වර්තමාන ජීවිත මරණීය අත්විඳීමක් ද? | Page 2 | සිළුමිණ

වර්තමාන ජීවිත මරණීය අත්විඳීමක් ද?

පොසිකා රණ­සිංහ

කෘතිය - රක්තමෘත 
කර්තෘ - පොසිකා රණසිංහ 
දිගන්ත ප්‍රකාශනයකි. 
මිල - රු. 800 යි. 
පිටු - 192 කි. 
විමසීම් - 077 002 2455 

අද ලෝකය තුළ පවතින බරපතළම මානව අර්බුදය වන වසංගත රෝග උත්පාදනය ලෝක දේශපාලනයට ද තර්ජනය කරන්නකි. ගෝලීය ආර්ථිකය හිරි වට්ටා දමන්නකි. මෑතක සිට අප අත්විඳිමින් සිටින කොවිඩ් 19 වසංගතය ඊට නිදසුනකි. විශේෂයෙන්ම පාරිසරික ව්‍යසනය විසින් නිර්මාණය කරමින් සිටින මිනිසාට එරෙහි පරිසර පැවැත්මද මිනිසාගේම නිර්මාණයක් වේ. ඒ තුළම සෞඛ්‍ය ක්ෂේත්‍රය හරහා සිදුවෙමින් පවතින මිනිස් අවයව මෙන්ම ජාන මංකොල්ලය පිටසක්වල ජීවින් විසින් පෘථිවියට එවන ලද දෑ නොවේ. මිනිසාම මිනිසාගේ විප්‍රවාසය නිර්මාණය කරමින් සිටී. පාරිසරික අර්බුදය හමුවේ ඇති වෙමින් පවතින කෲර වසංගත රෝග තත්ව වෙනුවෙන් දෙවියන්ට යාඥා කිරීම හිස් විහිළුවක් වී තිබේ.

රක්තමෘත නවකතාවේ අනුභූතිය පදනම් වන්නේ ඉහත කී ආකාරයේ නූතන මානව පැවැත්මේ ඒ අර්බුදය මත බව පැහැදිලි ය. කතුවරිය වන පොසිකා රණසිංහ ඒ සම්බන්ධයෙන් පවසන ආකාරයට “රක්තමෘත කතාව සඳහා ප්‍රධාන අනුභූතිය වූයේ මා මිතුරකු දුටු හීනයකි.” කෙසේ වෙතත් අප මෙම කෘතිය පිළිබඳව විමසීමක් කිරීමට සිතුවේ අද්‍යතන ලෝක පැවැත්ම පිළිබඳව ඇය දක්වා ඇති උනන්දුව මෙන්ම කතාවක් වශයෙන් එය ඉදිරියට ගෙනයාමට රහස් පරීක්ෂණයක ආරයක කතා විලාසය යොදාගෙන ඇති ආකාරය තුළ වෙනස්වූත් නැවුම්වූත් සාහිත්‍යමය නිර්මාණශීලිත්වයක් දකින්නට ලැබුණ නිසා ය. එසේ වුවද ඕනෑම නවකතාවක් සාර්ථකවීමට අවශ්‍යම තත්වය වන්නේ තමන්ගේ විෂය පථය මෙන්ම කෘතියේ අනුභූතිය සම්බන්ධයෙන් ලේඛකයාට හෝ ලේඛිකාවට ඇති මුහුකුරා ගිය අවබෝධයය යන්න අමතක නොකළ යුතු ය.

Comments