
- මධ්‍යයට පීඩා වීමේ නිසැක ප්‍රතිඵලය හෘදය ආශ්‍රිත රෝග හටගැනීමයි. එහි පෙර නිමිති ලෙස කොලස්ටරෝල්, අධි රුධිර පීඩනය හට ගත හැකියි
- ජලය, ගින්දර ආදිය පිහිටුවීමත්, බිත්ති, අත්තිවාරම් ආදිය යෙදී තිබීමත්, නිරන්තරයෙන් එකී මධ්‍යය හරහා ගමන් කිරීමෙනුත් නිවෙසේ මධ්‍යයට පීඩා
- බ්‍රහ්ම පාදය, බ්‍රහ්ම බින්දුව, ගිනි කතිරය ආදී නම් කිහිපයකින් හඳුන්වන නිවෙසේ මධ්‍යය සොයාගන්නා හරි ක්‍රමය
වාස්තුමය දෝෂයක් බිය උපදවන මාතෘකාවකින් ආකර්ෂණයක් උපදවා ගැනීම ගැටලුවක් නොවෙතත් වාස්තු ශිල්පියකු විසින් සෑමවිටම සේවාලාභියකුට හෙවත් නිවැසියකුට හිමි කර දිය යුත්තේ බිය පහ වූ නිරවුල් විසඳුමකි. යම් කරුණකට ගුප්ත සංකල්පයන් අන්දවා සිදු කරන බියපත් කිරීම පවු සිදු වන්නක් ලෙස ආකල්පමය වැඩීමක් සහිත වූ වාස්තු ශිල්පියකුට දිවා රෑ දෙක්හි පින් වැඩෙනා බව අවධාරණය කළ යුතුය.
නිවෙසක මධ්‍යය (centre point) ලෙස අප හඳුන්වා දෙන, බ්‍රහ්ම පාදය, බ්‍රහ්ම බින්දුව, ගිනි කතිරය ආදී යෙදුම් කිහිපයක් හිමි මෙහි අදහස කුමක්ද ? මෙය සෙවීමට සුදානම් විද්‍යාර්ථියා කරනුයේ සම්ප්‍රදායිකව උගන්වා ඇති පරිදි නිවෙසේ වැඩිම දිග හා වැඩිම පළල සහිත හතරැස් (rectangle) රූපයක් සකසාගෙන එහි කොන් යා කරමින් එකිනෙක හරස් රේඛා දෙකක් ඇඳ ඒවායේ ඡේදන (කැපෙන) ස්ථානය වන මධ්‍යය සොයා ගැනීමයි. මෙය මධ්‍යය සෙවීමේ බොහෝ වැරදි සහගත ක්‍රමයක් වෙතත් එය පැහැදිලි කිරීමට පෙර මෙසේ සොයන මධ්‍යය යනු කුමක්දැයි අපි වටහා ගත යුතු වමු.
මෙකී මධ්‍යය සෙවීමේ කාර්යය කරුණු සහිතව නිරවුල්ව වටහා ගැනීමට නම් වාස්තු විෂයයට අදාළ බටහිර විද්‍යානුකූල පැහැදිලි කිරීම්වල අවශ්‍යතාව අපට මතු වේ. ඒ අනුව 1911/12 කාලයේදී වික්ටර් හස් නමැති විද්‍යාඥයා විසින් අන්තරීක්ෂ (cosmic) ශක්තිය ලෙස හඳුන්වා ගත් ශක්ති විශේෂයත්, එය පොළොවේ ගබඩා වී පොළොව එම ශක්තියෙන් සංතෘප්ත වූ පසු අමතරව ලැබෙන ශක්තිය පොළොවෙන් නිකුත් වන භූ (earth) ශක්තියත්, කවුරුත් දන්නා කාන්දම් හෙවත් චුම්භක (magnetic) ශක්තියත් යන්තමින් හෝ දැන සිටිය යුතු වේ. එසේ පොළොවෙන් නිකුත් වන ශක්ති ධාරාවේ කේන්ද්‍රය වන්නේ අප විසින් නිවැරදි ලෙස සොයා ගත් පෙර කී මධ්‍යය වේ. එබැවින් නිවෙසේ මධ්‍යය වූ කලී භූ ශක්තියේ කේන්ද්‍රය ද වේ.
මෙහිදී තවත් කරුණක් කිය යුතුයි. පොළොවේ සෑම තැනින්ම භූ ශක්තිය නිකුත් වුවත් නිවෙසට අයත් කොටස ලෙස තෝරා ගැනීමේදී වාස්තු සක්‍රිය වපසරිය (active area) ලෙස සලකනුයේ අත්තිවාරම, බිත්ති හා පියස්ස හෙවත් වහලය යන කොටස් තුනම සහිත කොටස පමණක් වේ. ඒ අනුව වැරන්ඩාව, පිළ හෝ බැල්කනි වැනි කොටස් පෙර කී සක්‍රිය වපසරියට අයත් නොවන්නේ එහි බිත්ති ඇතුළත් නොවන බැවිනි. මැද මිදුල්, කොට් යාර්ඩ් ආදිය එයට අයත් නොවන්නේ සක්‍රිය වපසරියට අයත් නොවන්නේ පියස්සක් ඊට ඇතුළත් නොවන්නේය. තාවකාලිකව පොළොව මතුපිටින් පිහිටුවන නිවෙස් කොටස් සක්‍රිය වපසරියට අයත් නොවන්නේ ඒ කොටසේ අත්තිවාරමක් නොමැති බැවිනි. මේ අනුව සක්‍රිය වපසරියේ කේන්ද්‍රය නිවෙසේ මධ්‍යය ලෙස හඳුනා ගනු ලබන අතර, එය පීඩා කිරීම වාස්තු දෝෂයක් ලෙස සලකනු ලැබේ.
