කෝණ මාසය අවසන් වීමට පෙර උදාවන ප්‍රබල නැකතක් | සිළුමිණ

කෝණ මාසය අවසන් වීමට පෙර උදාවන ප්‍රබල නැකතක්

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, ආචාර්ය කැලුම් ගුණතිලක

2022 ජුලි මස 14 වැනි ගුරු දින පෙ.ව. 10.24 මෙන්ම පෙරවරු 11.44 ට යෙදෙන ශුභ මුහුර්තය අත්‍යවශ්‍ය කටයුතු රැසක් උදෙසා භාවිත කළ හැකිය. විදේශගත වීම උදෙසා ඉල්ලුම් පත් යොමු කිරීමට, විදේශ රැකියා භාර ගැනීමට, නව රැකියා ආරම්භයට, මුදල් තැම්පත් කිරීමට, ඉඩකඩම් මිලදී ගැනීමට, කෙටිකාලීන ව්‍යාපාර ආරම්භ කිරීමට, ගිවිසුම් අත්සන් තැබීම් ආදියට ඉතා යහපත් කාලයකි. එමෙන්ම පැවිදි කිරීම උදෙසා ද මෙම නැකැත් යොදා ගත හැකිය.

තත්කාල මොහොතේ කන්‍යා රාශිය උදාවී පවතින අතර ලග්නාධිපති, දෙවැන්නාධිපති හා දස වැන්නාධිපති මෙන්ම නව වැන්නාධිපති දහ වැන්නේ යෝග වී තිබීම ධන යෝගයක් මෙන්ම ධර්ම කර්මාධිපති යෝගයක් ද නිර්මාණය කරයි. එමෙන්ම දහවැන්නේ බුධ ජීවක්කේන්ද්‍රව භද්‍රා නම් පංච මහා යෝගයද, හතර හත අධිපති ගුරු හත්වැන්නේ සිට ගුරු හංස නම් පංච මහා යෝගය ද උදා කරයි. තවද කුජ විසින් සරලා නම් විපරීත රාජයෝගයක් තත්කාලය තුළ නිර්මාණය කර ඇත. විද්‍යා, වාණිජ දැනුම දෙන බුධ ආදිත්‍ය යෝගයක් ද කර්ම ස්ථාන ගතයි.

රාජ්‍ය කාරක රවීට අයිති උත්‍රසල නැතත උදා වනු ඇත. එබැවින් බෙරණ, පුවපල්, පුවසල, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙණ, හත, සුවන, මුවසිරස, සිත, දෙනට, විසා, පුනාවස, විස, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී යන නැකැත් හිමි අයට ආර්ථික, ගිවිසුම්, අධ්‍යාත්මික, අධ්‍යාපනික ක්ෂේත්‍ර මුල්කොට ඕනෑම කටයුත්තක් උදෙසා යොදා ගත හැක. එදින ශුභ දිශාව උතුරු දිශාවයි.

Comments