
මේෂ - වාසනාවන්ත සතියකි
10, 11, 12 සහ ලග්නය මතින් චන්ද්‍රයා ගමන් කරයි. සතියේ ආරම්භය ඉතා යහපත් වේ. සිතන පතන අයුරින්ම බලාපොරොත්තු ඉටුවන අතර වාසනාවන්ත ලෙස පළමු දින පහක කාලය ගෙවී යනු ඇත. මිල මුදල් ලාභ වලට හිතකර ග්‍රහ ගෝචරයකි. රැකීරක්ෂා, වෙළෙඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු සඳහා හොඳ ආරම්භයක් ගත හැකි සතියකි.
• අය 08, වැය 11, සුබ අංකය 01, සුබ වර්ණය - රතු, සුබ දිනය - ඉරිදා
වෘෂභ - සතුරු කරදර පහව යයි
09, 10, 11 සහ 12 වැන්න මතින් චන්ද්‍රයාගේ ගමන් මඟ වැටී ඇත. සතියේ ආරම්භය එතරම් යහපත් නැති වුවද, සතියේ මැද දිනයේ සිට රැකී රක්ෂා, වෙළෙඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු වලට යහපත් තත්ත්වයක් උදා කෙරේ. බලාපොරොත්තු ඉටුවන අතර මිල මුදල් ලාභ හිමි වනු ඇත. ගෘහ ජීවිතය සැපවත් වන අතර සතුරු කරදර පහව යයි.
• අය 14, වැය 05, සුබ අංකය 08, සුබ වර්ණය - නිල්, සුබ දිනය - බදාදා
මිථුන - මිල මුදල් ලැබේ
08, 09, 10 සහ 11 මතින් චන්ද්‍රයා ගමන් කරද්දී සතිය උදා වෙයි. සතියේ මුල් දින තුන එතරම් යහපත් නැත. එනමුත් සිව් වන දිනයේ සිට බලාපොරොත්තු ඉටුවන යහපත්, වාසනාවන්ත කාලයක් ඇරඹෙයි. රැකී රක්ෂා, වෙළෙඳ ව්‍යාපාර හා ගොවිතැන් වැඩ වලින් ලාභ අත්වන අතර මිල මුදල් ලාභ ද හිමිවේ.
• අය 11, වැය 08, සුබ අංකය - 06, සුබ වර්ණය - කොළ, සුබ දවස - සිකුරාදා
කටක - බලාපොරොත්තු ඉටු වේ
07, 08, 09 සහ 10 වැන්න මතින් චන්ද්‍රයා ගෝචර වෙයි. සතියේ මුල් දින දෙක වාසනාවන්ත ලෙස ගෙවෙන අතර රසවත් ආහාර පාන මෙන්ම, මිල මුදල් ලාභ ද හිමිවනු ඇත. විරුද්ධ ලිංගිකයින්ගෙන් උදව් උපකාර ලැබෙන අතර ඔවුන් හා ඇසුර වැඩිවන දින කිහිපයකි. සතියේ මැද දින දෙක අයහපත් වුවද, අවසන් දින තුන තුළ බලාපොරොත්තු ඉටුවී වාසනාවන්ත බවක් ගෙන දෙන දෙනු ඇත.
• අය 08, වැය 05, සුබ අංකය 02, සුබ වර්ණය - සුදු, සුබ දවස - සඳුදා
සිංහ - නඩු හබ වලින් ජයග්‍රහණය
06, 07, 08 සහ 09 මතින් චන්ද්‍රයා ගමන් කරන අතරේ සතිය උදාවේ. සතියේ මුල් දින කිහිපය වාසනාවන්ත වනු ඇත. ඔබගේ ශරීර සනීපය වර්ධනය වේ. සතුරු කරදර පහව යන අතර නඩු හබවලින් ජයග්‍රහණ අත්වේ. සුළු සුළු මුදල් ලාභ හිමිවේ. සතියේ අවසාන දිනවලදී උදරාබාධයක් වැලඳීමට ඉඩ තිබේ.
• අය - 11, වැය 08, සුබ අංකය 01, සුබ වර්ණය - රතු, සුබ දවස - ඉරිදා
කන්‍යා - පෙම් සබඳතා වලට බාධා
05, 06, 07 සහ 08 වැන්න මතින් චන්ද්‍රයා ගමන් කරයි. සතියේ මුල් දින දෙක එතරම් යහපත් නැත. පෙම් සබඳතා කැඩී යෑමෙන් සිතට දුකක් මෙන්ම දැඩි වේදනාවක් ද ඇතිවීමට ඉඩ ඇත. සතියේ මැද දින කිහිපය වාසනාවන්ත වේ. ධන ලාභ සුළු වශයෙන් හෝ ලැබෙන අතර අවසන් දින දෙක තුළ බාධක මතුවීමට ඉඩ තිබේ.
