‘හින්දි සිනමාවට හොලිවුඩ් බලපෑම වැඩියි‘ වරුන් ධවාන් දොස් කියයි | Page 2 | සිළුමිණ

‘හින්දි සිනමාවට හොලිවුඩ් බලපෑම වැඩියි‘ වරුන් ධවාන් දොස් කියයි

වරුන් ඒසේ  පවසා ඇත්තේ  ජනප්‍රිය වෙබ් අඩවියකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්.

 

වර්තමානයේදී බොලිවුඩ් සිනමාපට සඳහා හොලිවුඩ් සිනමාපටවලින් අභාසය ලබා ගැනීම වැඩි වී ඇති බවත්, ඒසේ කිරීම වහාම නවත්වා දැමිය යුතු බවත් ජනප්‍රිය බොලිවුඩ් නළු වරුන් ධවාන් පවසා තිබේ. විශේෂයෙන්ම කොවිඩ් වසංගතයෙන් පසු අලුතෙන් නිෂ්පාදනය කෙරෙන සිනමාපට සඳහා හොලිවුඩ් සිනමාපටවලින් කොටස් ඒලෙසින්ම යොදා ගනිමින් තිබෙන බව පෙන්වා දෙමින් ධවාන් පවසා ඇත්තේ මේ වන විට නිෂ්පාදනය කෙරෙන හින්දි සිනමාපට තවදුරටත් ඉන්දියානුවන්ට ආගන්තුක වනු ඇති බවයි.

 

“දැන් බොලිවුයේ නිෂ්පාදනය කෙරෙන පවුලේ සිනමාපට සියල්ලම වාගේ හොලිවුඩ් ආභාසය ලබනවා. ඒසේ වීමට හේතුව කොවිඩ්වලින් පස්සේ කිනම් වර්ගයේ සිනමාපට ජනප්‍රිය වේද යන්න සම්බන්ධයෙන් පවතින අවිශ්වාසය. ඇත්තටම දැන් බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවනු ඇත්තේ කිනම් අන්දමේ චිත්‍රපටද කියලා අපට අනාවැකි කියන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒ් නිසා හැම දෙනාම හොලිවුඩය පැත්තට හැරිලා ඉන්නේ. ඒ්ත් මේ නිසාම අපට අපේ හින්දි සිනමාව අහිමි වෙමින් පවතිනවා.”

 

වරුන් ඒසේ පවසා ඇත්තේ ජනප්‍රිය වෙබ් අඩවියකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්. වරුන් ධවාන් තම අතිශයින් ජනප්‍රිය වූ ‘ස්ට්‍රීට් ඩාන්සර් 3D‘ සිනමා පටය තිරගත වීමෙන් පසුව වසර දෙකක නිහඬතාවයකින් පසු විය. පසුව ඔහු ධර්ම ප්‍රඩක්ෂන් යටතේ නිෂ්පාදනය කෙරුණු ‘ජුගියුග් ජීයෝ’ සිනමාපටයට රංගනයෙන් දායකත්වය ලබා දුන්නේය. කරන් ජොහාර්ගේ උපදේශකත්වය යටතේ රාජ් මෙහෙතා විසින් අධ්‍යක්ෂණය කළ කොමඩි සිනමාපටයකටද ධවාන් දායකත්වය සපයා තිබේ. කෙසේ වුවද වරුන් ධවාන් පෙන්වා දෙන්නේ කොවිඩ්වලින් පසු හින්දි සිනමාව වල්මත්වෙමින් පවතින බවට සාධක යැයි මේ පුවත වාර්තා කළ බොහෝ ඉන්දියානු සිනමා පුවත් පෙන්වා දී තිබේ.

 

“කොවිඩ් එයි කියලා කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. කොවිඩ් නිසා ඒ් කාලසීමාවේදී සිනමා කර්මාන්තය ඇණ හිටියා. දැන් ඒය යළිත් ජනතාව අතරට ගෙන යා යුතු වන්නේ කිනම් මුහුණුවරකින්ද කියලා ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා.“ වරුන් ධවාන් වැඩිදුරටත් පවසා තිබේ.

 

වරුන්ගේ මෙම ප්‍රකාශය අද වන විට ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ බලවත් කතාබහට ලක්වෙමින් පවතින්නේ ඔහුගේ ප්‍රකාශයේ ඇති සත්‍යතාව පදනම් කර ගනිමිනි.

 

වරුන් ධවාන් යනු මේ වන විට ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ වැඩිම ගෙවීම් ලබනා නළුවෙකි. 1987 උපත ලැබූ ඔහු මේ වන විට බොක්ස් ඔෆීස් වාර්තා තැබීමට සමත් වූ චිත්‍රපට 11කට රංගනයෙන් දායක වී තිබේ. ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරයකු වන ඩේවිඩ් ධවාන්ගේ පුත්‍රයා වූ වරුන් නොටිංහැම් ට්‍රෙන්ට් සරසවියේ ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ උපාධිධරයෙකි. ඔහුගේ පියා කොතරම් සිනමාවට සමඟ සම්බන්ධකම් පැවැත්වූවෙක් වුවද වරුන් ධවාන් 2010 දී හින්දි සිනමාවට ඒක්වූයේ ජනප්‍රිය හින්දි චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජෙහාර්ගේ ‘නමි නේම් ඉස් කාන්’ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයකු වශයෙනි.

 

වරුන් ධවාන් හින්දි සිනමාවේ හෙලිවුඩ් අනුකාරක සම්බන්ධව අදහස් දැක්වීම යම් තරමකට යල් පැනගිය ඒකක් බවටද ඇතැම් විචාරකයන් පවසන්නේ පසුගිය දශකයක පමණ කාලය පුරා ඒක දිගට හොලිවුඩ් සිනමාපට අනුකරණය කරමින් නිපදවුණු හින්දි චිත්‍රපට රාශියක් තිරගත වීම හේතුවෙනි. මේ චිත්‍රපට මුල් යුගයේදී ජනප්‍රිය වුවද පසුව ඒ්වා අසමත් වෙමින් වඩා ඉන්දීය සංස්කෘතියට සමීප වූ චිත්‍රපට ජනතාව අතර ජනප්‍රිය වන්නට විය.

 

Comments