සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - ජනතා සුබ සෙත උදාවෙයි

ලග්නාධිපති ලග්නයේම රාහු සමඟ ද සඳු 8, 9, 10 සහ 11 වැන්න මතින් ගමන් අරඹයි. සතිය ආරම්භය එතරම් සතුටුදායක නොවේ. ගෘහ ජීවිතයේදී පවුලේ වගකීම් වැඩිවේ. රැකී රක්ෂා ව්‍යාපාර කටයුතුවල බර තනිවම තමා පිට පැටවේ. සතියේ මැද දිනවලදී ලාභ ප්‍රයෝජන හිමිවෙන අතර සමාජ සුබසාධන කටයුතු සඳහා පෙලඹවීමක් සිදුවේ. ඇවිදිලි වැඩිවේ. සබ්බ පාපස්ස අකරණං ගාථාව තුන්පාරක් කියා සතියේ ආරම්භයේදී වැඩ පටන් ගන්න. අපල දුරුවේ.

අය 6, වැය 4, සුබ අංකය 4, සුබ වර්ණය - රතු, සුබ දවස - ඉරිදා

වෘෂභ - අන්‍යයන්ට උදවු කිරීමේදී පරෙස්සම් වන්න

ඔබගේ ලග්නාධිපති සිකුරු ලග්නගතවද සඳු 7, 8, 9 සහ 10 වැන්න මතින් ද ගමන් අරඹයි. වෙන කිසිවකු කරන තුරු බලා නොසිට වගකීම් ඉටුකරයි. අධික වෙහෙසක් දැරීමට සිදුවූවත් ලැබෙන සුළු ලාභ ප්‍රයෝජනවලින් රැකියාවේත් ගෘහ ජීවිතයේත් සමතුලිත බව රැක ගනියි. නොකළ වැරදිවලට චෝදනා එල්ල විය හැකි බැවින් අන්‍යයන්ට උදවු කිරීමට යෑමේදී කල්පනාකාරී වන්න. අධ්‍යාපනික දැනුම උසස් වේ. ලියන කියන කටයුතුවලින් ජය ලැබේ. විවිධ වර්ණයන්ගෙන් යුතු මල් ටිකක් බෝධියක් අබියස පූජා කර දෙවියන්ට පින්දී සතිය ආරම්භ කරන්න. අපල මගහැරී යයි.

අය 7, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණය - නිල්, සුබ දවස - සිකුරාදා

මිථුන - ලැබීම් සහිතයි

ලග්නාධිපති ලග්නගතව ද සඳු 6, 7, 8 සහ 9 වැන්න මතින් ද ගමන් කරයි. සතිය ආරම්භය යහපත් වේ. අන්‍යයන්ගෙන් උදවු උපකාර හිමිවේ. ගෘහ ජීවිතයේ සියලු වගකීම් බුද්ධිමත්ව ඉටුකරයි. රාජ්‍ය අංශවල නියැළෙන්නන්ට රැකියාවේදී සහන හිමිවේ. බාධක මැදින් වුව දරුවන්ගේ අධ්‍යාපනික මට්ටම පහත නොබසී. උනන්දුවෙන් දැනුම වර්ධනය කර ගනී. විදේශ ගමන් සඳහා උනන්දු වන අයට වාසි සැලසේ. ලිපි ලේඛනවලින් සහන අත්වේ. සතිය අගදී කාන්තාවක් නිසා කලකිරීමකට ලක්විය හැකිය. සෙම් රෝග මෙන්ම කලවා ආශ්‍රිත වේදනා කැක්කුම් මතු කරයි. වෙල් මාළුන්ට ආහාර දී සතිය ආරම්භ කරන්න.

අය 5, වැය 3, සුබ අංකය 5, සුබ වර්ණය - කොළ, සුබ දවස - බදාදා

කටක - ගමන් බිමන් වැඩිවේ

ලග්නාධිපති 11 වැන්නේ ද සඳු 4, 5, 6 සහ 7 වැන්න මතින් ද ගමන් අරඹයි. ගෙදරදොර කටයුතු ක්‍රමානුකූලව සිදුකරන අතර ලිපි ලේඛන සම්බන්ධ උනන්දු වෙයි. අමතකවීම් අතපසුවීම් නිසා කාලයෙන් නිසි ඵල ප්‍රයෝජන ගත නොහැකිවේ. රැකී රක්ෂාවලින් ආදායම් සාමාන්‍ය තත්ත්වයේ පවතී. මවු පාර්ශ්වයෙන් උපකාර හිමිවෙන අතර දුවා දරුවන්ගේ කලා හැකියාවන් වෙනුවෙන් ජයග්‍රහණ හිමිවේ. පපුවේ සෙම් රෝග, ආමාශගත අසනීප සහ පාදවල වේදනා මතු කරයි. සතියේ අපල අවම කර ගැනීමට කුසගින්නේ පසුවන වයසක පියෙකුට කෑමට යමක් දෙන්න.

