
නව නිර්මාණයන් දුටු විට අප කියන්නේ මේක විශ්ව කර්මයාගේ වැඩක් කියාය. එවන් විශ්ව කර්ම වැඩ කරන්නන් ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ මතු වූ අවස්ථා අපට නිතර අසන්නට දකින්නට ලැබේ.මේ කතාව ද එවන් අපූරු විශ්ව කර්ම කතාවකි.
මේ විශ්ව කර්ම කතාවේ කතා නායකයා ගම්පොල දොළුව අඹකුඹුර පදිංචි විකුම් සම්පත් දිඹුල්ගස්තැන්නය. විකුම් ගැන අප දන්නේ සහ ලියන්නේ වසර දහයකටත් අධික කලක සිටය. ශ්‍රී ලංකාවේ කසළ පරිසර අහිතකර ප්‍රශ්නයක් බවට පත් වූ කළ මඟ දෙපස එකතු වන කසල ස්වයංක්‍රීයව එකතු කර, වර්ග කර දිරන කසල ප්‍රතිචක්‍රිකරණය කර කසළ අංගණයට ඒවා මුදාහැරිය හැකි කසළ ප්‍රතිචක්‍රිකරණ යන්ත්‍රයක් නිර්මාණය කළේ ඔහුය. මෙම යන්ත්‍රය පිළිබඳ කතාබහ නිතර මතුවෙමින් යට යමින් ඔහේ පවතිද්දී බැරිම තැන එම එක යන්ත්‍රයක් යකඩවලට විකුණා දමා කුරුණෑගල මහා නගර සභාවේ ඉල්ලීම මත තවත් එවැනිම යන්ත්‍රයක් නැවත නිමවා රටේ ඉස්මතු වූ කෝවිඩ් වසංගත තත්ත්වය හමුවෙි එය ද දී ගත නොහැකිව කල්මරණ විකුම් ඉන් ද සැලුනේවත්, වැටුණේවත් නැත.
වැටුණත් නැඟිටින වැටි වැටි නැඟිටින මේ අපූරු මිනිසා වැටෙන පහරින් දිරිමත්ව නැඟී සිටින අභියෝග ආශිර්වාද බවට පත් කර ගත් මිනිසෙකු බව නැවතත් පසක් කරමින් දැන් නිපදවා ඇත්තේ සම්මත ඉන්ධන භාවිතයෙන් තොරව ක්‍රියාත්මක කළ හැකි විදුලි බලාගාරයකි. ඔහු දැනට නිපදවා ඇති විදුලි බලාගාරයෙන් නිවාස 10 ක සියලු විදුලි අවශ්‍යතාවයන් සපුරා ලිය හැකි බව ඔහු ස්ථිරව ප්‍රකාශ කරයි. අවස්ථාවක් ලබා දෙන්නේ නම් මෙම තාක්ෂණය උපයෝගී කරගෙන ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝජනය 100%කින්ම සපුරා ලිය හැකි විදුලි බලාගාරයක් නිපදවීමට තමන්ට හැකි බව නොබියව පවසයි. මේ ප්‍රකාශ නිනම්ම නිකං කට මැත දෙඩවීම් හෝ සාවද්‍ය ප්‍රකාශ ලෙස බැහැර ලිය නොහැක්කේ මේ වන විටත් නිවාස 10 ක විදුලි අවශ්‍යතා සපුරා ලිය හැකි විදුලි බලාගාරයක් නිම කර විදුලිය ලබා දී ඇති නිසාය.
සිළුමිණ අපි පසුගිය දා නැවතත් ගම්පොළ විකුම් සොයා ගියෙමු. ගෙදර මිදුලේ තැන තැන ගොඩ ගැසුණු යකඩ ගොඩවල්ය. මෙම යකඩ ගොඩවල් අතර සිට වෑල්ඩින් කර යකඩ පාස්සන,විවිධ දැතිරෝද වර්ග නිර්මාණය කරන කාර්මිකයන් හත් අට දෙනෙකි.
අප සුපුරුදු සෙනෙහසින් පිළිගත් විකුම් මේ විදුලි බලාගාරය පිළිබඳව අප හා කතාබහට පැමිණියේ කරමින් සිටි කාර්යය අතරමග නවතා දමා නොවේ.
