
තෙන්නකොන් මුදියන්සේලාගේ චින්තක දිපාල් අමරසුරිය (30) තරුණ වෛද්‍යවරයෙකි. ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පිඨයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබු අතර බදුල්ල මධ්‍යමහා විද්‍යාලයේ ආදි සිසුවෙකි. චින්තක වෛද්‍ය වෘත්තියට පිවිස වසර දෙකක්වත් කාලයක් ගතවි තිබුණේ නැත. ඔහු පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ සේවය කරමින් සිටියේය. මෙම තරුණ වෛද්‍යවරයාගේ බිරිද හෙරත්මුදියන්සේලාගේ සජිවා තරුෂි හේරත් වන අතර ඇය කථන හා භාෂා චිකිත්සකවරියක් ලෙස රැකියාව කළාය. මෙකි තරුණ යුවළ මිට වසර දෙකකට පමණ ඉහතදි යුගදිවියට පිවිසි අතර නුවර ප්‍රදේශයේ පදිංචිව සිටියහ.
චින්තක වෛද්‍යවරයාගේ ගම් පළාත හාලිඇළය. තරුෂිගේ උපන්ගම අනුරාධපුරයයි. චින්තකට හා තරුෂිට හා පුතුට පසුගිය දිනක වෛරස් උණ රෝගය වැලදි තිබු අතර ඔහු විසින්ම චුටි පුතුට හා බිරිදට ප්‍රථිකාර කළේය.
චින්තකට තදින් උණ රෝගය වැළදි නොතිබු අතර හේ උණ රෝගයෙන් පෙළෙමින් සිටියදිම තම කාර් රථයට ඉන්ධන ලබාගැනීම සඳහා පෙට්‍රල් පොලිමකට ගියේය. ඉන්ධන පොලිමේ දින දෙකක් සිට චින්තක පැමිණියේ දැඩිලෙස හෙම්බත්වය. යළි ත් වතාවක් දින දෙකක් ඉන්ධන පොලිමේ සිට රථයට ඉන්ධන ලබාගන්නට ඔහුට හැකිවිය.
මහගෙදර යාමට තිබු නිසා චින්තක පසුගිය 03 හා 04 යන දෙදින තුළ එකදිගට ළමා රෝහලට ගොස් රාජකාරිවල නිරතවිය. රාත්‍රි සේවා මුරයද අවසන්කළ චින්තක නිවසට පැමිණ පුංචි පුතු සමඟ කෙළි දෙලෙන් ගත කළේය. ඒ වනවිට
![]() |
මියගිය වෛද්‍ය තෙන්නකොන් මුදියන්සේලාගේ චින්තක දිපාල් අමරසුරිය |
චින්තකට කෑස්සක් තිබු අතර ඔහු සිටියේ අපහසුවෙනි. කැස්ස එන්න එන්නම වැඩිවන්නට විය. හුස්ම ගැනීමට ද අපහසු තත්වයෙන් පසු වූ චින්තක පේරාදෙණිය රෝහලට ඇතුලත් කළේය. චින්තකගේ සෞඛ්‍ය තත්වය එතරම් හොද තත්වයන නොතිබු බැවින් ඔහු මහනුවර රෝහලට මාරුකොට යැවීය.
චින්තකගේ පෙනහලුවලට විෂබිජයක් ආසාදනය වි තිබුණි. ඒ වන විට තරුණ වෛද්‍යවරයා ජිවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමින් සිටියේය. ඔහු පසුගිය 12 වැනිදින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළේය. රෝහලේ ඇති එක්මෝයන්ත්‍රයට චින්තක සම්බන්ධ කළේය. චින්තකගේ පෙනහලු දෙකම නරක් වී අවදානම් තත්වයක සිටින බව කරාපිටිය රෝහලේ වෛද්‍යවරු තරුෂිට කීහ. තරුෂිට දෙලෙව රත්විය. ඒවන විටත් තමන් දැඩිලෙස ආදරය කළ බිරිද හා පුංචි කොළු පැටියා ද තනිකර දමා චින්තක යළි නොඑන ගමනක් ගොස්ය.