අය 8, වැය 5, සුබ අංකය 4, සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා

කන්‍යා - සහෝදර උපකාර හිමිවේ

ලග්නාධිපති 10 වැන්නේ ද සඳු 3, 4, 5 සහ 6 වැන්න මතින් ද ගමන් අරඹන සතිය ඔබට මිශ්‍රඵල උදාකරයි. ආරම්භක දිනයේ සිට ගෘහ ජීවිතය සතුටුදායක ලෙසින් ගත කරයි. සහෝදර උපකාර හිමිවේ. අවබෝධයෙන් කටයුතු කර ඒවා මගහරවා ගන්න. අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන ගියත් කලා අංශවල දරුවන්ට ජයග්‍රහණ අත්වේ. අසනීප ගත අපල උපද්‍රව පෙන්වන බැවින් ගමන් බිමන්වලදී පරෙස්සම් වන්න. සතිය ආරම්භක දිනයේ සිටම උදේට අන්තරාය නිවාරණ පිරිත කියන්න. අපල අවම වේ.

අය 7, වැය 5, සුබ අංකය 7, සුබ වර්ණය - කොළ, සුබ දවස - සිකුරාදා

තුලා - ඉවසීමට පුරුදු වන්න

ලග්නාධිපති 8 සහ 9 වැන්නේ ද සඳු 2, 3, 4 සහ 5 වැන්න මතින් ද ගමන් කරන සතියේ ඔබ වෙනදාට වඩා ධෛර්යවත්ව කටයුතු කළ යුතුව ඇත. ගෘහ ජීවිතය තුළ ආර්ථික අපහසුතා පැන නඟී. ඉවසීම පුරුදුවන්න. ව්‍යාපාර කටයුතුවල දියුණුවක් දක්නට ලැබේ. සුළුවෙන් හෝ ලාභ ප්‍රයෝජන අත්වේ. රාජ්‍ය අංශවල සේවය කරන අයට අපහසුතා පැන නැඟුණද සමාවක් ලැබෙනු ඇත. කළමනාකරණ පාඨමාලා හදාරන දුවා දරුවනට ඥාන ශක්තිය වර්ධනය වේ. අන්‍යයන්ට උදවු කිරීමේදී සහ වචන හුවමාරුවේදී පරෙස්සම් වන්න. සතියේ අපල අවම කර ගැනීමට නොකඩවා උදේ සවස ආගමික වතාවත් කරන්න.

අය 5, වැය 3, සුබ අංකය 6, සුබ වර්ණය - නිල්, සුබ දවස - සිකුරාදා

වෘශ්චික - යහපත් සතියකි

ලග්නාධිපති 6 වැන්නේ ද සඳු ලග්නය 2, 3 සහ සිවු වැන්න මතින් ද ගමන් අරඹයි. කරන කටයුත්ත වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරයි. ලාභ ප්‍රයෝජන හිමිවන අතර ගෘහ ජීවිතය ගැටලු ඇති නොවී පවත්වාගෙන යෑමට නිතර උත්සාහ දරයි. සතුරු කරදර පහව යයි. තමාගේ අණසකට අන්‍යයන් අවනත වේ. දුවා දරුවන්ට බාධක මැද වුවද ඉගෙනීමේ කටයුතුවලට අවශ්‍ය ධාරණ ශක්තිය ලැබේ. ආවේගශීලී බව අඩු කර ගැනීම තුළ ඔබගේ සතුට වර්ධනය වේ. සතිය ආරම්භයේ අසරණ මවකට උපකාර කරන්න. අපල අවම වේ.

අය 7, වැය 5, සුබ අංකය 5, සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා

ධනු - නිවසෙහි සමාදානය ඇතිවේ

ලග්නාධිපති සිවු වැන්නේ ද සඳු 12, 1, 2 සහ තුන්වැන්නේ ද ගෝචර වෙමින් සතිය ආරම්භ කරයි. සුබ අසුබ දෙයාකාරයෙන්ම ලැබෙන සතියකි. ගෘහ ජීවිතය සතුටින් ගෙවයි. රැකී රක්ෂා කටයුතුවලදී උද්ගත වන අවහිරතා නිසා කලකිරීම් ඇතිවේ. ලැබෙන ආදායමට වඩා වියදම් පක්ෂය වැඩිවීමෙන් හිතට සහනයක් නොලැබේ. අධ්‍යාපනය ලබන දරුවන් සිය මතයටම කටයුතු කරනු විනා මවුපියන්ගේ බහට අවනත නොවේ. පාදවල සහ ඇස්, දත්, උරහිස් සම්බන්ධ අසනීපවලට හේතුයි. සතිය ආරම්භයේ අන්තරාය නිවාරණ පිරිත කියා පිටත්වන්න. තමා ළඟට යමක් ඉල්ලා එන යාචකයකුට සුළු මුදලක් දෙන්න.

