
මේෂ - යුක්ති සහගතව වැඩ කරයි
ග්‍රහලොව මවු රැජින වන සඳු 11, 12, 01 සහ දෙවැන්න මත ගෝචර වෙයි. ආත්ම ධෛර්යයෙන් යුතුව තමාට පැවරෙන වගකීම් නිසි ලෙස ඉටුකරයි. ලැබීම් වගේම වැයවීම් ද යෙදෙයි. සතියේ අගදී ඇසුරු කරන කෙනකු නිසා කලකිරීමක් ඇති වූවත් උත්සාහය අත නොහරින්න. වාසනාවන්ත සතියකි. සතියේ අපල මඟ හරවා ගැනීමට මුල් දිනයේ විහාරස්ථානයට ගොස් නිල් මල් ටිකක් පූජා කර විෂ්ණු දෙවියන්ට පින් දෙන්න.
•අය 11, වැය 05, සුබ අංකය 02, සුබ වර්ණය - රතු, සුබ දවස - ඉරිදා
වෘෂභ - වාසනාවන්ත සතියකි
ග්‍රහ ලොව මවු රැජින වන සඳු ගමන් කරනුයේ 10, 11, 12 සහ ලග්නය මතිනි. රැකියාව සම්බන්ධයෙන් වැඩියෙන් මහන්සි වෙන්නට සිදුවන අතර, දුර ගමන් ද යෙදෙයි. ආදායම් තත්ත්වය සුබ අතට හැරෙයි. උත්සාහයෙන් වැඩ කටයුතු කිරීම තුළින් ඔබ නොසිතන වාසි අත්කර ගැනීමට මේ සතිය උපකාරී වෙයි. අන්‍යයන්ගෙන් ගෞරව සැලකිලි ලබයි. විදෙස්ගත වන්නන්ට සුබය.
•අය 14, වැය 08, සුබ අංකය 06, සුබ වර්ණය - නිල්, සුබ දවස - සිකුරාදා
මිථුන - පුන්‍ය සිතුවිලිවලට වැඩි ඉඩක්
ග්‍රහ ලොව මවු රාජිනිය සඳු ගමන් කරනුයේ 9, 10, 11 සහ 12 වැන්න මතිනි. ආරම්භයේ සිටම සිතට සහනයක් ගෙන දෙන අතර ආගමික භක්තියෙන් කටයුතු කරයි. ඇවිදිලි වැඩිවෙයි. ලැබීම් අතින් යහපත්ය. විදෙස්ගත හිතවත් අයගෙන් උපකාර ලැබීමක් හෝ ඥාති හිතවතකුගේ විදෙස් ගමනක් යෙදෙයි.
•අය 05, වැය 03, සුබ අංකය 05, සුබ වර්ණය - කොළ, සුබ දවස - සඳුදා
කටක - මිල මුදල් ලාභ
ග්‍රහලොව මවු රැජින සඳු ඔබගේ කේන්ද්‍රයේ 8, 9, 10 සහ 11 වැන්න මත ගෝචර වෙයි. සතියේ ආරම්භය එතරම් සුබඵල අත් නොවෙයි. පිනට දහමට සිත් යයි. රැකියා කටයුතුවල වෙනසක් ඇති විය හැකි මේ සතියේ මිල මුදල් හෝ වෙනත් ලැබීම්වලට ඉඩකඩ පවතී. අලස නොවී ධෛර්යයෙන් සහ උත්සාහයෙන් කටයුතු කරන්න.
•අය 11, වැය 09, සුබ අංකය 07, සුබ වර්ණය - සුදු, සුබ දවස - සඳුදා
සිංහ - රැකියා කටයුතු සාර්ථක වේ
ග්‍රහලොව මවු රැජින මේ සතියේ ඔබගේ කේන්ද්‍රයේ 7, 8, 9 සහ 10 වැන්න මත ගමන් කරයි. කරන කියන රැකී රක්ෂාවල දියුණුවක් පෙන්වයි. ගෘහ ජීවිතයේ සතුට ඇතිවේ. මවු පාර්ශ්වයෙන් උපකාර ලැබෙයි. සිතෙහි ස්ථිර අධිෂ්ඨානයක් ඇතිව වැඩ නොකළහොත් ලාභ ප්‍රයෝජන ගිලිහී යා හැක. සතිය අවසානයේ ගමන් බිමන් යෙදේ. උදර රෝගවලට ඉඩ ඇත.
•අය 14, වැය 11, සුබ අංකය 04, සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා
කන්‍යා - දහමට අනුව කටයුතු කරයි
ග්‍රහලොව මවු රැජින සඳු ගමන් කරනුයේ 6, 7, 8 සහ 9 වැන්න මතිනි. උදර රෝගවලට අවකාශ ඇති බැවින් සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වන්න. ස්ත්‍රී පක්ෂයේ අයගෙන් උපකාර හිමිවේ. ඇසුරු කරන අයගේ වචනයක් නිසා කලකිරීම් පැමිණේ. පුන්‍ය කටයුත්තකට යොමුවී එවැනි සිත් රිදීම් මඟහරවා ගන්න.
