පියුමි ශ්‍රීනායක කියන්නේ ඉතාම ජනප්‍රිය, සුරූපී රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යවල සැරිසරන්නන්ට නම් ඇගේ රුව අහම්බයක් නෙවෙයි. පසුගිය දිනවල මනාලියක ලෙස සැරසුණු පියුමිට ලැබුණේ අසීමිත ප්‍රතිචාරයක්. එය බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වීමට හේතුව වුණේ පියුමි විවාහ වෙලාද යන ප්‍රශ්නයත් එක්කයි.
“මං මනාලියක වගේ සැරසිලා බ්‍රයිඩ්ල් ෂූට් එකක් කළා. ඒක සෝෂල් මීඩියාවල බොහෝ ප්‍රතිචාර ලබමින් සංසරණය වුණා. පියුමි විවාහ වෙලාද, කා එක්ක ද කියලා බොහෝ දෙනෙක් හොයන්න පටන් ගත්තා. ඒක නිකන් බ්‍රයිඩ්ල් ෂූට් එකක් විතරයි. සෝෂල් මිඩියාවල හොඳ පැත්ත වගේම ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන අවස්ථාත් තියෙනවා. එක සැරයක් මං තඹුත්තේගම ෂූටින් කරද්දී කළු පාට ඇඳුමක් ඇඳන් රුවන්වැලි සෑයට ගියා. එදා සුදු ඇඳුම් අරන් ගිහින් තිබුණේ නැහැ. ඒ ඡායාරූප සමාජ මාධ්‍යවලින් සෑහෙන විවේචන කරලා තිබුණා. ඒ වෙලාවෙ මිනිස්සු දැක්කෙ මං පන්සල් ගිය එකවත්, මල් පූජා කළ එකවත් නෙවෙයි. කළු ඇඳන් ගිය එක. මං නම් හිතන්නේ ඇඳුම වැදගත් නෑ. හිත පිරිසුදු නම් ශ්‍රද්ධාව තියේ නම් එච්චරයි.”
ඒ වගේම ෆේස්බුක් එකේ මං දාපු පින්තූරයක් දැකලා තමයි මට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙත්. ‘අරුමවන්තිය’ තමයි මගේ පළවෙනි ටෙලි නාට්‍යය. පොඩි කාලේ ඉඳන්ම ආසාවක් තිබුණා රඟපාන්න. වෙළෙඳ දැන්වීම්වලට පෙනී හිටියා. මුල්ම කාලේ මියුසික් වීඩියෝවලට සම්බන්ධ වුණා. අරුමවන්තියගෙන් පස්සේ සඳ පිනි වැස්ස, නීලපබළු, වෙස්, දාම්, අහස් මාලිගා වගේ ටෙලි නාට්‍ය ගණනාවකටම සම්බන්ධ වුණා. පාර දිගේ නාට්‍යයේ රුක්ෂානා ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු චරිතයක්.
මං ක්ෂේත්‍රයට ආවේ රංගනය ගැන හැදෑරීමක් කරලා. රංගනය පිළිබඳ වර්ක්ෂොප්වලට සහභාගී වුණා. අතුල ජයසිංහගෙන් වොයිස් ට්‍රේනින් කළා. ජයන්ත චන්ද්‍රසිරි මහතා යටතේ හැදෑරීම් කළා. අනෝජා වීරසිංහයන්ගේ වැඩමුළුවලට සම්බන්ධ වුණා. සුදත් සමරකෝන් යටතේත් රංගන පාඨමාලාවක් හැදෑරුවා. ඒ ඇරුණම අනෙක් රටවල්වල චිත්‍රපට, ටෙලි නාට්‍ය නිතර බැලුවා. ඒවායේ නළු නිළියන්ගේ භාව ප්‍රකාශයන් අධ්‍යයනය කළා.
මේ වෙනකොට මට විවිධාකාර චරිත ලැබිලා තියෙනවා. අපි හැමදාම කළේ කාන්තාව එදිනෙදා ජීවිතයේ අත්විඳින දේ පාදක කරගත් චරිත. ඒත් මං කැමතියි ඉන් ඔබ්බට යන චරිතයක් කරන්න. අන්ධ කෙනෙකුට නැත්නම් කතා කරන්න බැරි කෙනෙකුට දැනෙන හැඟීම් වගේ වෙනස් දෙයක් කරන්න.
