
අනුරාධපුර එප්පාවල ඇඳගල මංසන්ධිය ආසන්නයේ නිෙවසක් තුළ වෙඩි තබා ඝාතනය කළ පුද්ගල මළ සිරුරක් හා අමානුෂික අයුරින් කපා කොටා ඝාතනය කළ පුද්ගල මළ සිරුරක් අද (07) උදෑසන සොයාගත් බව එප්පාවල පොලීසිය පැවසීය. එප්පාවල ඇඳගල මංසන්ධිය ආසන්නයේ, ඇඳගල - එප්පාවල ප්‍රධාන මාර්ගය අසල පිහිටි දෙමහල් නිෙවසක් තුළ මෙම පුද්ගලයන් දෙදෙනා ඝාතනය කර ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එප්පාවල ඇඳගල පිහිටි අදාළ නිෙවසේ හිමිකරු වන කවින්ද ප්‍රසාද් වීරකෝන් 31 හැවිරිදි පුද්ගලයකු හා ඔහුගේ මිතුරකු වන වෘත්තියෙන් ත්‍රී රෝද රථ රියදුරකු වන ඒබ්‍රහම් මොහොමඩ් මුභාරක් (47) නම් සිවුදරු පියෙකි.
ඒබ්‍රහම් මොහොමඩ් යන අය නිෙවසේ සාලයේදී මෙරට නිෂ්පාදිත බවට සැක කරන ගිනි අවියකින් (ෂොට් ගන්) හිසට වෙඩි තබා ඝාතනයට ලක් කර තිබිණි. මළ සිරුර අසල අදාළ ගිනි අවියෙන් නිකුත් වූ ඊයම් කැබලිද පොලීසිය සොයා ගෙන තිබිණි. නිවසේ හිමිකරු වන කාවින්ද ප්‍රසාද් නැමැත්තා නිෙවසේ සාලයට යාබද නිදන කාමරයකදී ඇඳ අසල බිම කපා කොටා ඝාතනයට ලක් කර තිබිණි. ඔහුගේ මුහුණ අත් ඇතුළු උඩුකය අමානුෂික ලෙස කපා දමා ඇති අයුරු දැකගත හැකි විය.
අද (07) අලුයම් කාලයේ මොවුන් ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි. එප්පාවල නගරයේ ඉන්ධන පිරවුම්හලකින් ත්‍රී රෝද රථයට ඉන්ධන ලබාගෙන මොවුන් ත්‍රී රෝද රථයේ හිමිකරුගේ නිෙවසට ගොස්, නැවත කවින්ද ප්‍රසාද් නැමැත්තා නිවෙසට ඇරලීමට ඊයේ (06) මධ්‍යම රාත්‍රිය ආසන්නයේ පැමිණීමෙන් පසු මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි ඝාතනයට ලක් වූ ත්‍රි රෝද රථ හිමිකරුගේ බිරිය වන ෆාතිමා ෂානාස් පැවසුවාය. සැමියා අද (07) උදෑසන වන විටත් නිවසට නොපැමිණීම හේතුවෙන් කවින්ද ප්‍රසාද්ගේ නිවෙසට පැමිණි බවත් ඒ අවස්ථාවේදී තම සැමියා හා කවින්ද ප්‍රසාද් ඝාතනය කර ඇති අයුරු දැක පොලීසියට පැමිණිලි කළ බවත් ඇය පැවසුවාය. කවින්ද සමඟ නිවෙස ඉදිරිපිට වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයක හිමිකරුගේ දියණිය පෙම් සම්බන්ධතාවක් පැවැත්වීම හේතුවෙන් ආරවුලක් පැවති බවත්, මීට පෙරද කවින්ද යන අය මෝටර් රථයකින් රිය අනතුරකට ලක් කර අදාළ වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයේ හිමිකරු විසින් කවින්දගේ අතක් කැපූ බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය. ඒ නිසා ඔහු මෙම ඝාතනය කරන්නට ඇතැයි සැකයක් පවතින බවද ඇය පැවසුවාය.
![]() |
ඝාතනයන් සිදු වූ නිෙවස |
අනතුරුව පොලීසිය විසින් ඝාතනය සිදු වූ නිෙවස ඉදිරියේම ඇති අදාළ වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානය හා ඔහුගේ නිවෙසද පරික්ෂාවට ලක් කළ අතර, වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයේ, නිවෙස පරිශ්‍රයේ හා ලිඳ අසල තිබී ලේ පැල්ලම් 03 ක් නිරීක්ෂණය වීමත් සමඟ, ඔහුගේ ආරක්ෂාව හා පොලීසියේ වැඩි දුර විමර්ශන සඳහා අදාළ පුද්ගලයා එප්පාවල පොලීසිය වෙත රැගෙන ගියහ.
අදාළ වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයේ හිමිකරුගේ දියණිය සමඟ ඝාතනයට ලක් වූ කවින්ද ප්‍රසාද් ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වීම හේතුවෙන් ඇති වූ ආරවුලක් දුර දිග යෑම හේතුවෙන් අධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් පැවති බවද පොලීසිය පවසයි.
ඝාතනයන් සිදු වූ නිෙවසේ ස්ථාන කීපයක ඇඟිලි සලකුණු ලබා ගැනීම සිදු කෙරුණු අතර, අදාළ ඝාතනයන්ගෙන් පසුව භාවිත කළ බවට සැක කෙරුණු ලේ තැවරුණු හිස් මත්පැන් බෝතලයක් පොලිස් නිල සුනඛ ඩයිසර් වෙත ඉව ඇල්ලීමට සැලැස්වීමෙන් පසු පොලීසිය සැකපිට පොලිස් භාරයට ගත් පුද්ගලයාගේ නිවසට හා ලිඳ අසලට ගමන් කළහ. අදාළ මත්පැන් බෝතලයෙන්ද ඇඟිලි සලකුණු කීපයක් ලබා ගන්නා අයුරු දැක ගත හැකි විය.
සිද්ධිය සිදු වූ ස්ථානයට තඹුත්තේගම ප්‍රධාන මහේස්ත්‍රාත් එම්. වී නුවන් කෞශල්‍ය පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදු කළහ. අනතුරුව මහේස්ත්‍රාත්තුමන් සැකපිට පොලිස් භාරයට ගත් පුද්ගලයාගේ නිවසේ තිබූ ලේ පැල්ලම්ද පරික්ෂා කරනු ලැබීය. එප්පාවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.