කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

ඇර­යු­මක්!

අතැ’ර මා අත
ඉවත ගිය­මුත්
පිදූ හද පෙම
පසෙක ලා
මතු නොවේ තර­හක්
කළ නොහැක කිසිදා
ඔබට අහි­තක්...

දිගු කරමි මම
සුරත ඔබ හට
එන්න මා වෙත
සිනාසී
සොයු­රි­යක සේ
සදා­ක­ල්හිම
ළඟම රැඳෙනා...

සමන් හේරත්


ඔබ කොහිද..?

දුරම ඇයි නුඹ හිඳින්නෙ
හිතේ උන්නට මදියි නේ
උනු­හු­මයි දැන් හොයන්නේ
වගක් නැති­වද දැනෙන්නේ...

කතා බහ හරි කෙටියි නේ
හිතට නම් දුක ගොඩයි නේ
නිද­හ­සක් ඇයි නෝඑන්නේ
කී දොහක් මඟ බලන්නේ...

හිතට එන දේ බොහෝ­මයි
දුක හින්දාම නිහ­ඬයි
තරහ නෑ මං ආද­රෙයි
ළඟට එන­වද ඉක්ම­නින්…

ලලී සමරු සම­ර­ක්කොඩි




සැන­සුම

කත­රක කෙළ­වරේ
එක් විසල් වෘක්ෂ­යකි
කොයිබ සිට ආවේ ද
කොයි දුරක යන්නේ ද
නොම දනිමි...

සුළං රැල්ල­ක්විත්
ගත දැව­ටිණි
සියලු වෙහෙස නිවා­ල­මින්
සැන­සු­මක් තිළිණ කර
සංසා­ර­යට ම...

ඒ. එම්. බුද්ධික සංජී­වනී



 
මහ­ලු­ කවියා

කා හට ලිය­න්නද කා ගැන ලිය­න්නද
ලිය­ලන සිතුම් කෙලෙ­සින් මා ගොත­න්නද
නොද­නිමි කෙලෙස කවි­යක පද පුර­න්නද
මොනවා කිය­න්නද මොනවා කරන්න ද

එලෙ­සින් දෙඩූ ඔහු තනි­වුන කවි­යෙක්ය
මේ මහ පොළොව ඉප­දුන පුර­වැ­සි­යෙක්ය
හිස්වුන අහස දෙස යොමු­වුන දෑසක්ය
ඔහුගේ දිවිය නොම ලියැ­වෙන කවි­යක්ය

අත­කින් සැර­ය­ටිය අත­කින් පන්හි­ඳය
තනි­යට හිඳින්නේ ඔහුගේ එප­ම­ණය
මහ­ගෙයි ඉතිරි වී ඇති අබ­ලන් කුටිය
මිය යන තුරුම එය ඔහුගේ නිව­හ­නය

අද­හස් දිය ගලයි සිතු­විලි කන­ත්තට
කවි­යක් ලිය­න්නට සිතෙ­නව පුරු­ද්දට
කිසි­වකු නොමැත එහි පද රස විඳි­න්නට
ඔහු විඳ­වන්නෙ මහ­ලුව ගිය වැරැ­ද්දට

පන්හිඳ සමඟ පත් ඉරු­වත් ඉවත හෙළා
කම්මුල අත තබා එළි­ප­ත්ත­කට වෙලා
අව­සන ළඟා­වන තුරු ඔහු ඉන්නෙ බලා
සැන­සුම ලබ­න්නට මරු­වට තුරුලු වෙලා

ගාමිණි ලිවේරා


ආරා­ධ­නාව

එන්න
මට පෙම් කරන්නෙ
එන්න...
මේ සුදු කඩ­දා­සිය මත
නැඟී එන්න...
මම ඔබට
මගෙ ජීවි­තය ම දෙමි
එන්න
වහා එන්න....
නැති­නම් මට සමු­දෙන්න
එවිට සියල්ල සමාප්ත වේ
මම මතු ඔබ ගැන
කිසි­වක් නොසො­යමි....
මම මේ පෙඳ පාසි සමඟ
නික්ම යමි
ඉතින් මා සමඟ යන්න
එන්න

