ප්‍රච­ණ්ඩ­කා­රීන් 20 ක් අත්අ­ඩං­ගු­ වට | Page 11 | සිළුමිණ

ප්‍රච­ණ්ඩ­කා­රීන් 20 ක් අත්අ­ඩං­ගු­ වට

සුගිය ජූනි මාසයේ නව වැනිදා කොළඹ කොටුව ජනපති මැදුරට, ජනපති ලේකම් කාර්යාලයට, අරලියගහ මන්දිරයට, අගමැති කාර්යාලයට අලාභ හානි සිදු කළ සහ ජනපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවෙසට ගිනි තැබීමේ සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් විසිදෙනෙකු පමණ පොලිසිය සහ සී.අයි.ඩීය විසින් මේ වන විට අත්අඩංගුවට ගනු ලැබ ඇත.

රූපවාහිනි සංස්ථාවට බලෙන් ඇතුළු වූ බව කියන ධානිෂ්අලි සහ පොල්දූව මං සන්ධියේ විරෝධතාවයක නිරත වුණු සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකුද වන  පැතුම් කර්නර් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 4 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කර තිබේ.

 

Comments