
මේෂ - අධ්‍යාපනය ලබන දරුවන්ට සුභයි
ඔබගේ කේන්ද්‍රයේ සතුරු ස්ථානය වන 6 වැන්න සහ 7, 8 යන භාවයන් මතින් සඳු ගමන් ආරම්භ කරන බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්ය. රැකියා හා ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන හිමි වුවත් වැය පක්ෂය වැඩිවෙන අතර, ගෘහ ජීවිතයේ හැල හැප්පීම් පෙනෙන්නට ඇත. සතුරු කරදර, අසනීප, කලකිරීම් ඇතිවේ. අධ්‍යාපනය ලබන දුවා දරුවනට නවතාවයකින් ප්‍රබෝධයකින් ඉගෙනුම් කටයුතුවල නියැළීමට පුළුවන. සතිය ආරම්භයේ බෝමළුව පිරිසුදු කිරීමට හැකි නම් අපල අවම වේ.
අය 11, වැය 08, සුබ අංකය 04, සුබ වර්ණය රතු , සුබ දවස අඟහරුවාදා
වෘෂභ - ගෘහ ජීවිතය සාමකාමී වේ
සඳු ගමන් ආරම්භ කරනුයේ 5, 6 සහ 7 වැන්න මතිනි. ඒ අනුව ඔබගේ කටයුතු සඵල වීමට හැකියාව මුල් දින දෙක තුළ පවතී. දරුවන්ගේ අධ්‍යාපනික පසුබිම යහපත් වේ. ගෘහ ජීවිතය තුළ සාමකාමී බව ඇත. රැකියා අංශවලින් අත මිට මුදලක් ගැවසේ. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ කොඳු ඇට පෙළේ වේදනා සහ ගර්භාෂය සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකි බැවිනි. සතුරු කරදර පැමිණිමට ද ඉඩ ඇත. කල්පනාවෙන් කටයුතු කරන්න. තිරිසන් සතුනට ආහාරපාන දෙන්න.
අය 7 , වැය 5 , සුබ අංකය 06, සුබ වර්ණය ක්‍රීම්, සුබ දවස සිකුරාදා
මිථුන - මවු පාර්ශ්වයෙන් උපකාර
සඳු ගමන් ආරම්භ කරන්නේ සිවු වැන්න 5 වැන්න සහ 6 වැන්න මතිනි. ගෘහ ජීවිතයේ සාමකාමී බව නිවෙස් අලුත්වැඩියාව, මවු පාර්ශ්වයෙන් උදවු උපකාර ලැබීම ආදිය පෙනෙන්නට ඇත. දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යෑමට ණැන නුවණ පහල වේ. රැකියා සහ ව්‍යාපාරික අංශවල දියුණුවත් පෙන්වන අතර හෘදය සම්බන්ධ සහ තුනටියෙන් පහල වේදනා මතු කරයි. ඔබට හැකිනම් වස් කාලය පැවැත්වෙන දිනවල භික්ෂුන් වහන්සේලාට ඔසු කැඳ පානයක් පිළිගන්වන්න.
අය 5, වැය 3 , සුබ අංකය 5, සුබ වර්ණය කොළ, සුබ දවස සිකුරාදා
කටක - සහෝදරයන්ගෙන් උදවු උපකාර
සඳු ගමන් කරන්නේ 3 4 සහ 5 වැන්න මතින්ය. සහෝදරයන්ගේ උපකාර හිමිවෙන, තම සහජ දක්ෂතා මතුවෙන සතියකි. ලැබීම් අතින් යහපත් වේ. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ හිමිකර දෙයි. ගෘහ ජීවිතයේ ගැටලු පැන නැඟුණත් ඒවා කල් නොපවත්වයි. ඉවසීමෙන් සාමකාමී බව රඳවා ගත හැකි බුද්ධිය ඔබ සතුය. හැකියාව ඇතොත් දුප්පත් දරුවකුට පාසල් උපකරණයක් තෑගි කරන්න. අය 8, වැය 5, සුබ අංකය 07, සුබ වර්ණය සුදු, සුබ දවස සඳුදා
සිංහ - ආදායම් මාර්ග වැඩිවෙයි