මධ්‍යය පීඩා වීම යනු මූලික වශයෙන් එහි ජලය, ගින්දර ආදිය පිහිටුවීමත්, ඒ හරහා බිත්ති, අත්තිවාරම් ආදිය යෙදී තිබීමත්, නිරන්තරයෙන් එකී මධ්‍යය හරහා ගමන් කිරීමත් වේ. මෙසේ නොවන පරිදි මධ්‍යය සුරැකීම නොකළහොත් නිවැසියන්ගේ ශක්ති(energy) ශරීරයේ (ඕරාවේ -aura) පහළ කොටස් දුර්වල වීම සිදු වේ. ඒ අනුව එහි නිසැක ප්‍රතිඵලය වන්නේ ශරීරයේ හෘදය ආශ්‍රිත රෝග හටගැනීමයි. එවිට කොලස්ටරෝල්, සීනි ආදිය රුධිරයේ වැඩි වීම පෙරනිමිති සේ හට ගත හැකියි.
දැන් අප විසින් නිවැරදි මධ්‍යය සොයා ගන්නා ආකාරයත් මඳක් නිරවුල් කර ගත යුතු යැයි හැඟේ. මෙහිදී පළමු කොටම අදාළ නිවසේ පරිමාණ රූපයක් නිර්මාණය කර ගත යුතු වේ. මේ සඳහා මේ වනවිටත් නිවැරදි ඉදිකිරීම් සැලසුමක් (building plan) ඇඳ තිබෙන්නට පුළුවන. එසේ වුවත් එවැනි සැලසුමක් තිබුණද එයට වඩා වෙනස් අයුරෙන් නිවෙස ඉදිකර තිබෙන්නට ඉඩ ඇති බැවින් එකී සැළැස්මේ දිග පළල ආදිය නිවැරදි ලෙස ඇත්තේ දැයි යන්න ද අප විසින් විමසිය යුතුම වේ. එයට හේතුව සැලසුමට වෙනස් ව ගොඩනැඟීම් සිදු කිරීම වාස්තු පරීක්ෂාවේදී අපගේ සාමාන්‍ය අත්දැකීමක් වන බැවිනි.
කෙසේ හෝ වේවා නිවැරදි ඉදිකිරීම් සැලසුම අප සතුව ඇත්තේ නම් එහි පෙරද දැක්වූ පරිදි අත්තිවාරම්, බිත්ති හා පියස්ස සහිත කොටස් ඇතුළත් “ගෘහ පිණ්ඩය (සක්‍රිය වපසරිය)” අප විසින් සැලසුමෙන් කපා වෙන් කර ගත යුතු වේ. මෙසේ වෙන් කරගත් කඩදාසි කැබැල්ල මායිම්වලට ආසන්නයෙන් තියුණු කටුවක ආධාරයෙන් එල්ලා නිදහසේ කටුව වටා කරකැවෙන්නට සැලැස්විය යුතුයි. එසේ කඩදාසිය කටුව මත පැද්දී ගොස් යම් පිහිටුමක නැවතුණු පසු කටුව හරහා වූ සිරස් රේඛාව කඩදාසි කැබැල්ල මත සලකුණු කරගත යුතු වේ. මෙසේ එකිනෙකට දුරින් පිහිටි තැන් කීපයකින් කටුව යොදා මෙවැනිම සිරස් රේඛාවන් ඇඳ ඒවා එකිනෙක කැපී යන ස්ථානය නිවැරදි ලෙස සලකුණු කර ගත් විට එය අදාළ නිවෙසේ නිවැරදි මධ්‍යය වනු ඇත. (මෙය උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන භවතුන් ආස්තරයේ ගුරුත්ව කේන්ද්‍රය ලෙසද, ඝූර්ණය ශුන්‍ය වන ලක්ෂ්‍යය ලෙස ද හඳුන්වනු ලබන බව කිය යුතු වේ.) මෙකී ස්ථානය පරිමාණ රූපයට අදාළ පරිමාණ රූපයට අනුව නිවෙසේ කවර ස්ථානයේ පිහිටා ඇත්තේ දැයි සලකුණු කර බැලීමද එයින් පසුව සිදු කළ යුතුම වේ.
කෙසේ හෝ වේවා මෙසේ මධ්‍යය සොයා ගත් පසු එය පෙරද දැක්වූ පරිදි පීඩා වී ඇත්තේ දැයි විමසා බැලීම (නිවෙසේ දොරවල් ජනේල සංඛ්‍යාව, පඩිපෙළෙහි ඇති පඩි සංඛ්‍යාව, කුරුපා සංඛ්‍යාව, කුරිඤ්චි සංඛ්‍යාව ආදිය ගැන බැලීම මෙන් නොව) වාස්තු ශිල්පියා විසින් අනිවාර්යයෙන්ම කළ යුතුම කාර්යයක් බවද මෙහිදී අවධාරණය කළ යුතු වේ. යම් පීඩාවක් සිදු වී ඇත්නම් ඉදිකිරීමේ වෙනසක් සිදු කර හෝ මධ්‍යය පීඩාවෙන් නිදහස් කිරීම සිදු කළ යුතුම වේ. එසේ කැඩීම් බිඳීම් සිදු කිරීම පිරිවැය අධික හෝ කරදරකාරී යැයි හැඟී යන්නකුට වෙනත් ලොව පුරා අද භාවිතයට එමින් ඇති පිරමිඩ ආශ්‍රිත මෙවලම් වුව පහසුවෙන් භාවිතයට ගත හැකි බවද අවසානයේදී මෙසේ අවධාරණය කරන්නෙමු.
ප්‍රියන්ත දයාරත්න
සිවිල් ඉංජිනේරු
විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක