
සැමදා නියං එකදා වැහි වලාවේ යැයි කතාවක් ඇත. අප දැන් පසුවන්නේ නිරිත දිග මෝසමේ අග කාලයේය. නිරිත දිග මෝසම ක්රියාක්මක වන්නේ මැයි මාසයේ සිට සැප්තැම්බර් දක්වාය. ඒ අතර කාලයේ ඇතිවන මහ වැසි නිසා මහජනතාවට සිදුවන පීඩාද සුළු පටු නැත.
මෙරටට ආසන්න පහල වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභායක් ගැන කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව අවධානය යොමු කරන්නේ පසුගිය 30 වැනිදා සිටය.
එම හේතුව නිසා මෙරට බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අහස වලකුළුවලින් බර විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නිවේදනය නිකුත් කර තිබුණේ අගෝස්තු 31 වැනිදාය. ඒ වනවිටත් රටේ බොහෝ තැන්වලට වර්ෂාව ලැබෙමින් පැවතිනි.
මේ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු පළාත ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබිණි.
මීට අමතරව එම දෙපාර්තමේන්තුව සඳහන් කළ අන්දමට අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මිලිමීටර් 100ක තරම් තද වැසි ඇති විය හැකි බවටද පුරෝකතනය කෙරිණි.
මේ අතර 31 දා උදෑසන 6 වන විට පැය 24 කාලයක් ඇතුළත රටේ ප්‍රදේශ රැසකින් මහ වැසි වාර්තා විය. ගාල්ල සහ කලුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවු වර්ෂාපතනයක් ලැබී තිබිණි.
ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ලට මිලිමීටර් 192 වර්ෂාපතනයක් ද බුස්සට මිලිමීටර් 148 ක් හියාරේ 119ක් කලුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවරට 122 වශයෙන් වර්ෂාව ලැබී තිබිණි.
ගංගා 6ක් ආශ්‍රිතව ගංවතුර අවධානමක් ඇති විය හැකි බවට ඒ වනවිටත් පුරෝකතනය කැරිණි. මහවැලි ඇතුළු ගංගා 6න් ජල මට්ටම් ඒ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල මගින් නිරික්ෂණය කැර තිබිණි. පුත්තලම සහ මන්නාරම නගරවලට ගංවතුර තර්ජන ඇති විය හැකි බවටද පුරෝකතනය කෙරුණේ 30 වැනිදාය.
අත්තනගලු ඔය නිල්වලා ගිංගඟ ඉහළ ප්‍රදේශවල වෙසෙන ජනතාව ගංවතුර තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ 31 වැනිදාය.
ඉන් අනතුරුව අධික වර්ෂාව හට ගැනීමත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික් 7කට නාය යෑමේ රතු නිවේදන නිකුත් කළේය. නුවරඑළිය, රත්නපුර, ගාල්ල, මාතර, කොළඹ, කෑගල්ල, මහනුවර, මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27කට මෙසේ නාය යෑමේ රතු නිවේදන නිකුත් කෙරිණි.
කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා රත්නපුර ඇතුළු ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකම පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් උද්ගත විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ වන විටත් අනතුරු හඟවා තිබිණි.
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම යක්කලමුල්ල කලුතර දිස්ත්‍රිකයේ බුලත්සිංහල, පාලින්ද නුවර සහ වලල්ලාවිට රත්නපුර දිස්ත්‍රිකයේ ඇලපාත, කුරුවිට, නිවිතිගල, ඇහැලියගොඩ, කහවත්ත, පැල්මඩුල්ල, කිරි ඇල්ල, කලවාන, අයගම සහ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, මහනුවර දිස්ත්‍රිකයේ උඩුදුම්බර කෑගල්ල දිස්ත්‍රිකයේ දෙහිඕවිට, යටියන්තොට, දැරණියගල සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨසවල ප්‍රධාන ගංගා දෙපස පහත් බිම්වල පදිංචිකරුවන්ට එසේ අනතුරු හැඟවිනි. මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරලය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් නාය යෑමේ අනතුරු දායක තත්ත්වයට මුහුණ පා සිටින ප්‍රදේශවල ජනතාවද දැනුම්වත් කැරිණි. ඒ වන විටත් කඳු ආශ්රිත ප්‍රදේශවල යම් තරමක වර්ෂාවන් පැවැති අතර කඳුකරයේ පදිංචි ජනතාව සහ මේ ප්‍රදේශවල මාර්ග භාවිත කරන අයගේ දැඩි අවධානය යොමු කැරුණේ ඒ සමගය. කඳු සහ නාය යාමේ අවධානම ඇති ස්ථානවල රැදී සිටින ජනතාව අවශ්‍ය වුවහොත් ආරක්ෂක ස්ථානවලට ගමන් කළ යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් අවධාරණය කර තිබිණි.
කළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට 31 වැනිදා ධාරාණිපාත වර්ෂාව ඇද හැලිනි. මේ හේතුව නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, පැල්මඩුල්ල, අයගම, කුරුවිට සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨස බල ප්‍රදේශවල පහත් බිම් කලු ගඟ ගැලීම නිසා ජලයෙන් යට විය.
සැප්තැම්බර් 01 සහ 02 දෙදින අත්තනගලු ඔය, කැලණි, කළු, නිල්වලා සහ මහවැලි ගංගාවල ඉහළ කොටසේ සහ දැදුරු ඔය පහල ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා සහ ආපදා කළමණාකරන අධ්යක්ෂ එස්.ජී.ඩී සුගීෂ්වර සඳහන් කෙළේය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශයේ ගේට්ටු 04 ක් විවෘත කර තිබීම නිසා ඉන් තත්පරයට ඝන අඩි 1400ක ජල ධාරිතාවකින් ජලය මුදා හැරිණි. 31 වැනිදා සවස්වන විට කලුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රදේශයේ මාර්ග කිහපයක් ජලයෙන් යටවිය.
මේ අතර බදුල්ල දිස්ත්රිකයටද ඇඳ හැලෙන ධාරණීපාත වර්ෂාව නිසා මාර්ග කිහිපයකට පස් කඳු සහ ගල් පෙරළී වාහන ගමනාගමනයට බාධා ඇති විය.
අධික වර්ෂාවත් සමග බදුලු ඔයේ ජල මට්ටම ඉහළ නැගිණි. බදුලු ඔය අවට සිටි අයට ආරක්ෂා වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් විසින් දැනුම් දී තිබිණි. 30 වැනිදා සිට ඇදහැලෙන වර්ෂාවත් සමග බදුලු ඔයේ ජලමට්ටම ඉහළ යෑමත් සමග නිවාස කිහිපයක් ජලයෙන් යට වු අතර ඇතැම් දෙමහල් නිවාසවල පහත මාලයේ තිබූ බඩු භාණ්ඩ ඉහළ මාලයට ගෙන යෑමට නිවැසියන් පියවර ගෙන තිබිණි.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ජල පෝෂක ස්ථානවලට අගෝස්තු 31 දා සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා 01 දා අලුයම නෝටන් බ්‍රිජ්, ලක්ෂපාන සහ පොල්ගොල්ල වාන් දොරටු විවෘත කෙරිණි.
නෝටන් බ්‍රිජ්, විමලසුරේන්ද්‍ර ජලාශයන්ද 01 දා සිට වාන් දැමීමට පටන්ගෙන තිබිණි. ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කැරෙන්නේ ඒ අනුවය. මහනුවර, පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටුද විවෘත කැරෙන්නේ ඉන් අනතුරුවය.
කලුතර දිස්ත්‍රිකයේ කලුතර බුලත්සිංහල වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රදේශ රැසක්ද ජලයෙන් යටවිය. බුලත්සිංහල, කලවැල්ලාව, වරාගොඩ, දියකටුව මාර්ගයේ ගල් අග්ගල පාලම අසලින් අඩි 4ක් පමණ ජලයෙන් යටවිය කුකුලේ ගඟ වාන් දොරටු 3ක් ද විවෘත කෙරිණි.