• අය 05, වැය 11, සුබ අංකය 05, සුබ වර්ණය - කොළ, සුබ දවස - බදාදා
තුලා - සිතුම් පැතුම් ඉටු වේ
04, 05, 06 සහ 07 වැන්න මතින් චන්ද්‍රයා ගමන් කරන අතරේ සතිය උදා වෙයි. සතියේ ආරම්භය යහපත් නැති අතර සිත් තැවුල්, දුක් පීඩා ඇතිවීමට ඉඩ තිබේ. මිල මුදල් හානිවලට ද ඉඩ ඇත. සතියේ අවසන් දින හතර යහපත් වන අතර සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වේ. ජයග්‍රහණ හිමි වන අතර වස්තු ලාභ ලැබෙනු ඇත. ශරීර සනිපය ඇතිවේ. බලාපොරොත්තුව සිටි දෙයක් ලැබෙනු ඇත.
• අය 11, වැය 14, සුබ අංකය 06, සුබ වර්ණය - ළා නිල්, සුබ දවස - සිකුරාදා
වෘශ්චික - සමාජයෙන් පැසසුම් ලැබේ
03, 04, 05 සහ 06 වැන්න මතින් චන්ද්‍රයා ගෝචර වෙයි. සතියේ ආරම්භය යහපත් නැත. මිල මුදල් හිඟ වීමෙන් ආර්ථිකය දුර්වල වීමට ඉඩ තිබේ. නමුත් ඔබ තුළින් මිනිස් ගුණ දම් ප්‍රකට වීම නිසා අන්‍යයන් විසින් ඔබේ ගුණ වර්ණනා කරනු ඇත. සතිය අවසානයේදී ජයග්‍රහණ හිමි වන අතර හදිසි මිල මුදල් ලාභයක් ද පෙන්නුම් කරන බැවින් උනන්දුවන්න.
• අය 11, වැය 05, සුබ අංකය 09, සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා
ධනු - වියදම් පක්ෂය ඉහළට
02, 03, 04 සහ 05 වැන්න මතින් චන්ද්‍රයා ගමන් කරයි. සතියේ ආරම්භය එතරම් යහපත් නැත. වියදම් පක්ෂය ඉහළ යන අතර ආදායම ද සිතූ තරම් නොලැබෙයි. ගෞරවයට පවා හානි සිදුවනු ඇත. බලාපොරොත්තු කඩවන අතර කරදර බාධා ඇති විය හැක. සිතේ ප්‍රීතිය හා සතුට පලායන ආකාරයට කටයුතු සිදුවනු ඇත. තදින් ම රාගික සිතුවිලි පහළ වන සති අන්තයකි.
• අය 05, වැය 14, සුබ අංකය 01, සුබ වර්ණය - කහ, සුබ දවස - ඉරිදා
මකර - ආදරණීය සතියක්
ලග්නය (01), 02, 03 සහ 04 වැන්න මතින් චන්ද්‍රයා ගෝචර වන අතරේ සතිය උදා වේ. විරුද්ධ ලිංගිකයන් වෙත වැඩි නැඹුරුතාවක් දැක්වුවද ගති ගුණ නරක අතට යොමුවන්නේ නැත. කාටත් සමසේ ආදරය දක්වනු ඇත. සතියේ ආරම්භයේදී සෞඛ්‍ය තත්ත්වය නරක්වීමට ඉඩ තිබේ. කාලත්‍රයා (බිරිය හෝ සැමියා) ගෙන් දෝෂාරෝපණ අසන්නට සිදුවන කාලයකි.
• අය 02, වැය 11, සුබ අංකය 06, සුබ වර්ණය - නිල්, සුබ දවස - සෙනසුරාදා
කුම්භ - වියදම ඉහලට
12, 01, 02 සහ 03 වැන්න මතින් චන්ද්‍රයා ගමන් කරයි. යහපත් සතියක් නොවේ. සිත් තැවුල්, වේදනා හා අගෞරවය ළඟා කරවන අතර අවනම්බු විඳීමට පවා සිදුවිය හැකිය. වියදම් තත්ත්වය ඉහළ යනු ඇත. ඇසුරු කරන්නන් සමඟ කටයුතු කිරීමේදී වඩාත් කල්පනාකාරි විය යුතු අතර කේලාම් බස් දුරදිග යාමට ඉඩ ඇති බවක් පෙනේ. සති අන්තයේ වස්තු ලාභ හිමිවීමට ඉඩ තිබේ.
• අය 08, වැය 11, සුබ අංකය 08, සුබ වර්ණය - ළානිල්, සුබ දවස - සිකුරාදා
මීන - නව මිත්‍ර සබඳතා
11, 12, 01 සහ 02 වැන්න මතින් චන්ද්‍රයා ගෝචර වෙයි. සතියේ ආරම්භය යහපත් වන අතර වාසනාවන්ත බවක් ගෙන දෙනු ඇත. මිල මුදල් ලාභ හා වස්තු ලාභ ද හිමිවේ. අලුත් හිත මිත්‍රයින් හඳුනාගන්නට ලැබෙයි. දියුණුවට කටයුතු සැලසෙන අතර රැකීරක්ෂා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවලට සතියේ මුල් දින තුන යහපත්ය. සතියේ අගදි අවනම්බුවක් විඳීමට සිදුවිය හැක.
• අය 11, වැය 05, සුබ අංකය 03, සුබ වර්ණය - තඹ, සුබ දවස - බ්‍රහස්පතින්දා