ඕනෑම මාසයක 5, 14, 23 උපන් ඔබේ ජන්ම අංකය අංක 5 යි
* ලෝකයේ ඉතා ධනවත් ව්‍යාපාරිකයෝ සහ ජනප්‍රිය පුද්ගලයන් රැසක් ජන්ම අංක පහෙන් ඉපදී ඇත
* වයස අවුරුදු 34න් පසුව ජීවිතය ස්ථාවර වීමට පටන් ගනී
* තැනේ හැටියට ඇණේ ගසන්නට දක්ෂයෙක්
- අසමත් දරුවන් සමත් කරවන විශේෂ වත්පිළිවෙත්
- ඉගෙනුමට බාධා කරන ග්‍රහ පිහිටීම් හඳුනා ගන්න
- අධ්‍යාපනයෙන් ඉහළටම යන බලවත් ග්‍රහ පිහිටීම් රැසක්
ජන්ම අංක 5 බුධ ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. මොවුන් නවීන අදහස් ඇති ක්‍රියාශීලී මනසක් ඇති ප්‍රායෝගික පුද්ගලයන්ය. ඕනෑම දෙයක් පිළිබඳව ගැඹුරින් විනිවිද සිතීමේ ශක්තියක් ඇත. ඥානයට අධිපති බුධ නියෝජනය කරන බැවින් ඉතාමත් තීක්ෂණ බුද්ධියක් ඥානයක් මොවුන් සහජයෙන්ම උරුම කරගනී.
නිතරම කල්පනාකාරීව කටයුතු කරන මොවුන් ඉතාමත් විශිෂ්ට ලෙස සැලසුම් සහගතව කටයුතු කරයි. ඉතා ක්‍රියාශීලී මෙන්ම උද්වේගකාරී ගති මොවුන් තුළින් දැකිය හැකි අතර ක්ෂණික තීරණවලට එළැඹීමේ ලක්ෂණ ද පවතී. ආවට ගියාට කිසිවකුට යටත් නොවන මොවුන් කරුණු හරිහැටි තේරුම් ගෙන අවබෝධයෙන් යටත් වෙයි. තමා යටතේ පවතින සියලු දේ තමාට අවශ්‍ය විදිහට තිබිය යුතු යැයි සිතයි. එමෙන්ම තමාට අවශ්‍ය ආකාරයට අන්‍යයන් මෙහෙයවයි. කාලයේ වටිනාකම තේරුම් ගෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කරන අතර, කාලය නාස්ති කිරීම අපරාධයක් ලෙස සිතයි. නිතර සතුටින් සිටීමට කැමති මොවුන් තමන්ගේ විනෝදය සහ සතුට වෙනුවෙන් ද කාලය කැප කරන අතර, අන් අයට ද විනෝදය සහ හාස්‍යය සපයයි.
වෙළෙඳාම් කිරීමෙහි සහ මුදල් ඉපයීමෙහි සහජ දක්ෂතා මෙන්ම හැකියාවත් කැමැත්ත මොවුන්ට උපතින් ලැබී ඇත. සමාජයේ ඕනෑම තරාතිරමක පුද්ගලයකු සමඟ කටයුතු කිරීමේ දක්ෂතාවෙන් යුතු අතර, තරමක් කපටි ස්වභාවය ද මොවුන් තුළ ඇත.
වැඩක් පටන් ගත් පසු එය අවසන් වනතුරු ඉස්පාසුවක් නැත. වැඩේ අත ගගා කාලය කන්නට කැමති නැත. ලෝකයේ ඉතා ධනවත් ව්‍යාපාරිකයෝ මෙන්ම ජනප්‍රිය පුද්ගලයන් ජන්ම අංක පහෙන් ඉපදී ඇත. මොවුන් ඉතාමත් සුහදශීලී පුද්ගලයන් වෙන අතර මිත්‍රත්වය විශ්වාසය උපරිමයෙන් ආරක්ෂා කිරීම සිරිත වේ.
කිසිදාක ජීවිතේ තනි නොවන මොවුන් කොතැනට ගියත් මොවුන් වටා යම් පිරිසක් එකතුවීම සාමාන්‍ය දෙයකි. ඇවිදීමට සහ සංචාරයට බොහෝ ප්‍රිය කරයි. ඕනෑම ප්‍රශ්නයක් ගැටලුවක් පැන නැඟුණු අවස්ථාවක ඉතා විචක්ෂණශීලීව එයට පිළිතුරු සොයා ගැනීමට දක්ෂ වෙයි. කලබල නොවී අවශ්‍ය තැනදී ක්ෂණික තීරණවලට එළැඹීමේ හැකියාව පවතී. ඕනෑම තැනකට ගැළපෙන ලෙස වෙනස්වීමේ හැකියාව ඇති මොවුන් තැනේ හැටියට ඇණේ ගැසීමේ දක්ෂයෝ වෙයි.