අය 5‍, වැය 5, සුබ අංකය 3, සුබ වර්ණය - කහ, සුබ දවස - බදාදා

මකර - සංයමයකින් කටයුතු කරන්න

ලග්නාධිපති ශනි කුම්භ සහ මකර රාශිවල ද සඳු 11, 12 ලග්නය සහ දෙවැන්නේ ද ගෝචර වන සතිය මධ්‍යම ඵල සහිතය. සතිය ආරම්භය තරමක් සිතෙහි අසහනකාරී සිතුවිලි බලපෑවත් මැද දිනවලදී ඒ ගති ඉවත්වෙයි. ගෘහ ජීවිතයේ කටයුතු අනලස්ව සොයා බලා කරයි. රැකී රක්ෂාවලින් ලැබෙන ආදායම්වල ස්ථිරතාවයක් නොමැති වුවත් බලාපොරොත්තු අත් නොහරී. කලාත්මක අංශවල ඉගෙනුම ලබන දරුවන්ට චිත්ත ශක්තිය දැනුම වර්ධනය වේ. හදිසියේම සුළු අනතුරු, මුහුණ අවට ඉන්ද්‍රියයන්ගේ අවහිරතා මතුවිය හැකියි. ගෙදරදොර වැඩකටයුතුවලදී පරෙස්සම් වන්න. සංයමයකින් කටයුතු කරන්න. භාවනාවක යෙදෙන්න.

අය 7, වැය 6, සුබ අංකය 9, සුබ වර්ණය - නිල්, සුබ දවස - සිකුරාදා

කුම්භ - හිතවතුන්ගෙන් උපකාර

ලග්නාධිපති ශනි කුම්භ සහ මකර රාශිවල ද සඳු 10, 11, 12 සහ ලග්නයේ ද ගෝචර වන සතිය තරමක අවිවේකී ස්වාභාවයක් පවතී. මුල් දින දෙක ලැබීම් අතින් සුබදායී වේ. ඥාති හිතවත් අයගෙන් උදවු උපකාර ලැබෙන අතර අගහිඟයකින් තොරව ගෘහ ජීවිතය පවත්වාගෙන යෑමට හැකිවේ. විදේශගත හිතමිතුරන්ගෙන් ද වාසි සැලසේ. රැකියා කටයුතුවලදී පොදු ජනතාවගේ කරුණුවලට මුල්තැනක් දීමට සිදුවේ. දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය අපහසුතා මැද වර්ධනය කර ගැනීමට හැකිවේ. හිසෙහි අමාරු, කලවා සහ පාදවල වේදනා මතු කරයි. උදෑසන කුරුල්ලන්ට ලේනුන්ට ආහාර දී දවස පටන්ගන්න. අපල මගහැරී යයි.

අය 7, වැය 5, සුබ අංකය 9, සුබ වර්ණය - නිල්, සුබ දවස - සිකුරාදා

මීන - වචනය පිළිබඳ දෙවරක් සිතන්න

ලග්නාධිපති ලග්නගතව ද සඳු 9, 10, 11, 12 භාවයන්හි ද ගෝචර වන සතිය අපල අඩු කරයි. මුල්දින දෙකෙහිදී කර ගැනීමට නොහැකි වූ දේවල් මැද දිනවලදී සපුරා ගැනීමට හැකිවේ. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. පුණ්‍ය කටයුතුවලට සහභාගිවීමට ලැබේ. වචනය නිසා අන් අයගේ සිත් රිදීම් ඇතිවේ. පරෙස්සමෙන් වචන හසුරුවන්න. නිෂ්ඵල ගමන් නිෂ්ඵල වියදම් යෙදෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැළෙන දරුවන් ඔවුන්ගේ කටයුතුවලට පාඩු සිදු කර නොගනී. කලවා, දණහිස් වේදනා හටගනී. වෙල් මාළුන්ට ආහාර දීම සතියේ අපල අඩු කරයි.

අය 8, වැය 5, සුබ අංකය 3, සුබ වර්ණය - කහ, සුබ දවස - බ්‍රහස්පතින්දා

Comments