සඳු ගමන් කරන්නේ දෙවැන්න, තුන් වැන්න සහ සිවුවැන්න මතිනි. නිවෙසේ පදිංචි ස්ථානයේ දියුණුවට අවශ්‍ය සැලසුම් සාදයි. ස්වොත්සාහයෙන් තම හැකියාව දක්ෂතාව පෙරටුකොට ආදායම් මාර්ග උපයාගනී. අන්‍ය උපකාර ද බලාපොරොත්තු නොවේ. එහෙත් වචන ප්‍රකාශ කිරීමේදී දෙවරක් සිතන්න. හිතවතුන් අමනාප විය හැකි බැවින් ගෘහ ජීවිතය සාමයෙන් ගෙවෙයි. වියදම් වැඩිවෙයි. දුවා දරුවනට අධ්‍යාපනික පසුබිම හොඳ අතට හැරෙයි. හෘදය සම්බන්ධ රෝග, සෙම් රෝග සහ උරහිස් වේදනා මතුවීමට පුළුවන. අසරණ මහලු මවකට උදේ ආහාර වේලක් දීමට හැකි නම් අපල අවම වේ. අය 7, වැය 4, සුබ අංකය 01, සුබ වර්ණය රතු, සුබ දවස ඉරිදා
කන්‍යා - රැකියාවෙන් දියුණුව සැලසේ
සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතයේ සමගිය, සමාදානය පෙන්වන අතර ධනය හිඟ නොවී පවතී. රැකි රක්ෂාවලින් ආදායම් සුබ වේ. දරුවන්ගේ ඉගෙනුම් කටයුතු නිසි ලෙස කරගෙන යෑමට හැකි වාතාවරණයක් සැලසේ. සහෝදර පිරිස්වල උපකාර හිමිවෙයි. දියර වර්ග ආශ්‍රිත රැකියාවන්හි නිරත අයට වැඩි සුබඵල හිමිවෙයි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ ගෙල හා උරහිස් ආශ්‍රිතව ද සෙම් රෝග ද ඇති විය හැකි බැවිනි. කිරි මවු කෙනෙකුට උදවු උපකාර කළ හැකි නම් අපල අවම වේ.
අය 5, වැය 3, සුබ අංකය 5, සුබ වර්ණය කොළ, සුබ දවස බදාදා
තුලා - ප්‍රීතිමත් ගෘහ ජීවිතයක්
ඔබගේ කේන්ද්‍රයේ සඳු ගමන් ගන්නේ 12 වැන්න ලග්නය හා දෙවැන්න මතිනි. සතිය ආරම්භය එතරම් සුබදායි නොවුණත් ඉන්පසුව ආර්ථික ශක්තිමත් වන ලකුණු පෙනෙන්නට ඇත. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. ස්ත්‍රි පක්ෂයෙන් උදවු උපකාර හිමිවේ. දුවා දරුවන්ට අධ්‍යාපනය සඳහා වියදම් යෙදුණත් ඔවුන් ඒවායින් නිසි ප්‍රතිඵල ලබයි. අන් අය සමඟ ගනුදෙනු කිරීමේදී වචනය ගැන පරෙස්සම් වන්න. සත්‍යවාදී වීම, පොරොන්දු නිසි ලෙස ඉටු කිරීම ඔබ අතින් සිදු නොවුණහොත් විශ්වාසය පළුදු වෙයි.
අය 7, වැය 5, සුබ අංකය 06, සුබ වර්ණය ක්‍රීම් සහ සුදු, සුබ දවස් සිකුරාදා සහ බදාදා
වෘශ්චික - ලැබීම්වලට වාසනාව ඇත
ඔබගේ කේන්ද්‍රයේ සඳු ගමන් කරන්නේ 11, 12 සහ ලග්න මතිනි. ලැබීම් අතින් සතුටුදායක බවක් සතිය ආරම්භයේ දක්නට ලැබෙයි. ගෘහ ජීවිතයේ සතුට සැනසීම මෙන්ම චිත්ත ධෛර්යෙන් යුතුව කටයුතු කරයි. දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපනික කටයුතු හොඳින් සිදු කෙරෙන අතර, ඔවුන්ගේ දස්කම් දැක සතුටුවෙයි. රැකියා සහ ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වෙයි. සෙම් රෝග, පා ඇඟිලිවල වේදනා හිසරදය ඇතිවේ. වස් කාලයේ බෝධි පුජාවන්ට සහභාගි වෙමින් අපල අඩු කරගන්න.