Marguerite Duras 1914-1996
මර්ග­රිත් ද්යුරාස්
ප්‍රංශ සාහි­ත්‍යය පිළි­බඳ පතළා වූ නමැති මර්ග­රිත් ද්යුරාස් (Marguerite Duras, 1914-1996) ලේඛි­කා­වක, කිවි­ඳි­යක, තිර­කතා රචි­කා­වක හා චිත්‍ර­පට අධ්‍ය­ක්ෂ­ක­ව­රි­යක ද වෙයි. සිය ජීවිත අන්ද­රය ඇසු­රෙන් රචිත ''පැසි­ෆික් සාග­ර­යට එරෙහි වේල්ලක් (Un barrage contre le Pacifique, 1950)'' නම් කෘතිය මහත් පාඨක අව­ධා­න­යක් දිනා ගති. ගොන්කූර් (Prix Goncourt) සාහිත්‍ය සම්මා­න­යෙන් පූජිත ඇගේ ''ආද­ර­ව­න්තයා (L’amant, 1984)'' නම් කෘතිය සින­මා­වට නැඟු­ණාත් සමඟ ම ඇගෙ නම ලෝප­තළ විණ. ඇය විසින් ලියා පළ­ක­රන ලද මහා කෘති සමූ­හය නිසා ඇගෙ නම සඳ­හන් නොකර නූතන ප්‍රංශ සාහිත්‍ය කලාව පිළි­බඳ බිණිය නොහේ.

උද­යංග අම­ර­සේ­කර


ගමයි පැල්ප­තයි

බඹරු නටන හැන්දෑ­වට බක් මී සෙවණේ
සමන් පිච්ච මල් හැලිලා සුදු­වැලි අරණේ
බලා ඉන්න බෑ ලස්සන නිල්තුරු පවනේ
එක මොහො­තක් විඩා නිවමු මේ පැල සෙවණේ

කල එළි උන ළමි­ස්සි­යක මුකුළු සිනාව
දෑස පුරා දැක ගන්නට ගෙයි සිරි­යාව
මැරුණු ගෝණ අං තට්ටුවෙ ඇති කෙරු­වාව
එබී බලමු පිල්ගැ­ට්ටට එහි සිරි­යාව

මිදුල කොනක වී බිස්සේ හරි සරු­සාර
හිතේ ඇඳුණි වෙල් යායක ගුණ හර­සාර
පාන් පැලේ දැල්ලෙන් එන එළි පැහැ­සාර
අතී­ත­යක මිහිර මවයි හරි මන­හාර

නැවුම් කිරක සුවඳ හමයි එන මද පවනේ
හඬයි ළමා වසු­පැ­ටි­යෙක් නිල් තුරු සෙවනේ
බිම් අඟ­ලට උරුම සොයන මේ නිල් දෙරණේ
ඇල්ම අල්ප සුවය මවයි පැල්පත් සෙවනේ

වැවේ දාගැබේ පන්සල් මිදුල පුරාම
පෝය­දාට මල් පිපිලා මෙන් ඉත්ත­කම
ඇදෙන බඹරු මෙන් ඉගිළී එක රොත්ත­කම
බලමු පැලේ උන් පන්සල් යන ඉක්ම­නම

ජී. ජේ. අමරා ජය­කොඩි


පිදූ පෙම

සලිත - ලලිත නුඹෙ දෙන­යන
නොදුටු සිනා පිරි දෙකො­පුල
නොදැකි පැහැය ඒ දෙතො­ලත
නමුදු පුදමි පෙම නෙතු­මත