“මහත්තයා ඉන්ධන ලබාගැනිම සදහා දින 04ක් පමණ තෙල් පොලිමේ හිටියා. ඒවනවිට ඔහුට කැස්ස ගතියක් තිබුනා. මහත්තයා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි එක්මෝයන්ත්‍රයට සම්බන්ධ කිරීම සඳහා කරාපිටිය රෝහලට මාරුකළා. ඔහුගේ පෙනහලුවලට විෂබිජයක් ගිහින් තියෙනවා කියලා කරාපිටිය රෝහලේ වෛද්‍යවරු කිව්වා. “පෙනහලුවලට විෂබිජයක් ආසාදනය වීමෙන් ඇතිවූ නිව්මෝනියා තත්වයකින් මියගිය වෛද්‍යවරයාගේ මරණ පරික්ෂණයේ දි සාක්ෂි දෙමින් බිරිදවන හෙරත්මුදියන්සේලාගේ සජිවා තරුෂි හේරත් (31) එසේ කීවාය.
වෛද්‍යවරයාගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් ඊයේ (14) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබිය. එහිදි සාක්ෂිකාරිය තවදුරටත් සාක්ෂි දෙමින් මෙසේ ද කිවාය.
“ මියගොස් සිටින්නේ මගේ සැමියායි. මම කථන හා භාෂා චිකිත්සකවරියක් ලෙස රැකියාව කරනවා. අපි නුවර පදිංචි වෙලා හිටියේ. මහත්තයා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ සේවය කළා. මහත්තයාට කිසිදු අසනිපයක් තිබුණේ නැහැ. ජුනි මාසයේ 25 වැනිදා පුතාට වෛරස් උණක් හැදුනා. ඊට පසු අපි දෙදෙනාටත් හැදුනා. අපේ අයියාට හා අක්කලාට උණ හැදිලා සනිපවුනා. උණ රෝගයට මහත්තයා තමයි බෙහෙත් දුන්නේ. මහත්තයාට තදින් උණ හැදුණේ නැහැ. ඊට පසු රැකියාවටත් ගියා. මහත්තයාට උණ වැලඳුණු දින හවස ඔහු ඉන්ධන පොලිමට ගිහින් දින දෙකක් හිටියා. මහත්තයා නිවාඩු පිට හිටියේ. නැවතත් තෙල් පෝලිමට ගිහින් දින 02ක් තෙල් පෝලිමේ හිටියා.
ඒවන විට මහත්තයාට කැස්ස ගතියක් තිබුනා. කැස්සට ප්‍රතිකාර ගත්තද අඩුවක් වුනේ නැහැ. 05 වැනිදා මහත්තයා පේරාදෙණිය රෝහලට ගිහින් පෙන්නුවා එදින රෝහලේ නතර කරගත්තා. එදිනම නුවර රෝහලට මහත්තයා මාරුකොට යැව්වා. නුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මහත්තයා කරාපිටිය රෝහලට මාරුකළා. එක්මෝ යන්ත්‍රයට සම්බන්ධ කරන්න තමයි කරාපිටිය රෝහලට මාරු කළේ. නුවර රෝහලින් කිවා මහත්තයාගේ පෙනහලු නරක්වෙලා වගේ. ඒනිසා කරාපිටිය රෝහලට මාරුකොට යවන බව කිවා. කරාපිටිය රෝහලේ වෛද්‍යවරු කිවා රෝගියාගේ තත්වය ටිකක් අමාරුයි. පෙනහලුවලට විෂබිජ ගිහින් කියලා. 14 වැනිදින උදෑසන 7.30ට විතර මහත්තයා මියගියා. “යැයි ඇය කිවාය.
මියගිය වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි විසින් සිදුකළ අතර ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත්මරණ පරික්ෂකවරයා නිව්මෝනියාව වැලැදීමට හේතුවු විෂබිජය පෙනහලුවල හා ශරිරය පුරා පැතිරිමෙන් මරණය වී ඇති බවට තීන්දු කළේය.