මේ වනවිට දහවල් බතට වෙන් වූ වේලාව ද පසුවෙමින් තිබූ හෙයින් දිවා ආහාරය සඳහා වැඩ නවතා අපට ද දිවා ආහාරයට ඇරයුම් කර තම කාර්යය මණ්ඩලය සමඟ දිවා ආහාරය ගැනීමෙන් අනතුරුවය.
“මේ නිර්මාණය මම වසර අටක පමණ කාලයක් තිස්සේ කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් හැටියටයි නිර්මාණය කළේ. මේ සඳහා මූලද්‍රව්‍ය හැටියට මම භාවිතා කළේ රසදිය,තඹ,පිත්තල,මිනිරන් සහ සාමාන්‍ය යකඩ යන ද්‍රව්‍ය. මූලික රසදිය ,මිනිරන් සංවෘත බහාලුමක් ඇතුළතට දමලා විදුලිය උපයෝගී කරගෙන තත්පර 30 ක් තුළ සෙල්සියස් අංශක 300 - 320 අතර උෂ්ණත්වයක රත්කර ගන්නවා මේ තුළින් නිර්මාණය වන ස්ව උත්සාහ චුම්බක ක්ෂේත්‍රය විසින් බාහිර ශක්තියක් නැතිව විදුලි ජනන මෝටරයක් භ්‍රමණය කරන්න තරමට ශක්තියක් නිපදවනවා. මේ තාක්ෂණය උපයෝගී කරගෙන තමයි මම මේ කිලෝ වෝට් හතක පුංචි විදුලි බලාගාරයක් හදලා නිවාස දහයකට ප්‍රමාණවත් විදුලිය උත්පාදනය කර ගත්තේ. ගල් අඟුරු මෙහෙම රත් කළොත් දහනය වෙනවා.වාෂ්ප වෙනවා එවිට නිතර නිතර ගල් අඟුරු අවශ්‍ය වෙනවා. නමුත් රසදිය එහෙම වෙන්නෙ නැහැ. වසර දහස් ගණනක් අපට එම ශක්ති ප්‍රභවයන් ලබා දෙනවා. මුලින් යොදපු රසදිය රත්කරගන්න විතරයි තප්පර තිහකවත් විදුලිය අවශ්‍ය වෙන්නේ ඉන් අනතුරුව නැවත රත්කර ගන්න විදුලිය අවශ්‍ය වෙන්නෙ නැහැ. මේ තාක්ෂණය ගැන මාධ්‍යවල තොරතුරු පළවෙන කොට සතර දිගින් මේ රසදිය භාවිතාව පිළිබඳව විවිධ මත පළ වෙන්න ගත්තා. රසදිය ආසාදනය නිසා ලොව සිදු වූ විවිධ විපත් ගැන කියවෙන්න ගත්තා. මෙහිදී රසදිය භාවිතා වෙන්නෙ ශරීරගත වන ආකාරයට පරිහරණය වෙන දෙයක් හැටියට නෙමෙයි. සංවෘත්ත බහාලුමක් ඇතුළත එහෙමත් නැත්නම් රසදිය යෙදුවට පස්සෙ නැවත විවෘත කරන්න අනවශ්‍ය වනසීල් ටයිප් සිස්ටම් එකකට තමයි භාවිතා වෙන්නේ. එම රසදිය වලින් අංශු මාත්‍රාවක්වත් පරිසරයට නිරාවරණය වෙන්නෙ නැහැ. මේ රසදිය පිළිබඳ බොහෝ තොරතුරු අන්තර්ජාලය පිරික්සීමෙන් සොයා ගත හැකියි.
ආයුර්වේද වෙදකමේ නෙමේ අපේ හෙළ වෙදකමේ රස වෙදකම කියන වෙදකමේ දී රස බෙහෙත් හදන්න රසදිය භාවිතා කරනවා. ඒ රසදියවල විෂ මරලා රස බෙහෙත් හදන්න ගන්නවා. ඒ විෂ මරන්න ගන්නෙ බුලත් යුෂ. භෂ්ම රත්තරන් රසදියට මිශ්‍ර කරපුවාමත් රසදිය විෂ මැකෙනවා. මේ රසකිඳ අඩංගු රස බෙහෙත් පිළිකා, ඇතුළු බොහෝ බරපතළ රෝග සුවයට යොදාගන්නවා. මා අවුරුදු අටක් පමණ පර්යේෂණ කරද්දි මේ රසදිය පරිහරණය ඉතා ප්‍රවේසමින් මම කළේ.