කථා­ක­රන නුඹෙ නෙතු ඇත
කියා­පාන පෙම එක ලෙස
විවර මුවඟ මුතු දැක නැත
නමුදු පුදමි පෙම නෙතු මත

හැඟුම් සරන නිල් නෙතු වෙත
වරම් පුදන පෙම නුඹ මත
ලවන් නොදැකි මුත් නුඹෙ රත
නමුදු පුදමි පෙම නෙතු මත

සංජය ක්‍රිශාන්ත පයා­ග­ලගේ
 


තරුණ වාද­කයා

සැදෑ සක්මන පටන් ගෙන නැත
ගොම්ම­නට තව බොහො වෙලා ඇත
ජීවි­තය වෙණ තතෙන් පිරි­මැද
පින වුවත් හැම­විට සභා ගැබ්
හද­ව­තම අඳු­රක වැසී ඇත...

ගුවන් ගැබ සිසාරා
නැඟෙන ගොස අබි­මු­වෙහි
කඳුළු වැල් පෙරා­ගෙන
ජීවි­තය අය­දින්න බැරි­ක­මට
අනුන් සිත් සන­සවා
සිනා­සෙයි දිරි­මත්ව...

කල ඇවිත් වැසෙ­න්නට
පෙරා­තුව තිර රෙද්ද
කර­ළි­යෙන් බැස නික්ම
යන්න ඔහු ලෑස්තියි
වෙණ තතෙන්
කර සැවොම මුස­පත්

උපුල් වික්‍ර­ම­සිංහ


ආයෙත් එන­වා­නම්

විසුළ අහස් ගැබ මත්තේ පුංචි උඹට ඉඩ ඇතිදෝ
මේඝ වලා­කුළු අස්සේ නුඹ සෙල්ලම් කර­න­වදෝ
ලබන නවම් පෝය වෙද්දි උඹේ ජන්ම දින නොවෙදෝ
මගේ දුවේ පුංචි උඹට මගේ කට­හඬ ඇහෙ­න­වදෝ

උපත විපත එකම දිනේ නොසිතූ ලෙසක සිදු වුණාට
උපන් ගමන් අම්මගෙ කිරි පුංචි උඹට නොලැ­බු­ණාට
සුවය සදන තොටිල්ලෙ නොව ලී පෙට්ටියේ සැත­පු­වාට
උඹ තව­මත් අම­නා­පද ලී පෙට්ටියේ සැත­පු­වාට

අම්මා උඹව උසු­ලා­ගෙන සිටි­යට නව මාස­යක්
මන් වගේම ඈත් නොදැන මාරයා හෙමි­හිට ඇවිත්
ඌට ඕනෙ උඹ විත­රයි එපාලු අපි කවු­රුත්
රෝහල් සය­නය මත්තෙදි අප ­ර­ව­ටලා ඔහු ඇවිත්

පෙරළද්දි පස් පිඩැලි සියු­මැ­ලිව උඹෙ ගතට
උඹේ අම්මා මගෙ බිරිඳ පණ ඇද්දා මැෂි­න් යට
බල­න්නට සිඟිති මුව තිබුණෙ නෑ හයිය මට
ඒ නිසා නොබ­ලාම යට කෙරුවේ පස් ගොඩට

පුංචි දුවේ ඔය අම­නා­පය ඉව­තලා
හැකි විග­සින් එන්නකො අප වෙත බලා
යළිත් වරක් උඹ වෙනු­වෙන් කැප­වෙලා
අම්මා එක්ක මම ඉන්නවා පේවෙලා

නෙත්මි උඩු­වන


මත­කයි සැමදා

කෙටි කාල­යක ඇසු­රක් වුණත්
ප්‍රේම­යට ඒක දිග කථා­වක්
ජීවිත කාලෙ­ටම මතක හිටින
කවු­රුත් නොද­කින වේද­නා­වක්...

