SAAF රට හරහා දිවීමෙන් ශ්‍රී ලංකාව දෙවැනි වෙයි | Page 4 | සිළුමිණ

SAAF රට හරහා දිවීමෙන් ශ්‍රී ලංකාව දෙවැනි වෙයි

දකුණු ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ (SAAF) රට හරහා දිවීමේ ශූරතාව සහ 56 වැනි ජාතික රට හරහා දිවීමේ ශූරතාව ඉන්දියාවේ නාගලන්තයේ කොහිමා හි ඉන්දිරා ගාන්ධි ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එහි දී රීදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් විවෘත සහ කනිෂ්ඨ අංශවල අනුශූරතා දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. මෙකී ක්‍රීඩා උළෙලට ඉසව් 12 ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700 ක් පමණ සහභාගි වූ හ.

SAAF රට හරහා දිවීමේ ඉසව්වලට පිරිමි කි.මී. 10, කාන්තා කි.මී. 10, අවු. 20 න් පහළ බාලක (කි.මී. 8) සහ බාලිකා (කි.මී. 6 ) වශයෙන් ප්‍රධාන ඉසව් පැවැති අතර, ජාතික රට හරහා දිවීමේ තරග සඳහා වන කාණ්ඩයට ඉසව් 8 ක් ඇතුළත් විය.

පිරිමි කි.මී 10 ඉසව්වේ රිදී පදක්කම ආර්.එන්.එස්. පුෂ්පකුමාර (ශ්‍රී ලංකාව) ට හිමි විය. කාන්තා ජ්‍යෙෂ්ඨ ශූරතාවයේ දී ශ්‍රී ලංකාවේ එම්.එස්.පී. මධුමාලි පෙරේරාට හිමි වූයේ තෙවැනි ස්ථානයයි.

වයස අවුරුදු 20න් පහළ කනිෂ්ඨ අංශය නියෝජනය කරමින් තරග වැදුණු ජාලිය සංගීත් එම ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය.

ජ්‍යෙෂ්ඨ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වූයේ සුජානි පෙරේරාට ය. කාන්තා / පිරිමි ජ්‍යෙෂ්ඨ අංශයේ අනුශූරතාව සමඟින් රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිණි. දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම නුවරඑළියේ දී පුහුණු කටයුතු සිදු කළේ ප්‍රධාන පුහුණුකරු මදුර පෙරේරා සහ බුද්ධික නුවන් යටතේය.

SAAF ශූරතා:

*පිරිමි කි.මී. 10: 1. දර්ශන් සිං (ඉන්දියාව) වි. 31: 08.00; 2. ආර්.එන්.එස්. පුෂ්පකුමාර (ශ්‍රී ලංකාව) වි. 33: 12.00; 3. පල් මුකේෂ් බහදූර් (නේපාලය) වි. 34: 08.00.

*කණ්ඩායම් ශූරතාව: 1. ඉන්දියාව; 2. ශ්‍රී ලංකාව; 3. නේපාලය.

*කාන්තා කිලෝමීටර් 10: 1. වර්ෂා දේවි (ඉන්දියාව) වි. 37: 14.00; 2. පච්චායි රාජ්පුර (නේපාලය) වි. 38: 48.00; 3. එම්.එස්.පී. මධුමාලි පෙරේරා (ශ්‍රී ලංකාව) වි. 39: 38.00.

*කණ්ඩායම් ශුරතාව: 1. ඉන්දියාව; 2. ශ්‍රී ලංකාව; 3. නේපාලය.

*20 න් පහළ පිරිමි (කි.මී. 8): 1. ආකාෂ් පටෙල් (ඉන්දියාව) වි. 25: 58.00; 2. කේ.එම්.ජේ. ඩී. මධුෂාන් (ශ්‍රී ලංකාව) වි. 29: 24.00; 3. කර්කි බඩල් (නේපාලය) වි. 29: 20.00;

*කණ්ඩායම් ශූරතාව: 1. ඉන්දියාව; 2. ශ්‍රී ලංකාව; 3. බංග්ලාදේශය.

*කාන්තා වයස-20 (කි.මී. 6): 1. ආශා කිරන් බාර්ලා (ඉන්දියාව) වි. 22: 47.00; 2. බුධා රම් මායා (නේපාලය) වි. 23: 36.00; 3. රින්කි බිස්වාස් (බංග්ලාදේශය) වි. 24: 03.00.

කණ්ඩායම් ශූරතාව: 1. ඉන්දියාව; 2. ශ්‍රී ලංකාව; 3. නේපාලය.

 

Comments