බුලත්සිංහල මෝල්කාව මාර්ගය දඔල හන්දිය 01 දා උදෑසන වන විට අඩි 07 ක් පමණ ජලයෙන් යටවිය. කළුතර දිසාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකම මාර්ග ජලයෙන් යටවිය.
බලංගොඩට ඇඳ හැලුණු ධාරාණිපාත වර්ෂාව නිසා වලේබොඩ, පැනිපංගුව, පෙට්ටිය ඉහළ කොටස, ගොරකැටිය, කිරිඳිගල, රාස්සගල, හැරමිටි ගල ප්‍රදේශවලට නාය යෑමේ අවදානම් තත්ත්වය ගැන අනතුරු හැඟුවුණු අතර එම ප්‍රදේශ මීදුමෙන් වැසී තිබිණි. ගිං ගගේ ජලමට්ටම වැඩි වී බද්දේගම අවට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය. ගිංගඟ පහල නිම්නයට අයත් ඕපාත, ගෝළුවාගොඩ, වක්වැල්ල, මීපාවල, පාදෙණිය ප්‍රදේශ ජලයෙන් යටවිය.
කළුතර දිසාවේ නිවාස 21 ක්ද ජලයෙන් යටවිය. අවතැන්වු පුද්ගලයන් සංඛ්‍යාව 70කි. පාලින්දනුවර ප්‍රදේශීය ආපදා තත්ත්වය වැඩි විය.
ආපදා තත්ත්වය හේතුවෙන් සැප්තැම්බර්01 දා වන විට පවුල් 275ක පුද්ගලයන් 1050 දෙනකු අවතැන්ව සිටියහ. රත්නපුර, මොනරාගල, ත්‍රිමලේ, මඩකලපුව, බදුල්ල, අනුරාධපුරය, පුත්තලම, කොළඹ, කළුතර හානි වු නිවාස ගණන 71කි.
සැප්තැම්බර් මාසයේ 01 වැනිදා උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 දී මිලිමිටර් 247 ක වැඩිම වර්ෂාවක් ලැබී තිබුණේ රත්නපුරයටය. රත්නපුර දිස්ත්‍රික්කයේ කෑරගලට මිලිමීටර් 244 ගුරුළුපොත 237 ක් ගිලිමලේ 217.5 ක් ද කලුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර මිලිමීටර 209 ක් මීගහතැන්න 187.5 ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත් කොහුපිටියට මිලිමීටර 149. 5ක් ගාල්ල කහදූවට මිලිමීටර 145.5ක් කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවෙල්ලට මි.මි. 116.5 ක් යාපනයට මිලිමීටර 85 වශයෙන් වැසි ලැබී තිබිණි.
නිකවැරටිය හරහා හමාගිය සුළඟකින් ග්‍රාම නිලධාරි වසම් 2ක නිවාස 9කට බරපතළ හානි සිදුවී තිබුනේ 31 වැනිදාය.
කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක
මේ ගතවෙන්නේ නිරිතදිග මෝසමේ අග කාලය, සාමාන්‍යයෙන් නිරිත දිග මෝසම මැයි - සැප්තැම්බර් දක්වා පවතිනවා. එහෙත් මේ ඇති වුණු වර්ෂාවට හේතුව එයමත් නොවේයි මා කලින් කීවා වගේ මෙරට ආසන්න පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයයි.
මේ වර්ෂා තත්ත්වය බ්‍රහස්පතින්දා (01) සිතූ පරදි යම් තරමකට අඩු වුවත් සෙනසුරාදා (3) සහ විශේෂයෙන් ඉරිදා (4) දින වන විට වැඩි වීමට ඉඩ ඇති වර්ෂා තත්ත්වය ලබන සතියේ 07- 08 වන විට පහව යා හැකිය.