හුදු උපහාසය ඉක්මවා ගිය වේදනාකාරී උත්ප්‍රාසයක් | Page 2 | සිළුමිණ

හුදු උපහාසය ඉක්මවා ගිය වේදනාකාරී උත්ප්‍රාසයක්

එස්. ජී. පුංචිහේවා

කෘතිය - රූකඩ අන්දරය 
කතෘ - එස්. ජී. පුංචිහේවා 
සරසවි ප්‍රකාශනයකි. 
මිල - රු. 300 
පිටු ගණන 104 කි. 
විිමසීම් - 077 958 7457

“ඉතින් ඔබ සොයන මිනිසා ඉන්නේ ඔබ තුළමයි. හැබැයි ඊට පෙර ඒ මිනිසාට පිටතට පැමිණීමට මඟ අහුරාගෙන සිටින රූකඩයා පලවා හැරිය යුතුයි.” 

“රූකඩයා ඇතුළත මිනිසා ලෙස වෙස් වළාගෙන සිටිනතාක් පලවා හැරීමට පහසු නැහැ නේද ස්වාමිනි” යි දෙවැන්නා යළිත් විමසී ය.

“ඔව් පළමුව රූකඩයා පිටින් පැමිණියකු බව හඳුනාගත යුතුයි. ඒ සමඟ ඌ පලවා හැරිය යුතු බව තනි තනිව වටහා ගත යුතුයි.”

එස්. ජිී. පුංචිහේවා විසින් ලියන ලද රූකඩ අන්දරය නම් මෙම කෘතිය මූලික අර්ථයෙන් නිර්මාණාත්මක ප්‍රකාශනයක්ය යන්න අවිවාදිත ය. එහෙත් මෙහි ඇති වැදගත්කම වන්නේ අපේ කාලයේ සමාජ දේශපාලන වීමංසනයක් හැටියට එය දැැකිය හැකි වීමයි. විශේෂයෙන්ම පසුගිය දේශපාලන කාලවකවානු තුළ සිටම මෙරට සමාජය රූකඩ ගතවීමක් වශයෙන් ඔහු පවසන මේ සමාජ දේශපාලන යථාර්ථය පහසුවෙන් බැහැර කළ හැක්කක් නොවේ. මන්ද යත් දැන හෝ නොදැන යම් යම් අවස්ථාවලදී අපද මෙම රූකඩයින්ගේ තත්වයට පත්වීම සිදුුවිය හැක්කක් වන හෙයිනි. පොදුු සමාජ යථාර්ථය සමඟ ගැට ගැසිී සිටින පොදුු මිනිසුන්ට අයත් වන පොදු ඉරණමක් වශයෙන් එය හඳුනා ගැනීමට සිදුවේ.

වරක් අප සමග පැවැත් වූ පුවත්පත් සාකච්ඡාවකදි පුංචිහේවා මහතා කළ අනාවරණයක් මෙහිදි සිහිපත් වේ. ඊට අනුව අද අප ජීවත් වන්නේ ප්‍රබන්ධගත සමාජයක ය. ජිවත් වන මිනිසුන් ද ඒ තුළ ප්‍රබන්ධගත චරිත බවට පත් වී සිටියි. එයින් පැහැදිලි වන්නේ පොදුවේ ගත් කළ සෑම මිනිසකුම පාහේ ස්වාධීන විනිශ්චයකින් තොර බව ය. ඔවුහු ප්‍රබන්ධගත අදහස් හා ආකල්ප මත නැටවෙන්නන් වෙති.

ඔහුගේ ඒ සමාජ නිරීක්ෂණය අපට පෙන්වා දෙන්නේ සමස්තයක් වශයෙන් සමාජයක් ප්‍රබන්ධයක් වූ තැනදි පොදු මිනිසා ද සිය පැවැත්ම වෙනුවෙන් දැන හෝ නොදැන ප්‍රබන්ධ ගතවීමට යොමු වෙනවාය යන්නයි. ඉහතින් කී රූකඩ අන්දරය කෘතිය විසින් ප්‍රතිනිර්මාණය කරනු ලබන්නේ එම අදහස්වල විකාශනයක් යැයි සිතමි.

කෘතියක් වශයෙන් ගත් කළ මෙහි එන සදය උපහාසය කතුවරයාගේ බොහෝ නිර්මාණ තුළ දැැකිය හැකි වුවද මෙතනදී නම් ඔහු මතු කරන්නේ හුදු උපහාසය ඉක්මවා ගිය වේදනාකාරි උත්ප්‍රාසයකි. ඔහුගේම වදන්වලින් ගත් කළ ඒ පෙන්වාදීම මෙසේ ය.

“මිනිසාට අයිති මිනිස්කම නිදහස් කර ගැනීමට නම්, ඒ මිනිසා මැඬගෙන මතුව සිටින රූකඩයා පලවා හැරිය යුතු ය. එය තනිවද, සාමුහිකවද දැැරිය යුතු ප්‍රයත්නයකි. තනි තනිව නිදහස්වීම සැබෑ නිදහස නොවේ යැයි සිතමි. සාමුහිකව නිදහස්වීම සැබෑ නිදහස ය.”

“අන්න ඒ නිදහස උදෙසා මේ රූකඩයන් පිටු දැකීමට අත හිතදීම අනගි සාහිත්‍ය කාරියක් නොවේ ද? ගැඹුරු ජීවිත අත්දැකීම් රැසකින් ගෙතුණු සාම්ප්‍රදායික දිග කතාවක් නැති නිසා නවකතාවක් හෝ ජීවිතයේ සියුම් තැන්වලට කිමිදෙන්න සිද්ධියක් නැති නිසා කෙටි කතාවක් හෝ නොවිය හැකි ය. එහෙත් අතළොස්සක් හැර එබඳු බොහෝ කතාවන්හි අපට හමුවන්නේ පෙර කියැවුණු රූකඩයන් ය. රූකඩයන් වනාහි වඳවිය යුතු සත්ව විශේෂයකි.”

Comments