රාජස්ථාන් රෝයල්ස්ට රාජකීය ජයක් ගෙනා බාබර්ගේ පුත්‍රයා | Page 2 | සිළුමිණ

රාජස්ථාන් රෝයල්ස්ට රාජකීය ජයක් ගෙනා බාබර්ගේ පුත්‍රයා

 

මෙවර IPL තරගාවලියේ 20වැනි තරගය පැවැත් වුණේ රාජස්ථාන් රෝයල්ස් සහ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම් අතර, තරගය අවසානයේ ලකුනු 3ක තියුණු ජයක් අත්කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් සමත් වනවිට එකී ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන ගිය කුල්දීප් රාම්පාල් සෙන් ගැන කවුරුත් කතා කරන්නට පටන් ගත්තේ ය.

මෙකී තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට ලක්නව් සුපර් ජයන්ට් තීරණය කළ අතර, තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කිරීමට සමත්විය.

මෙකී ඉලක්කය ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ලක්නව් සුපර් ජයන්ට් පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් පමණී. අවසන් පන්දු වාරය දක්වාම තියුණු මුහුණුවරක් මෙකී තරගයේදී රාජස්ථාන් වේග පන්දු යවන ක්‍රීඩක කුල්දීප් සෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දුන්නේය.

අවසන් පන්දු වාරයේදී ලක්නව් ට ජයග්‍රහණය සඳහා ලකුණු 15ක් අවශ්‍ය වූ නමුත් කුල්දීප් දක්ෂ ලෙස පන්දු යවමින් ලක්නව්ගේ අතින් තරගය උදුරා රාජස්තාන් ඔඩොක්කුවේ තැබීය. කුල්දීප් ජීවත් වන්නේ මධ්‍ය ප්‍රදේශ්හි හරිහර්පූර් හි ය. එම කුල්දීප්ගේ පියා නගරයේ කුඩා සැලුන් එකක් පවත්වාගෙන අතර, කුල්දීප්ට සහෝදර සහෝදරියන් පස් දෙනෙකි. කුල්දීප් තුන්වැනියා ය. වයස අවුරුදු 8 සිට ම ක්‍රිකට් ගහන්න පටන් ගත් අතර, කුල්දීප් සෙන්ගේ පියා රාම්පාල් සෙන් පවසන්නේ නිවසේ තත්ත්වය ඉතා නරක බවයි.

මම සැලෝන් එකක් පවත්වාගෙන යාමෙන් මගේ පවුල ජීවත් කරවා ගත්තා. සහෝදර සහෝදරියන් පස්දෙනාගෙන් තුන්වැන්නා වූ කුල්දීප් සෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන උනන්දුව දුටු ඔහුගේ පියා ඔහුට කිසි දිනක ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට ඉඩ දුන්නේ නැත. ඔවුන්ට වෙනත් වියදම් කපා හැරීමට සිදු විය.

කුල්දීප්ගේ මව ගීතා සෙන් පවසන්නේ, කුල්දීප් සෙන් 1996 ඔක්තෝබර් 22 වන දින රීවා දිස්ත්‍රික්කයේ හරිහර්පූර් නම් කුඩා ගම්මානයේ උපන් බවත්, වයස අවුරුදු 8 දී කුඩා දරුවන් සමඟ සෙල්ලම් කිරීමට පුරුදුව සිටි බවත් ය. එයා ලොකු වෙද්දි ගමේ පාරවල් ගානේ නගරයේ ක්‍රිකට් ගහන්න පටන් ගත්තා.

රීවා ක්‍රිකට් ඇකඩමියේ පුහුණුකරු එරිල් ඇන්තනි පැවසුවේ 2018 වසරේ සිට ඔහු අඛණ්ඩව කුල්දීප් පුහුණු කරන බවයි. දකුණත් මඳ වේග පන්දු යවන්නෙක්. ක්‍රිකට් වලට ලොකු කැමැත්තක් තියෙනවා. ප්‍රමාද වී පුහුණුවීම් කිරීම, නියමිත වේලාවට ඇකඩමියට පැමිණීම ඔහුගේ පුරුද්දකි. නිවසේ මූල්‍ය තත්ත්වය දැනගත් පසු ඒරියල් ඇන්තනි ඇකඩමි ගාස්තු අත්හැරියේය.

ඉර්ෆාන් පතාන්ට අවශ්‍ය වී ඇත්තේ ඉන්දියාවේ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ අඩුව පිරවීමට ය. මිතුරන්ගේ කීමට IPL මෙගා වෙන්දේසියට පැමිණියේ ය.

කුල්දීප් සෙන් IPL මෙකී තරග වාරයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තේරී පත් වන්නේ ඒ ආකාරයෙන් ය. කුල්දීප්ව තෝරා ගැනීමත් සමඟ පවුලේ අයගෙන් බැහැරව මුළු වින්ධ්‍යා දිස්ත්‍රික්කය ම එකී සතුට භූක්ති විඳ ඇත්තේ සිය ගමේ එකා ගැන ආඩම්බරයක් සිත්වල පුරව ගෙන ය.

2018 දී කුල්දීප් රංජි කුසලානය තරගාවලියට ද සහභාගි වි තිබෙන අතර, කනිෂ්ඨයකු ලෙස දස්කම් දක්වමින් කුල්දීප් ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරය දිනා ගැනීමට ද සමත් ව තිබේ.

අනතුරුව ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට එක් ඔහු සිය මංගල තරග වාරයේදීම පන්ජාබ් පිලට එරෙහිව ඉනිමකදී කඩුලු 5ක් දවා ගත්තේය. එමෙන් ම එකී තරග වාරය අවසන් කරන්නේ සිය කඩුළු පැසට කඩුලු 25ක් බැර කර ගනිමින් ය. එම පළමු පෙළ 16 තරගවලදී ම කුල්දීප් සිය ගිණුමට මුළු කඩුලු 44ක් දවා ගැනීමට සමත්විය.

Comments