අය 11, වැය 7, සුබ අංකය 2,4 ,සුබ වර්ණය රතු , සුබ දවස් ඉරිදා, අඟහරුවාදා
ධනු - මිල මුදල් ලාභ
ඔබගේ කේන්ද්‍රයේ සඳු ගමන් කරන්නේ 10,11 සහ 12 වැන්න මතිනි. ආදායම් හා ලාභ ප්‍රයෝජන හිමිවෙයි. අවිවේකය බල පවත්වයි. පිය පාර්ශ්වයෙන් උපකාර හිමි වීමට පුළුවන. ගෘහ ජීවිතයේ සතුට, සැනසීම පවත්වාගෙන දුවා දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලටද නොමඳ සහායක් දෙන බව දැක්වෙයි. ප්‍රධානීන්ගෙන් ප්‍රශංසා හිමිවෙයි. තවම ඒරාෂ්ටකය අවසන් වී නොමැති බැවින් වියදම් පක්ෂය ඉහළ යෑම පෙර සේම පවතී. උදර රෝග, බඩ පුරවා දැමීම, පිත් රෝග මෙන්ම සෙම් රෝග ද හටගත හැකිය. කහ පාටට හුරු බෙලිමල්, රණවරා වැනි ඔසු පැන් ගිලනුන්ට හා ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න.
අය 5, වැය 3, සුබ අංකය 05, සුබ වර්ණය කහ, සුබ දවස බ්‍රහස්පතින්දා
මකර - ඥාති හිතවතුන්ගෙන් උදවු උපකාර
ඔබගේ කේන්ද්‍රයේ සඳු ගමන් ගන්නේ 9, 10, 11 වැන්න මතිනි. ඒ අනුව ඔබට යහපත් සතියකි. කරන කියන රැකියා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන හිමිවේ. ඇවිදිලි වැඩිවන අතර පුණ්‍ය කටයුතුවලට යොමු වීම දක්නට ලැබෙයි. දුවා දරුවන් ඥාති හිතවතුන්ගෙන් උදවු උපකාර සැලකිලි අඩුවක් නොමැතිව ලැබෙන දින කිහිපයකි. කලා කටයුතුවලින්ද කීර්තිය, ප්‍රශංසා හිමිවෙයි. ලේ ගමන අඩු වැඩි වීම, දණහිස් හා කලවාවල වේදනා ඇති විය හැකිය. උදේ හෝ සවස භාවනාවක යෙදීම අපල අවම වීමට හේතුවේ.
අය 8, වැය 5, සුබ අංකය 09, සුබ වර්ණය නිල්, සුබ දවස සෙනසුරාදා
කුම්භ - මංගල යෝග උදාවෙයි
ඔබගේ කේන්ද්‍රයේ සඳු ගමන් ගන්නේ 8 9 සහ 10 වැන්න මතිනි. ආරම්භය අසනීප ගති කල කිරීම් මතුවේ. මැද භාගයේදී පුණ්‍ය කටයුතුවල නියැලෙමින් චිත්ත ධෛර්යයෙන් තම කටයුතුවල යෙදෙයි. ලැබීම් අතින් සුබදායකය. අවිවාහක අයට මංගල යෝජනා පැමිණේ. තීන්දු තීරණ ගැනීම සිතා මතා කළ යුතුය. දරුඵල ප්‍රමාද අයට ද සුබපල අත්වෙයි. දුවා දරුවන්ගේ ඉගෙනීම් කටයුතුවල සාර්ථකත්වය පෙන්නුම් කරයි. අසනීප ගති වශයෙන් කලවා සහ පාදවල වේදනා මුත්‍රා දෝෂ ඇතිවිය හැකියි.
අය 11, වැය 8 , සුබ අංකය 09 , සුබ වර්ණය තද නිල්, සුබ දවස සිකුරාදා
මීන - ව්‍යාපාර ලාභ
සඳු ගමන් කරන්නේ 7 8 සහ 9 වැන්න මතිනි. ගෘහ ජීවිතය සතුටින් ගෙවන සහ ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන හිමි කරගන්නා බවක් පෙනුනද අනවශ්‍ය වියදම් යෙදෙයි. පුණ්‍ය කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. කලා අංශවලින් දරුවනට ජයග්‍රහණය අත්වෙයි. මුත්‍රා දෝෂ, අජීර්ණ ආදියට ඉඩ ඇත. සතියේ අපල අවම කර ගැනීමට අතපය වාරු නොමැති අසරණ අයකුට උදවු උපකාර කරන්න. අය 7, වැය 4, සුබ අංකය 09, සුබ වර්ණය කහ, සුබ දවස බ්‍රහස්පතින්දා