ඉතාමත් ආකර්ෂණීය රූප විලාසයකට උරුමකම් කියන මොවුන් කාගේත් සිත් ඇද බැද ගන්නා ලෙස අඳින්නට පලඳින්නට කැමතිය. කුඩා කාලයේ දී නිසි මඟපෙන්වීමක් ලැබීම ඉතා වැදගත් වෙන අතර වැරදි මිනිසුන් සමඟ වැරදි පාරක වැටුණහොත් පාතාල නායකයන් වීම ද සිදුවිය හැකිය. මොවුන් එක තැනක වැඩි වේලා ගත කිරීමට කැමැති නොවේ. ඔවුන් නිතරම ඉක්මන් වෙනසක් බලාපොරොත්තු වෙයි. තරමක් කලබලකාරී ගති ද පවතී. එමෙන්ම මුරණ්ඩු හිතුවක්කාර ගති ද මොවුන් තුළ දැකිය හැකි වෙයි. එය හරියට කුඩා ළමයකුගේ දඩබ්බර හිතුවක්කාර ගතිය මෙනි. මොවුන් ඉක්මනින් කේන්ති ගන්නවා සේම ඉක්මනින් කේන්තිය නිවා ගනියි.
පින, පව, කර්මය සහ කර්ම පලය පිළිබඳ විශ්වාස කරන මොවුන් දෙයක් කිරීමට පෙර බොහෝ සිතයි. ජීවිතයේ අවස්ථා කීපයකදීම විශාල වාසි ලබන අතර අලාභ දරා ගැනීමට ද පුළුවන. අන් අයගේ අඩුපාඩු දුර්වලතා හොඳින් පෙනෙන අතර, අන් අයට උපදෙස් දීමට ද ඉතා දක්ෂ වෙයි. හොඳ ශරීර ශක්තියක් පවතින අතර ක්‍රීඩා කටයුතු ආදියට මෙන්ම විවිධ කලා හැකියාවන්ට ද මොවුන් දක්ෂ වෙයි.
ජන්ම අංක 5 හිමියන් ආර්ථික වශයෙන් ඉතාමත් දියුණු වීමට දක්ෂ වෙයි. විවිධ මාර්ගවලින් මුදල් ඉපයීමට දක්ෂතා ඇත.
මොවුන්ගේ වියදම්කාරී බව තරමක් වැඩි වුණත් මුදල් පාලනයට ද දක්ෂ වෙයි. තමන්ගේම වෙළෙඳාමකින් හෝ ව්‍යාපාරයකින් ඉතා දියුණුවට පත් විය හැකිය.
විවිධ රැකියාවන් කිරීමේ හැකියාවන් තිබුණත් ඊට වඩා මොවුන්ට සාර්ථක වන්නේ වෙළෙඳ ව්‍යාපාරය. වාසනාවන්ත රැකියා සහ ව්‍යාපාර වශයෙන් පරිගණක ක්ෂේත්‍රය, මුද්‍රණ සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය, තැපැල් සේවා, ප්‍රවාහන සේවා, පොත් අලෙවිසැල්, කොමියුනිකේෂන්, පාසල් උපකරණ වෙළෙඳාම, රක්ෂණ කටයුතු සහ බැංකු කටයුතු, රෙදිපිළි වෙළෙඳාම, ළමා උපකරණ සහ සෙල්ලම් බඩු, විවිධ ප්ලාස්ටික් බඩු, මල් සහ කෘතිම ආභරණ, ආදි වෙළෙඳාම් සහ රැකියාවන් තුළින් සාර්ථකත්වය ලැබිය හැකිය. එමෙන්ම වෘත්තීන් වශයෙන් කථිකත්වය සහ උපදේශනය, ගුරු වෘත්තිය, ලිපිකරු වෘත්තිය, කාර්යාල කටයුතු, ඉංජිනේරු සහ තාක්ෂණ මෙන්ම නීති අංශයන් ද යහපත් වේ. වයස අවුරුදු 23 දී පමණ බොහෝවිට වෘත්තීය ජීවිතයකට පිවිසීමේ හැකියාව පවතින අතර, වයස අවුරුදු 34න් පසුව ජීවිතය ස්ථාවර වීමට පටන් ගනී.
