
2022 ජුනි මස 27 වැනිදා ග්‍රහ ලොව සෙන්පති කුජ මේෂ රාශියට ප්‍රවිෂ්ට වේ. මේසය යනු කුජගේ නිවසකි. එනම්, ස්වතන්ත්‍ර රාශියකි. තත්කාල කේන්ද්‍ර සටහනේ ලග්න 4කට රුවක යෝග නිර්මාණය වේ. සෑම ලග්නයකම ක්‍රියාකාරීත්ව ඉහළ දමයි. එය ඇතමෙකුට ශුභ ලෙස ද, තවත් අයකුට අශුභ ලෙස ද බලපෑම් එල්ල කරනු ඇත. කුම්භ ලග්න කේන්ද්‍රයේ වික්‍රම ස්ථානය තුළ කුජ බලවත් වීම ලංකාවේ බලය යම් ප්‍රමාණයකට ඉහළට ඉසැවීමට හේතු වනු ඇත. වික්‍රමාන්විත මිනිසුන් එළියට බසිනු ඇත. නිර්මාණශීලී අදහස් සහිත අයට අවස්ථාවන් උදාවීම සිදුවේ. රටේ අධිකාරි බලය හසුරවන්නන් යම් දුරකට ප්‍රබල වේ. පැතිරීම ද වේගවත් හා විනාශකාරී විය හැක. ක්‍රියාකාරී තරුණ නායකයන් කලඑළි බසිනු ඇත.
මේෂ - කේන්තිය පාලනය කරගත යුතුයි. ආවේගශීලී වෙයි. බුද්ධිමත් වන තරමට ගෞරවය පැතිරේ.
වෘෂභ - දුර බැහැර ගමන් වලින් අනතුරු සිදුවේ. නීතිමය ගැටලුවලින් පරෙස්සම් වන්න. යාන වාහන ආදියට පීඩා එල්ල කරයි.
මිථුන - නව ආයෝජන පිළිබඳ සිත ඇදී යයි. යාන්ත්‍රික කටයුතුවලට ශුභයි. කළමනාකරණ හැකියාවන් දියුණු කරයි.
කටක - ලේ ධාතුව සම්බන්ධ රෝග උදාවිය හැක. රැකියා කටයුතුවලින් උසස් වේ. අභියෝග ජය ගැනීමේ වාසනාව උදාවේ.
සිංහ - පවු, පින් ඉස්මතු කරයි. අධ්‍යාත්මික කටයුතු කෙරෙහි සිත ඇදී යයි. උසස් අධ්‍යාපනික කටයුතුවලට ඉතා ශුභයි.
කන්‍යා - කොන්ද ආශ්රිත රෝග උදාවේ. හදිසි අනතුරුවලින් පරෙස්සම් වන්න. යුග ජීවිතවලට ද බාධා එල්ලවෙයි.
තුලා - හවුල් ව්‍යාපාර කටයුතුවලට ඉතා ශුභයි. පොදු කටයුතුවලදී නායකත්වය දරයි. අවිවාහක අයට විවාහ සබඳතා උදා වෙයි.
වෘශ්චික - සතුරු බලවේග යටපත් වෙයි. උදරගත අන්ත්‍රගත රෝග සුවපත් කරයි. යහපත් සේවක ලාභ උරුමයි.
ධනු - ප්‍රේම සබඳතාවලට බාධා එල්ල වෙයි. නව ප්‍රේම සබඳතා උදාකරයි. අධ්‍යාපනික කටයුතුවලට පීඩා එල්ල වුවද තරගකාරී දෙයින් ජය ලබයි.
මකර - වාසස්ථාන ලාභ ලැබේ. ඉදිකිරීම්, යාන වාහන කටයුතු වලින් දියුණු කරයි. ඥාතීන් අතර සුබපලයෙක් බවට පත් කරයි.
කුම්භ - පෞරුෂත්වය වර්ධනය වේ. නව ආදායම් උත්පාදනය කරයි. ලිපි, ලේඛන ආදී කටයුතුවලින් ජය අත්වෙයි.
මීන - ආවේගශීලී බව නිසා නැති සතුරන් ඇති කරගනී. ධන හානි, විනාශවීම් උදාවිය හැක. ඇස් ආශ්රිත රෝග ද ඇතිවීමේ ඉඩ පවතී.
ප්‍රවීණ ජ්‍යොතීර්වේදී වාස්තු විද්‍යාඥ ආචාර්ය කැලුම් ගුණතිලක