
තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම යුක්රේන වෛද්‍යවරියකුට තාවකාලික පරිහරණය සඳහා ලබා දීමට හිටපු අති ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයකු වන ඩේවිඩ් බෙකම් කටයුතු කර තිබේ. ඔහු එමඟින් අදහස් කර ඇත්තේ යුක්රේන ජනතාව මේ වන විට ගත කරන ජීවිතය සම්බන්ධව ලෝකය දැනුම්වත් කිරීමයි. ඩේවිඩ් බෙකම් යනු තවමත් ලොව පුරා මහත් වූ ප්‍රේක්ෂක සංඛ්‍යාවකට හිමිකම් කියන ක්‍රීඩා තරුවකි. කලක් එංගලන්ත පාපන්දු පිලේ නායකත්වය දැරූ ඩේවිඩ් බෙකම් සමාජ මාධ්‍ය තුළද විශාල ජනප්‍රියත්වයක් උසුලන තරුවක් වේ.
ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පමණක් අනුගමනය කරන්නන් මිලියන 71.4ක් සිටින බව වාර්තා වේ.
මෙතරම් අනුගමනය කරන්නන් පිරිසක් සහිත තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම පසුගියදා යුක්රේනයේ ළමා නිර්වින්දන වෛද්‍යවරියක ලෙස කටයුතු කරන ‘ඉර්යානා‘ නම් වෛද්‍යවරිය වෙත තාවකාලිකව ලබා දීමට ඩේවිඩ් බෙකම් කටයුතු කළේය. ඒ අනුව තවත් දින කිහිපයකට ඩේවිඩ් බෙකම්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම පරිහරණය කරණු ඇත්තේ ‘ඉර්යානා‘ නම් වන එම වෛද්‍යවරියයි.
පසුගියදා බෙකම්ගේ ගිණුම භාවිත කිරීමේ අවස්ථාව ලැබීමෙන් පසු ඉර්යානා නම් වන යුක්රේන වෛද්‍යවරිය යුක්රේනය තුළ මේ වන විට දැඩි සීමා සහ අපහසුතා මැද වෛද්‍ය සේවය පවත්වාගෙන යන අන්දම ලොවට පෙන්වා දෙන වීඩියෝ පට කිහිපයක් මුදා හැරීමට කටයුතු කර තිබිණි. මේ වෛද්‍යවරිය පිළිබඳ අනන්‍යතාව කිසියම් අන්දමකින් ලොවට ආවරණය කර ඇති අතර ඇයව හඳුන්වා ඇත්තේ ‘ඉර්යානා‘ යන මුල් නමින් පමණි. ඇය කාර්කිව් නගරයේ රෝහලක දර්ශන ද බෙකම්ගේ ඉන්ස්ට්ර්ග්‍රෑම් ගිණුමට එක් කරමින් පවසා ඇත්තේ මේ වන විට තමන් ලොව අභියෝගාත්මකම වෛද්‍ය සේවය තම රටේ ජනතාවට සපයමින් සිටින බවයි.
“ දසතින් එල්ල වන වෙඩි ප්‍රහාර මැද අඛණ්ඩව අපි තුවාලකරුවන්ට වගේම අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටිනවා. අපට යුනිසෙෆ් ආයතනයෙන් ඔක්සිජන් වගේ අත්‍යවශ්‍ය පහසුකම් සහ ඖෂධ ලැබෙනවා. ඇත්තටම අපේ ජීවිත අතිශයින් අනාරක්ෂිතයි. අවධානම්. ඒත් අපි ඒ කිසිවක් තකන්නේ නැහැ. වෛද්‍යවරුන් යනු එවැනි මිනිසුන් කොට්ඨාසයක්“ ඩේවිඩ් බෙකම්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමකට එක් කළ වීඩියෝවක වෛද්‍ය ඉර්යානා එසේ පවසන්නීය. එමෙන්ම ඇය වැඩි දුරටත් පවසා සිටින්නේ බොහෝ ඖෂධ මෙන්ම පිරිසිදු වතුර සොයා ගැනීමද තමන්ට අභියෝගයක්ව පවතින බවයි.
ඩේවිඩ් බෙකම්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ අනුගමනය කරන්නන් මිලියන් ගණනක් මේ වීඩියෝවලට ප්‍රතිචාර දක්වා තිබූ අතර යුක්රේනය මේ වන විට මුහුණ දී සිටින වාතාවරණය සමාජ ගත කිරීමට බෙකම් ලබා දුන් අවස්ථාව පිළිබඳව බොහෝ දෙනා ඔහුටද ප්‍රශංසා කර තිබිණි. එමෙන්ම බෙකම් පවසා ඇත්තේ යුක්රේන ජනතාව වෙනුවෙන් තමන් මේ දෙය සිදු කළ බවයි.
ඩේබිඩ් බෙකම් මේ වන විට 46 හැවිරිදි වියේ පසුවන අතර පාපාන්දු ක්‍රීඩාවේ අතිශය ජනප්‍රිය තරුවක් වූ නිසාවෙන්ම ආයතන රැසක සන්නාම තානාපතිවරයකු වශයෙන්ද කටයුතු කරමින් සිටියි.