•අය 05, වැය 04, සුබ අංකය 03, සුබ වර්ණය - කොළ, සුබ දවස - සිකුරාදා
තුලා - දරුවන්ගේ දියුණුව
ග්‍රහලොව මවු රැජින ඔබගේ කේන්ද්‍රයේ 5, 6, 7 සහ 8 වැන්න මත ගෝචර වෙයි. සතියේ මුල් දිනවල දරුවන්ගේ දියුණුව නිසා සිතෙහි ප්‍රීතිය ඇතිවේ. සුළු අසනිප මතු වීමට පුළුවන. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න. ව්‍යාපාර හා රැකී රක්ෂාවලින් ලාභ ප්‍රයෝජන හිමිවේ. සතියේ අපල මඟහරවා ගැනීමට කරද වෘක්ෂයකට ජලය ටිකක් දමන්න. එසේ නොමැති නම් රෝගියකුට පාන වර්ගයක් පිරිනමන්න.
•අය 11, වැය 08, සුබ අංකය 08, සුබ වර්ණය - නිල්, සුබ දවස සිකුරාදා
වෘශ්චික - ගුණධර්ම වර්ධනය වේ
ග්‍රහලොව මවු වන සඳු ගමන් කරනුයේ 4, 5, 6 සහ 7 වැන්න මතිනි. ගෙදර දොර වැඩ කටයුතු සාර්ථකව ඉටුකරයි. මවු පාර්ශ්වයෙන් හෝ වෙනත් අයගෙන් උපකාර හිමිවේ. දරුවන්ගේ දියුණුව පෙන්වයි. ව්‍යාපාර ගොවිතැන් කටයුතුවලින් සෑහීමකට පත්වෙයි. අසනීප ගති මෙන්ම චිත්ත පීඩාවලට ඉඩ ඇත. සතියේ අපල අවම කර ගැනීමට කුඩා දරුවකුට රසකැවිලි පරිත්‍යාග කරන්න. මෛත්‍රිය වර්ධනය වේ.
•අය 08, වැය 05, සුබ අංකය 05, සුබ වර්ණය - රතු, සුබ දවස - බ්‍රහස්පතින්දා
ධනු - සහෝදරයන් සමඟ බැඳීම් ඇතිවේ
හග්‍රහලොව මවු රැජින වන සඳු 3, 4, 5 සහ 6 වැන්න මත ගමන් කරන මේ සතියේ මවට, සහෝදරාදීන්ට ඇති ඇල්ම වර්ධනය වේ. පදිංචි ස්ථානය, නිවෙස ගොඩනඟා ගැනීමට ස්ථිර අධිෂ්ඨානයකින් කටයුතු කරයි. දරුවන්ගේ පුන්‍ය සිතුවිලි වර්ධනය වන අන්දමේ කටයුතු සලස්වයි. රැකියාව පිළිබඳව වෙහෙසෙන්නට සිදුවෙයි. සතියේ අපල අවම කර ගැනීමට මවට උපස්ථාන කරන්න. උදරාබාධවලට ඉඩ ඇති බැවින් ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වන්න. .
•අය 14, වැය 08, සුබ අංකය 03, සුබ වර්ණය - කහ, සුබ දවස - බ්‍රහස්පතින්දා
මකර - ප්‍රීතිමත් සතියකි
ග්‍රහලොව මාතාව සඳු ඔබගේ කේන්ද්‍රයේ 2, 3, 4 සහ 5 වැන්න මත ගෝචර වන සතිය සුබ අසුබ මිශ්‍ර ඵල ප්‍රදානය කරයි. ව්‍යාපාර හෝ රැකියා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. සහෝදර බැඳීම් වැඩිවේ. පදිංචි ස්ථානයේ දියුණුව පිණිස වෙහෙසෙයි. මවගේ වුවමනා එපාකම් සොයා බලයි. දරුවන් සමඟ සතුටින් කල් ගෙවයි. ඔබගේ වචනයට අන්‍යයන් ගරු කරයි.
•අය 05, වැය 08, සුබ අංකය 06, සුබ වර්ණය - නිල්, සුබ දවස - සිකුරාදා
කුම්භ - නිවෙසෙහි අලංකාරයට වෙහෙසේ
ග්‍රහලොව මවු රැජින වන සඳු ඔබගේ කේන්ද්‍රයේ 1, 2, 3, 4 යන භාවයන්හි ගමන් ගනියි. මුහුණ ආශ්‍රිත අවයවයන්හි සුළු වේදනා මතුවිය හැක. නිවෙස තුළ අලංකාර ලෙස වෙනස්කම් සිදු කරයි. සතුරු කරදර පහව යයි. මවගේ උපකාර ලැබේ. මානුෂිකත්වය පෙරදැරිව අන්‍යයන්ගේ දුකට පිහිට වෙයි. අපල අවම කර ගැනීමට චෛත්‍යක් අභියස සුදු මල් පූජා කර දෙවියන්ට පිං දෙන්න.
•අය 14, වැය 11, සුබ අංකය 09, සුබ වර්ණය - නිල්, සුබ දවස - සිකුරාදා
මීන - වචනය පිළිබඳ ප්‍රවේශම් වන්න
මවු රැජින සඳු 12, 1, 2, 3 මතින් ගමන් කරයි. සතිය ආරම්භයට වඩා මැද හරියේදී සතුටු සිතින් කරන කියන කටයුතුවල නියැළේ. වචනය නිසා සිත් රිදීම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.
•අය 08, වැය 05, සුබ අංකය 09, සුබ වර්ණය - කහ, සුබ දවස - බ්‍රහස්පතින්දා