මහ­ව­රු­සා­වට නොතෙමී ඉන්නට
ඉඩ දුන් ගස සේ ඔබ මට මත­කයි....
කවු­රුත් නොමැති අඳුරු වෙලා­වක
එළි­යක් වී ආ ඔබ මට මත­කයි.....

කාල­යක් ගියත් සම­හර බැඳීම්
ළංකර ගන්නට ඉඩක් නැති­වු­ණත්...
මිය දෙන්නට පෙර මහ වැසි වැටු­ණොත්
ගස­ටත් පුළු­වන් දලු ලන්න යළිත්....

සඳ­රු­වන් කරු­ණා­රත්න


කඳුළු මල්

බිත­ක්කන කවුළු ඇස
පාරවා සඳ එළි ගෙට පැන්න
දෙවන මත­කය ඇන ඇන
කිමද මන්දා නින්ද පර­දන...

නොපෙ­නෙනා තරු දහ­සක්
ගනිමි කෙලෙ­සක වාරු­වක්
හඬ නගන රැහැ­යි­යෙක්
බිඳි­නවා සිල් සිතට හයි­යක්....

දැල්වෙන නිවෙන එළි­යට
රැව­ටුන කලක් තිබුනි ජාමෙට
තරු කඩා වැටෙන විට
දිව්වෙ ඉස්සර අල්ල ගන්නට...

දියඹ අද නිස­ලයි
පවන් රැළි නැති ගානයි
විලට මල් අහි­මියි
විහඟ කූජන ගොළුවූ විල­සයි...
සයි­බ­රය පුරා­වට

වපු­රාපු පෙමක
කෙඳි­රිල්ල නෑසීම
ගියේ එක දිනෙක
නොවක් පෙම් බස්
ගිලී දිව අගක
කඳුළු මල් පිපි පිපී
දිලේ ඇස් කොණක

තුෂාරි ජය­සිංහ


වෙනස

රෝස­මල් යායකි
බමරු පැණි උරති
මීමැස්සෝ රොන්ග­නිති
සම­නල්ලු එහි වසති
නිල්මැස්සෝ එහි නොඑති...

කන­වැ­රැල්ලේ හේමා­ලෝක හිමි
නොපෙනී ගිය කඳුළ
ඔබේ සේයා­රුව - මා අත් පත්වෙලේ
නෙත් කැලුම් දැව­ටිලා මා ඇසි පියේ
නෙතින් වට කඳු­ළින්
නිල් දිය මත පතිත වී

පෙනී නොපෙනී ඇදී ගියා විග­සින්
ඉවුරු බද - නිබඳ හැපෙන
සෙනෙ­හසේ මුදු පෙණ දහර
ඉහ­ළින් ඇදී යන්නේ
අත­රමං වූ කඳුළු බිඳු­වකි

කුසුමා වර්ණ­සූ­රිය


වැස්ස නුඹ

වැස්ස නුඹ..
මයෙ හිත
තිගැ­ස්සුව..!
අස්ව­සා­ලනු
පිණිස මා,
දේව දුනු අඹර මත
ඉස්සුව..

දොස් නගා ලූ
තැනක-දී
නෙත් ඉමෙන් හෙමි හෙමින්
ලිස්සුව..
වස් මකා­ලනු පිණිස
මයෙ ගතේ
සිහින් සිසි­ල­සක රස
වැස්සුව..

නොද­න්නෙමි ..
සිත­න්නෙමි..
විටෙ­කදී මමම මෙය..
හදට හැදි­ලාද
පෙම්
පිස්සුව..?

