
නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවේ ප්‍රථම ජනාධිපති ලෙස පත්වීම් ලැබූ 1950 සිට 1962 දක්වා වසර දොළහක කාලයක් ඉන්දීය ජනාධිපති පදවිය හෙබවූ රාජේන්ද්‍ර ප්‍රසාද් යනු ඉන්දීය නිදහස් සටනේ වීරයෙකි. මහත්මා ගාන්ධිගේ සමීපතමයකු වූ ප්‍රසාද් නිතීඥවරයකුද විය. කොංග්‍රසයට සම්බන්ධ වෙමින් කටයුතු කළද ඔහු සමස්ත ඉන්දියාවම නියෝජනය කළ හැකි ගෞරවනීය පුද්ගලයකු ලෙස හඳුන්වා දිය හැකිය.
රාජේන්ද්‍ර ප්‍රසාද්ගේ වසර දොළහක ධූර කාලය අවසන් වීමෙන් පසු ඉන්දීය ජනාධිපතිධූරය සැබවින්ම අර්ථවත් කරමින් නිර්පාක්ෂික පුද්ගලයන් කිහිප දෙනෙකු වරින්වර ජනාධිපතිධූරයට පත්වනු දැක ගත හැකිය. සර්වපාලෙයි රාධක්‍රිෂ්ණන්, සකීර් හුසේන්, වී.වී. ගිරි, මොහොමඩ් හිද්යාතුල්ලා යනාදී වශයෙන් ඒම නිර්පාක්ෂික ජනාධිපතිවරු සඳහා උදාහරණ දැක්විය හැකිය. මේ මහා පුරුෂයන් සැබවින්ම ඉන්දීය ජනාධිපතිධූරයට නියම සුදුස්සන්ම වූ අතර ජනාධිපතිධූරයද ඔවුන් නිසා බැබළුණු බව කිව හැකිය.
ඉන්පසුව කොංග්‍රස් පක්ෂයෙන් පත් වූ ජනාධිපති ෆාරුක්ඩීන් අහමඩ්ගේ වියෝවෙන් පසු නලීම් සන්ජීව් රෙඩ්ඩි ජනතා පක්ෂයෙන් ජනාධිපතිධූරය සඳහා පත්වීම් ලැබුවේය. මේ පුද්ගලයන් දෙදෙනාම ඉන්දීය නිදහස් සටනේ ගරු කටයුතු චරිත වූ අතර නීති ක්ෂේත්‍රයේ නියුතු වූ ක්‍රියාධරයන්ද වූහ. ඒතැන් සිට ඉන්දීය ජනාධිපතිධුරය කොංග්‍රස් පක්ෂයේ අනුගාමිකයන්ටට හිමි වුවද ඒ් සඳහා කිසියම් අගයක් වටිනාකමක් සහිත පුද්ගලයන් තෝරා ගැනීමට කොංග්‍රස් පක්ෂ නායකයන් කටයුතු කර තිබිණි. රාමසාමි වෙන්කතරාමන්, ශන්කර් දයාල් ශර්මා මෙන්ම කේ. ආර්. නාරායනන් වැනි ජනාධිපතිවරු ඒ් සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය. ඒහෙත් ඉන්දීය ජනාධිපතිධූරය හෙබවූ දියමන්තිය වූයේ ආචාර්ය අබ්දුල් කලාම්ය.
![]() |
අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ද්‍රෞපදී මුර්මු |
අබ්දුල් කලාම් යනු ඉන්දියාව පමණක් නොව සමස්ත ලෝකයටම තිළිණ වූ ශ්‍රේෂ්ඨ මිනිසෙක් යැයි පැවසිය හැකිය. ඉන්දියාවට අභ්‍යවකාශ තාක්ෂණය ලබා දීම යනු අබ්දුල් කලාම් අතින් සිදුවූ ඒක් සේවයක් පමණකි. මීට අමතරව ඉන්දීයාවේ මිසයිල ආරක්ෂණ පද්ධතියේ වර්ධනයට කැපී පෙනෙන සේවයක් කළ මේ පුද්ගලයා ජ්‍යෙෂ්ඨ චින්තකයකු වශයෙන්ද හඳුන්වා දිය හැකිය. වසර පහක ධූර කාලයක් ඉන්දීය ජනපතිධූරය හෙබවූ ඔහු සැබවින්ම ඒම ධූරයට සුදුස්සකු වූ බැවි අමුතුවෙන් කිව යුතු නැත. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ඔහු ඉන්දීය ජනාධිපතිධූරයට පත් වූයේ නිර්පාක්ෂිකයකු වශයෙන් වීමයි.
ඉන්පසුව ප්‍රතිභා පටෙල් සහ ප්‍රනාබ් මුඛර්ජි යන දෙදෙනාම කොංග්‍රස් පක්ෂ අනුගාමිකයන් ලෙස ජනාධිපතිධූරය හෙබවූ අතර ඒතැන් සිට ඉන්දීය ජනාධිපතිධූරයේ බලතල ඉන්දියාවේ බලතලවලට සාපේක්ෂව භාරතීය ජනතා පක්ෂය අතට පත්වනු දැකගත හැකි විය. රාම්නාත් කෝවින්ද මෙන්ම ද්‍රෞපදී මුර්මුද ඒ් යටතේ පත්වීම් ලැබුවෝ වෙති.