මගේ අනෙක් නව නිපැයුම්වලට පත්වුන ඉරණම මේ විදුලි බලාගාරයටත් වෙයිද කියන බය මට තියනවා. ෆයිනස් කොළ වලින්. මම පෙට්‍රල් වලට සමාන ඉන්ධනයක් නිපදවූවා. ඒ නිපදවපු ඉන්ධන මම ලීටරය රු.60/- ගණනේ අපේ ගෙදර ළඟ වීල් පාක් එකේ අයට අලෙවි කළා. ඒ ඉන්ධන නිපදවීම නීති විරෝධියි කියලා එවකට හිටපු ගම්පොල ප්‍රාදේශීය ලේකම් තුමා ඒ යන්ත්‍ර සූත්‍ර වහාම ගලවන්න කිව්වා.
මම මේ විදුලි බලාගාර අදහස ගැන කියපු තවත් දෙයක් තියනවා.ඒක මම උදය ගම්මන්පිල හිටපු ඇමතිතුමාටත් කිව්වා. අද වෙනකොට නොරොච්චෝලේ විදුලි බලාගාරය දුවන්නෙ ගල් අඟුරු වලින්. කෙරවළපිටිය විදුලි බලාගාරය දුවන්නෙ දැවි තෙල් වලින්. මේ දෙකටම අධික වියදමක් දරන්න වෙලා තියනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ දුම් බටයෙන් එළියට දහනය වන ගින්දර දැල්ල අඩි අටක් පමණ උසට පැය විසිහතර පුරා දැල්වෙනවා.මේ දැල්ල අවුරුද්දේ දින 365පුරාම දැල්වෙනවා. නොරොච්චෝලේ සහ කෙළවරපිටිය විදුලි බලාගාර දෙකෙන්ම විදුලිය නිපදවනවා වගේ දෙගුණයක බලයක් හදා ගන්න ඒ පන්දමෙන් එන බලයෙන් පුළුවන් . විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව එකට එකතු වුනොත් මේ වැඩේ කරන්න පුළුවන්. මට ඒ සඳහාත් අවශ්‍ය තාක්ෂණික සහයෝගය දෙන්න පුළුවන්.“
මේ ගම්පොල විකුම් කියන කතාවයි. විකුම් ගම්පොල වික්‍රමබාහු විද්‍යාලයෙන් උසස් පෙළ කලා විෂයයන් හැදෑරු එහි ආදී සිසුවෙකි. විද්‍යා විෂසයන්වත් හදාරා නැති විකුම්ට මේ තාක්ෂණික දැනුම ලැබෙන්නේ කෙසේද? අපට ද ප්‍රශ්නයක් වූ මේ පිළිබඳව අපි විකුම්ගෙන් ප්‍රශ්න කළෙමු.
“මට හැම විටම යකඩ,රසදිය වගේ දේවල් පිළිබඳ මහා උනන්දුවක් දැනෙනවා. යකඩ පිච්චෙන සුවඳ මට දැනෙනවා.විශ්ව කර්ම නම් මුණිවරයා,රාවණා රජතුමා වගේ දේ පිළිබඳ හරියට මතු නොවන මතකයක් වගේ යමක් මට දැනෙනවා. මම මේ විදුලි බලාගාරයෙන් නිපදවෙන විදුලියෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ආලෝක පූජාවක් පවත්වන්න සැලසුම් කරමින් ඉන්නේ. එහි දී ඒ අවස්ථාවට සහභාගි වෙන්න කියලා මම අපේ රටේ විද්වතුන්ට, විද්‍යාඥයන්ට, ඉංජිනේරුවරුන්ට සහ අනෙකු වෘත්තිකයන්ටත්, මාධ්‍යවේදීන්ටත් ඉතා ගෞරවයෙන් ආරාධනය කරනවා. “
සුනිල් පොරමඬල
ඡායාරූප - තාරක විජේවර්ධන
කුලියාපිටිය සමූහ