දවස පුවත්පතින් මාධ්‍ය දිවිය ආරම්භ කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිෙයකු වූ සරත් ධර්මසේන ඉකුත් 11 වැනිදා අභාවප්‍රාප්ත විය. මිය යනවිට 85 වැනි වියේ පසු හෙතෙම පස් දරු පියෙකි.
දශක ගණනාවක් අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු වාර්තා කළ සරත් ධර්මසේන අධිකරණ කටයුතු වාර්තා කිරීමේ ප්‍රමුඛයෙකි. දිවයින පුවත්පත් ඇතුළු පුවත්පත් කිහිපයක කර්තෘ මාණ්ඩලිකයකු වූ ඔහු අවසන් තෙවසරම සේවය කළේ ‘අරුණ’ පුවත්තේය.
සරත් ධර්මසේනගේ අවසන් කටයුතු ජූලි 14 වැනි ඉරිදා පෑලියගොඩ පොදු සුසාන භූමියේ දී සිදු කරන අතර, දේහය එතෙක් පෑලියගොඩ මිරිස්වත්ත පාරේ නිවසේ තැන්පත් කර ඇත.