ද්‍රෞපදී මුර්මු සැබවින්ම ආකර්ෂණීය චරිතයකි. එහි කිසිදු විවාදයක් නැත. එහි අංක එක වන්නේ ඇය කාන්තාවක් වීමයි. ඉන්දියාව යනු දෛනිකව කාන්තාවන් අතවරයට ලක්වන රටකි.
විශේෂයෙන්ම පසුගිය කාලයේදී කාන්තාවන් සමූහ දූෂණයට ලක් කොට මරා දැමීම සම්බන්ධව ඉන්දියාව කුප්‍රකට විය. එවැනි රටක මුල් පුටුවට කාන්තාවක් පත්වීම යනු කාන්තාවන්ට කිසියම් ආරක්ෂණීය හැඟීමක් දැනවීමට සමත්වනු නොඅනුමානය. අනික් අතට ද්‍රෞපදී මුර්මු යනු ඉන්දීය ග්‍රෝත්‍රික කාන්තාවකි. ඇය ෂන්තාල් නම් වන ඉපැරණි ඉන්දීය ගෝත්‍රික ජනවර්ගයට අයත්ය. මේ ජනවර්ගයට ඇත්තේ ඉපැරණි ඉතිහාසයකි. දකුණු ආසියාවේ ඉපැරණි ජනවර්ගයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන මේ ෂන්තාල් ගෝත්‍රිකයන් වැඩිවශයෙන්ම බටහිර බෙංගාලයේ ව්‍යාප්තව සිටිති.
1958 ජූනි 20වැනිදා ෂන්තාල් පවුලක උපත ලැබූ ද්‍රෞපදී මුර්මුගේ උපන් ගම වන්නේ ඔඩිස්සා හි රායිරංග්පූර් ප්‍රදේශයයි. රාමා දේවි කාන්තා විද්‍යාලයෙන් කලා උපාධිය ලැබූ මුර්මු 1980දි විවාපත්ව දරු දෙදෙනෙක්ද ලැබුවාය. එහෙත් අවාසනාවකට මෙන් ඇයට තම පවුලේ සියලුම සාමාජිකයන් වසර හතක් වැනි කෙටි කාලයක් තුළ අහිමිවී යන්නේ නොයෙක් හේතුමත ඒ් සියලු දෙනා වරින්වර ජීවිතයෙන් සමුගත් බැවිනි. ඇයගේ සැමියා, දරු දෙදෙනා, මව මෙන්ම සහෝදරයාද ඒ් අතරට අයත්ය.
මෙලෙම පවුල තුළ හුදකලා වීම ද්‍රෞපදී මුර්මු තවතවත් දේශපාලනයට මෙන්ම සමාජ සේවයට කැපවීමට හේතුවක් විය. 1979 දි කණිෂ්ඨ සහකාර තනතුරක් දරමින් රාජ්‍ය සේවයට ඇතුළත් වූ ඇය 1997දී තම උපන් ගම නියෝජනය කරමින් භාරතීය ජනතා පක්ෂ දේශපාලනයට ඒක්වන්නීය. වසර 2000දි පැවත් මැතිවරණයෙන් ඔඩිස්සා ප්‍රාන්ත දේශපාලනයට ඒක්වන ඇය ඒහි ඇමති ධූර කිහිපයක්ම 2009දි ඉන්දීය පාර්ලිමේන්තුවට තරග වැදුණද ඒහිදි ජයග්‍රහණය හිමි කර ගැනීමට ඇයට හැකියාවක් ලැබෙන්නේ නැත. එහෙත් ඒ් වෙනුවට භාරතීය ජනතා පක්ෂය ඇයට වඩාත් වැඩි අවස්ථාවක් ලබා දෙන්නේ 2022 ජූනි මාසයේදී ඉන්දීය ජනාධිපතිවරණයට තරග වැදීමේ අවස්ථාව ලබා දෙමිනි.
ඒ් අනුව ඇය මේ තරගය පහසුවෙන් ජයග්‍රහණය කරන්නේ ඇය සමඟ ප්‍රතිවාදීව තරග වැදුණු කොංග්‍රස් පක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂක යශ්වාන්ත් සිංහා පහසුවෙන් පරාජයට පත් කරමිනි. මේ වන විට ඉන්දියාවේ 15වැනි ජනාධිපති ලෙස පත්වීම් ලබා සිටින ද්‍රෞපදී මුර්මු තබා ඇති වාර්තා දෙකකි. එනම් ඉන්ද්‍රියාවේ ගෝත්‍රික ජනතාව අතරින් පත්වූ පළමුවැනි ජනාධිපතිවීම සහ නිදහසෙන් පසු උප උපත ලබා ජනාධිපතිධූරයට පත්වූ ප්‍රථම පුද්ගලයා වීමය.