නව ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි | සිළුමිණ

නව ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි

පසුගිය ජූලි 22 වැනි සිකුරාදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අන්තර්කාලීන රජයේ නව කැබිනට් ඇමැති මණ්ඩලය දිවුරුම් දෙන ලදී.

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන – අගමැති / රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය, සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන අමාත්‍ය, බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය සහ වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය, විජේදාස රාජපක්ෂ – අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, හරින් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය, රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය, ප්‍රසන්න රණතුංග – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය, අලි සබ්‍රි – විදේශ කටයුතු අමාත්‍ය, විදුර වික්‍රමනායක – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය, කංචන විජේසේකර – විදුලි බල හා බලශක්ති අමාත්‍ය, නසීර් අහමඩ් – පරිසර අමාත්‍ය, රොෂාන් රණසිංහ – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය, මනුෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය, ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය, නලින් ප්‍රනාන්දු – වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය

ඡායාරූපය: හිරන්ත ගුණතිලක

 

Comments