කහතුඩුව - මිනුවන්විල පාරේ කාපට් වර්ෂාපතනයෙන් ගැලවිලා | සිළුමිණ

කහතුඩුව - මිනුවන්විල පාරේ කාපට් වර්ෂාපතනයෙන් ගැලවිලා

කහතුඩුව මිනුවන්විල මර්ගයට මෑතකදී කාපට් ඇතිරීමට කටයුතු කිරීම පිළිබඳව එයට විශේෂ අනුග්‍රහයක් දැක්වූ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට ස්තුතිවන්ත වෙමි.

එසේ වුවත් එම මාර්ගයේ දෙපස කානු නොදැමීම නිසා වැසි දිනවල මාර්ගයේ දෙපස වතුර එකතුවී ඒ අසල ඇති නිවාසවලට ද ජලය ගලා යාම නිසා අවට පිරිස් මහත් අපහසුතාවන්ට පත්ව ඇත. එම නිසා අවට නිවාස මෙන්ම මෑතකදී කාපට් ඇතිරූ මාර්ගය ඉක්මනින්ම අබලන් වීමේ අවදානමක් ද හටගෙන තිබේ.

ඉදිරියේදී අන්තර් මෝසම් වැසි ඇරැඹුණු විට මෙම තත්ත්වය තවත් උග්‍ර වන බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි. මේ පිළිබඳව මාර්ගය සකස් කළ කොන්ත්‍රාත් සමාගමට හා කොන්ත්‍රාත්තුව ලබාගත් පුද්ගලයාට දන්වා ඇති නමුත් තවම කිසිම පියවරක් ගෙන නොතිබීම අභාග්‍ය තත්ත්වයකි.

මේ ගැන සොයා බලා මාර්ගය දෙපස කානු පද්ධතිය නිසි පරිදි සකස් කිරීමට හැකි ඉක්මණින් කටයුතු කරන ලෙස බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් හා හෝමාගම ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලා සිටිමු.

රන්දිමා අබේසිංහ 
කහතුඩුව

Comments