මංජුලා පියු­මාලි ද සොයිසා


එක දව­සක්

හිමි­දිරි උදේ සියො­තුන් කැල නද­දෙන්නේ
ඝණ්ටා නදින් අරු­ණලු හය පව­සන්නේ
සීත නිසා ඇය ගුලිවී නිදි­යන්නේ
වෙන­දට නොමැති වෙන­සක් මා දැක­ගන්නේ

නළ­ලට අත තබා බැලු­වෙමි ඇයිද කියා
ගිනි කබ­ලක් විලස උණු­සුම දැනී ගියා
පොඩි පොඩි දේක­ටත් කල­බල නොවනු කියා
අම්මා කෙනෙකු මෙන් ඇය මට දුනිය කියා

වෙනදා මගෙ අතට දෙන තේ එක නැත්තේ
ඇය උණ ගැනී ගුලිවී නිදි ඇඳ මත්තේ
මා දැන් කුමක් කළ යුතු දැයි නොම දත්තේ
තැබු­වෙමි බෙහෙත් පස් පංගුව ලිප මත්තේ

මෙතු­වක් කලක් දිවි ගමනේ ආපු දුර
දරු­වන් සිය කැද­ලි­වල ඇත අපට දුර
තෙරු­වන් පිහිට ලැබ සුවවී ගෙන පවර
හෙට උණ බැස ගියොත් අපි බත් කමු සොඳුර

නිමල් චන්ද්‍ර­සිරි කුරුප්පු


ඇහැ­රුණු හීන

ඉර­බට තරුව පාය­න­විට සැඳෑ­කල
ගොම්මන් කළු­ව­රක් ඇවි­දින් හිත­ය­ටට
මා බය කලාදෝ රෑ හීනෙන් ඇවි­දින්
හද­වත සස­ල­විය රෑ නින්දෙන් ඇහැරී

ගුලි­කර දැම්ම මත­කය හිත­යට තිබුණු
මත­කය කඳුළු ඇවි­දින් ඇස යට තිබුණා
ආ ගිය ගම­න්වල වාරය සිහි කැන්දා
මැදි­යම් රැයේදි නුඹ මගේ හද බින්ඳා

ගයාන් ලසන්ත ජය­සේ­කර


සුසු­ම්ලන ගස

වස­න්තය පියා­පත් හැර
ගිය පසුව දුක්මුසු සරින්
ආන් බලව අර සුමුදු පෙති
ගසින් වෙන් වී ඇති සැටි...

අතැර යන විට සියො­ළ­ඟින්
නුඹට නොදැනේ දුක කිසි­ලෙ­සින්
ප්‍රේමයේ රුදු රිදුම් සර­යෙන්
පොළොව ගුගුරා හිත දවයි...

තවත් ටික දිනක් ගත වී
පර­ඩැ­ලක් සේ තුරුලු වී
පොළොව මත වැතිර ගෙන
පණ අදී මා දෙස නෙතු යොමන්
ඉපල් අතු ඉති නමා ගෙන මා
ඉකි­බි­ඳිමි මර­ණය දෙස බලන්...

ඉතින් මා යළි බලා ඉමි
වස­න්තය නුඹ වඩින තුරු සෙමින්
සුහු­ඹුලා මල් කිනිති එදි­නට
පල­ද­වමි මා තුරු හිස හොඳින්...

සංජය ප්‍රිය­ද­ර්ශන


මගෙ කවිය

ගල් තල­යක් යට
සිලි සිලි ගාගෙන
ගලා බසින දිය දහ­රක් වාගේ
මා හද පතුලේ පොපි­යන නළි­යන
කවි­යක් ඇත මතුවී නොම එන
සිසි­ලස දැන දැනු­නත් නිර­න්ත­රව එහි
වතුර බිංදු­වක් මතු­වන්නේ නෑ....

ගල් කටු උල් ඉනි උදලු පහර දී
මතු­කර ගන්නට වෑයම් කළ­හොත්
මතු­වනු නිය­තයි
වතුර කඳක් බොර....
ඉව­සිලි නැති­මුත් නිස­ලව ඉන්නෙම්
කිසි­යම් දව­සක
කිසි­යම් මොහො­තක
දිය­වර මංගල්‍ය සිදු­ව­න­තුරු...

සිරි­නි­මල් ලක්දු­සිංහ

Comments