ ජනප්‍රියත්වය පාවිච්චි කරන්න උත්සාහ කළ අය ඉන්නවද..?

ආදරේ මුවාවෙන් මාව පාවිච්චි කරන්න ආපු අය ඉන්නවා. ඒක මට දැනිලා තියෙනවා . ඒ වගේ අවස්ථාවන්වලදි ඒවා මඟ හැරපු එක තමයි මම කළේ.

 

ඔබේ උස අඩි පහයි අඟල් දහයයි. ආදරේට උස බලපාලා නැද්ද ..?

තවම නම් උස බලපාලා නැහැ ආදරේට. මට වඩා උස අය තමයි මගෙන් ආදරේ ඉල්ලගෙන ඇවිත් තියෙන්නේ.

 

කී දෙනකුට ඔබ පෙම්වතිය වෙලා තියෙනවද..?

කිහිප දෙනකුට ආදරේ කරලා තියෙනවා. දැන් නම් තනිකඩව ඉන්නේ.

 

අසංකි ජනප්‍රිය වෙද්දී ආදරෙන් ඈත් වුණා ද..?

මම බලාපොරොත්තු වෙන ආදරේ මට ලැබුණොත් මම ඒක මගේ ජීවිතේට බාධාවක් කර ගන්නේ නැහැ. ජනප්‍රියත්වය නිසා ආදරේ අතෑරියේ නැහැ . ආදරේ කරද්දී හොඳ වගේම නරක පේනවා වැඩියි. නොගැළපීම් නිසයි ඒ බැඳීම්වලින් ඉවත් වුණේ.

 

අලුත් නිර්මාණ ගැන කිවුවොත්..?

උදාර පල්ලියගුරුගේ නිර්මාණය කළ ජිගාලෝ කියන චිත්‍රපටයට සම්බන්ධ වුණා. තව එකකට ආරාධනා ලැබුණා. රටේ ප්‍රශ්න එක්ක ඒක කරයිද දන්නේ නැහැ. චන්න පෙරේරාගේ යුගාත්‍රා චිත්‍රපටයත් එන්න නියමිතයි.

 

ඇයි ටෙලි නාට්‍යවල නැත්තේ..?

චිත්‍රපට අධ්‍යක්ෂවරු කැමති නැහැ නිතර පේන මුහුණු සිනමාවට ගේන්න. ඒ නිසා මම මෙගා නාට්‍යවලට යන්නේ නැහැ කියලා හිතුවා. ලස්සන කෙටි නාට්‍යයක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.

 

ජනප්‍රිය වුණේ හිරු මෙගා ස්ටාර්ස් නිසාද..?

රෂ් චිත්‍රපටය නිසයි මම ජනතාව අතරට ගියේ. මම නටන එක නතර කරේ උසස් පෙළ කරද්දී . ඊට පස්සේ තමයි හිරුත් එක්ක එකතු වෙලා ආයෙත් නටන්න පටන් ගත්තේ. ඒ නිසාත් ජනතාව මාව අඳුරගත්තා.

Comments