සනත් ගුණතිලක වගේ ප්‍රවීණයෙක් යටතේ පළමු සිනමා අත්දැකීම ලබාගන්න ලැබීමත් ආධුනික රංගන ශිල්පිනියකට මහඟු අත්දැකීමක්. ඔහු අධ්‍යක්ෂණය කළ ‘ගැහැනු’ චිත්‍රපටයෙන් තමයි සිනමා ප්‍රේක්ෂකයින්ට මාව හඳුන්වා දෙන්නේ. දෙවැනි සිනමා නිර්මාණයත් ඔහුගේම එකක්.”
පියුමි ශ්‍රීනායක කියන්නේ ඉතාමත් පැහැපත් පෙනුමක් ඇති ආකර්ෂණීය යුවතියක්. ඒ සුන්දරත්වය රැකගන්න බාහිර ආලේපයන් පමණක් ප්‍රමාණවත් නොවන බවයි ඇගේ අදහස.
“නිළියක් කියන්නේ නිතරම ලස්සනට ඉන්න ඕන කෙනෙක්. ඕනෑම කෙනෙකුගේ ඇස් නතර වෙන්නේ කෙනෙකුගේ රූපය ළඟ. නිළියකුගේ බාහිර සුන්දරත්වය කියන්නේ ප්‍රේක්ෂක සිත ඇදගැනීමේ අඳුනක්. ඒත් බාහිර ආලේපවලින් සුන්දරත්වයක් ලැබුණත් ඒක දිගුකාලීන නෑ. සුන්දරත්වය හැමදාම තියාගන්න නම් හිත පිරිසුදු වෙන්න ඕන. ඊර්ෂ්‍යාව, තරහ කියන්නේ හතුරෝ. අපේ හිත ලස්සනයි නම් පිරිසුදුයි නම් ඒක අපිට ආශීර්වාදයක් වෙලා නිකන්ම ලස්සන වෙනවා. ඒ ලස්සන හැමදාමත් තියෙනවා. ඒක මං අත්දැකපු සත්‍යයක්.”
ගැළපෙනම කෙනෙක් හමුවුණොත් පමණක් විවාහ වීමේ අදහසින් ඉන්න ඇය ආදරය දකින්නෙත් ටිකක් වෙනස් විදියකට.
“බැඳීම් කියන්නෙ දුකක්. මං ඉගෙන ගත්ත දෙයක් තමයි අපි කොතරම් ආදරේ කරන දෙයක් වුණත් අපිට ලැබෙන්නෙ හිමිකමක් තිබුණොත් විතරයි. ඒ වගේම දෙයක් හිමිවෙන්න තියේ නම් ඒක හිමිවෙයි. මං පින් දහම් කරන්නත් ආසයි. ජීවිතේ එන්ජෝයි කරන ගමන්ම ඒ වගේ වැඩවලටත් සම්මාදන් වෙනවා. එක පාරක් මං රුවන්වැලි සෑයට නෙළුම් මල් ලක්ෂයක් පූජා කළා.
මේ දවස්වල සන්දේශ් බණ්ඩාරගේ අලුත්ම ටෙලි නාට්‍යයේ වැඩකටයුතුත් එක්ක පොඩ්ඩක් කාර්යබහුල වෙලා හිටියෙ. ඒකේ මුහුරත් උලෙළ පසුගිය 25 වැනිදා තිබුණා. මං ප්‍රධාන චරිතය කරන වෙනස්ම කතාවක්. තිර රචනය දැක්ක ගමන්ම මං කැමති වුණා. මං ආසාවෙන් හිටිය චරිතයක්. කොස්ටියුම්, ලොකේෂන් ඔක්කොම ලස්සනයි. ඒකෙ නම ‘පිනෝකියෝ’. සම්පූර්ණයෙන්ම රූගත කිරීම් ඉතාලියේ. සන්දේශ්ගේ පළමු ටෙලි අධ්‍යක්ෂණය වගේම පිටරටක මං කරන පළමු එකත් මේක. ‘පිනෝකියෝ’ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගනීවි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.”