මොවුන් ප්‍රමාණවත් තරම් විවේකයක් ගැනීම වැදගත් වෙන අතර, අනවශ්‍ය ලෙස මනස වෙහෙස වීම සහ නිදි මැරීම පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතුය. මනස සැහැල්ලුවෙන් තබාගත යුත්තේ පහසුවෙන් ස්නායු රෝග සහ මානසික ආතතිය ද ඇති කළ හැකිය.
එමෙන්ම දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්ව පිළිබඳව ද වඩා සැලකිලිමත් වන්න. සෙම, හතිය, හුස්ම ගැනීමේ අපහසුතා, සමේ රෝග, උගුර ආශ්‍රිත ආබාධ, හිසේ අමාරු, උණ රෝග, රුධිරගත රෝග පහසුවෙන් ඇති කළ හැකිය.
නිසි වෛද්‍ය උපදෙස් කලින් ලබාගෙන මනා සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතුය. එමෙන්ම දවසේ උදේ හෝ හවස පැය භාගයක් හෝ පැයක් පමණ ඇවිදීම ඉතා යහපත් වෙන අතර සතියට දිනක් ආහාර ගැනීමෙන් වැළකීම ද හොඳයි.
ආදරය සහ විවාහය සම්බන්ධයෙන් යහපත් සබඳතාවක් සඳහා ඔබට වඩාත් සුදුසු වන්නේ ජන්ම අංක 3, 5, 9 හිමි අය හෝ ඕනෑම මාසයක 3, 5, 9, 12, 14, 18, 21, 23, 27 සහ 30 යන දිනවල උපන් අයයි. එසේ නැතිනම් මැයි මස 20 දින සිට ජුනි 20 දක්වාත් අගෝස්තු 20 සිට සැප්තැම්බර් 20 අතර දක්වාත් ඉපදුණු අය ද වඩාත් ගැළපෙයි. එමෙන්ම ජීවිතේ වැදගත් කටයුතු සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ද ඉහත දිනයන් සහ කාලවකවානු යොදා ගැනීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ඔබට වාසනාවන්ත දවස් වනුයේ සිකුරාදා සහ බ්‍රහස්පතින්දා දිනයි. එම දිනයක් සමඟ 5, 14, 23 යන දිනයකුත් එකවිට යෙදේ නම් ඉතාම වාසනාවන්ත වේ. ඔබට ඉතාමත් සුභ පල දෙන වාසනාවන්ත වර්ණ ලෙස ළා කොළ පාට, සුදු සහ අළු පාට වර්ණයන් යොදා ගැනීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. මෙම වර්ණවලින් ඔබගේ ලේන්සුව, දොර ජනෙල් රෙදි, ඇඳ ඇතිරිලි, කොට්ට උර, බිත්ති වර්ණ, මේස රෙදි, නිතර අඳින ඇඳුම්, කෘතිම ආභරණ, ආදිය හැකි තරම් යොදා ගැනීම තුළින් කායික, මානසික සෞඛ්‍යය මෙන්ම කටයුතුවල සාර්ථකත්වය විඳගන්න.
ඔබට වයස අවුරුදු 23, 32, 41, 50, 68, 77 යන වර්ෂ සුවිශේෂී වැදගත් සිදුවීම් සිදුවිය හැකි වර්ෂ වෙන අතර, වැදගත් සැලසුම් සඳහා එම වර්ෂ යොදා ගැනීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. 3, 5, 9, 12, 14, 18, 21,23, 24, 30 ඔබගේ ජයග්‍රාහි අංක බැවින් ලොතරැයිපත් මිලදී ගැනීම් ආදී සුබ කටයුතු සඳහා ඔබට මේ අංක සහ දින යොදා ගැනීමට පුළුවන.
එමෙන්ම වාහනයක් මිලදී ගන්නේ නම් වාහනයේ අංකය තනි අංකයක් ලෙස එකතු කළ පසු 3,5,9 අංකයක් වේ නම් ඉතා යහපත්ය. සුබ ලෝහයක් ලෙස රිදී වළල්ලක් හෝ ආභරණයක් නිතර පැලඳීම ද යහපත් වෙයි.