
• ලීලානන්ද වික්‍රමසිංහ
රූබී මේ සිදුවීම වෙනකොට හය හැවිරිදි දැරියක්. ඇගේ එක් විශේෂත්වයක් තියෙනවා. එනම් ඇය අප්‍රිකානු සම්භවයක් ඇති අමෙරිකානු කළු දැරියක වීමයි. එහෙත් ඈ මෙම ලිපියට ප්රස්තුථයක් වන්නේ සුදු ජාතික පාසලකට ඇතුළු වූ ප්‍රථම කළු ජාතික දැරියක ලෙස ඉතිහාසය වෙනස් කිරීමට තැත් කළ තැනැත්තියක වීම නිසයි.
රුබී නෙල් බිඞ්ගේස් 1954 දී සැප්තැම්බර් 8 වැනි දා මිසිසිපිහි ටයිලර්ටවුන් හිදී උපත ලැබුවා. ඉන් සිව් වසරකට පසු ඇගේ පියා වඩාත් විශාල නගරයකට සංක්‍රමණය වන්නේ වැඩි පහසුකම් ගැන සිතමිනුයි.
මේ අතර 1954 දී පැවති නඩු විභාගයකින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර සිටියේ රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී වාර්ගික වශයෙන් වෙන් කිරීම නීති විරෝධි බවයි.
එහෙත් මේ නීතිය සක්‍රීය වු දිනම රුබීගේ උපත සිදුවී තිබීම නිසා ඇයට උසස් පාසලකට ඇතුළත් වීමේ ගැටලු සහගත් තත්ත්වයක් පැන නැගුණා. මේ ගැන රුබීගේ පියා සිටියේ මහත් කණස්සල්ලකින්.
නිව් ඔලින්ස පාසලට සිසුන් බඳවා ගැනීමට සුදුසුකම් පරීක්ෂණයක් පැවැත්වූ බැවින් රුබීටද එම පරීක්ෂණයට ඉදිරිපත් වීමට හැකියාවක් ලැබුණා. ඉදිරිපත් වූ ළමයින් ගෙන් සමත් වූ සිසුන් හය දෙනා අතර රුබීද සිටියා. මේ දැරියන් හය දෙනාගෙන් දෙදෙනෙක් තමා සිටි පාසලේම නතර වූ අතර තිදෙනෙක් මැක්ඩොනල්ඞ් ප්‍රාථමික පාසලට ඇතුළත් කළ අතර රුබී විලියම්ෆාන්ට්ස් ප්‍රාථමික පාසලට ඇතුළත් කරනු ලැබුවා.
මේ අතර සුදු ජාතික මවුපියන් තම දරුවන් පාසලින් මුදවා ගෙන යනු දක්නට ලැබූ අතර බොහෝ ගුරුවරියන්ද සිසුවියන්ද රුබී කොන් කරමින් අහුමුලුවල සැඟවීී සිටිනු දක්නට ලැබුණා. එහෙත් දෙවන දිනයේ එක් සුදු ජාතික දැරියක් කොන් කිරීම කඩා දමමින් පාසල වෙත පැමිණියා. ඉන් දීන කිපයකට පසු සුදු ජාතික දෙමාපියන් තම දරුවන් රැගෙන පාසල වෙත පැමිණෙන්නට පටන් ගත්තා.
නමුදු රුබීට ඉගැන්වීමට කැමති වූයේ බාබරා හෙන්රි නම් එක් ගුරුවරියක පමණයි. රුබී ගුරුවරිය සමඟ එක් පන්ති කාමරයක කොටු වී සිටියා. පාසලට එන අතරවාරයේ රුබීට නොයෙක් වධ හිංසාවලට ගොදුරු වන්නට සිදුවුණා. එක් ගැහැනියක් ඇයට වස දෙන බව කියමින් තර්ජනය කළා. තවත් එකියක් කුඩා ලී මිනී පෙට්ටියක දැමූ කළු බෝනික්කෙකු ඉහළට ඔසවා පෙන්වා සිටියා.
ඒත් ඒ එකක්වත් ඇය නොවේ ගණනකට ගත්තේ. ඇගේ ආරක්ෂයන් අතර සිටි චාර්ල්ස් බ්‍රක් “ඇයට බොහො අවලාද අපහාස ලැබුණු නමුත් ඈ කිසිවිටෙක ඇඬුවේවත් කෙදිරි ගෑවේවත් නෑ. ඇය ගමන් කළේ පුංචි සොල්දාදුවෙකු වගේ” යයි කියා සිටියා.
රුබී මහත් ඉවසීමකින් හා දිරියකින් යුතුව මේ සියලු කටුක අතවර ඉවසුවේ ඇගේ බලසම්පන්න අප්‍රිකානු ජන්මය නිසා වන්නට පුළුවන්. එහෙත් මේ සිදුවීම නිසා රුබීගේ පවුලට වූ හානිය ද සුළුපටු නැත. මුලින් ම ඇගේ පියාට, ඉන්දන පිරවුම් හලේ රැකියාව අහිමි වුණා. ඔවුන් නිතර ගනුදෙනු කළ වෙළෙඳ සැල් ඔවුන්ට පැමිණිම තහනම් කළා. ඔහු සතුව තිබූ කොටස් ව්‍යාපාරය ඔහුට අහිමි වුණා. විසිපස් වසරක් තිස්සේ ගොවිපලේ සිටි රුබීගේ ගේ සීයා හා මිත්තණිය ඉන් ඉවත් කිරීමට ගොවිපොළ අයිතිකරු ක්‍රියා කළා.
එහෙත් මේ නිර්භිත දැරියගේ පළමු පාසල් ගමන කිරූපණය කරන සිතුවමක් නොමන් රොක්වේල් විසින් ඇද ප්‍රාදේශීය සගරාවක පළ කර තිබුණා රුබී සුදු ජාතික මාෂල්වරු පිවරාගෙන පාසලට යන අන්දම එහි නිරූපණය කර තිබූ අතර එය The Problem We Live With යනුවෙන් නම්කර තිබෙනු මුළු ලොවම දුටුවා. මෙම දර්ශනය 1964 දින දර්ශනයේ කවරය වර්ණවත් කර ඇත. එය සදාකාලික සිතුවමක් වී මේ වර්ගවාදයට සිනාසුණු මේ අභීත දැරියසෙිරිැග් සුදු ආත්මය දිදුලමින් තිබෙනවා.
(රුබී අද ද නිව් ඔලියන්හි වාසය කරන්නීය. 1999 ඇය රුබී “පදනම” ඇරඹුවේ ඉවසීම ගෞරවය සියලු වෙනස්කම් අගය කිරීම ප්‍රවර්ධනය සඳහාය. ඇය අධ්‍යාපනය ආස්වාදය තුළින් වර්ගවාදය අවසන් කිරිමට වෑයම් කරන්නීය. ජාතිවාදය හා වර්ගවාදය වැඩිහිටි රෝගයක් බව ඇගේ අදහසයි. ඇය “—Through MyEyes - by Ruby Bridges මගේ දෙනෙත් තුළින් ”නමැති ග්‍රන්ථයක්ද ඇය ලියා පළකොට ඇත.)
• ලීලානන්ද වික්‍රමසිංහ