
ලංකාවේ විද්‍යා පීඨ ආරම්භ වන්නේ විද්‍යායතන පනතින් 1985 වසරේදීය. මහවැලි, පස්දුන් රට, සියනෑ, යාපනය, මඩකලපුව, හාපිටිගම, වයඹ, නිල්වලා, රුහුණු හා සාරිපුත්ත ඇතුළු විද්‍යාපීඨ 19 මේ වන විට පාලනය හා යටිතල පහසුකම් සංවර්ධනය කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යාපීඨ කොමසාරිස් යටතේ ඇති විද්‍යා පීඨ ශාඛාවෙනි. විද්‍යා පීඨ ආරම්භ කර මේ වන විට වසර 36 ක් ගත වී ඇති අතර එහි විෂය මාලා සංවර්ධනය හා සහතික පත්‍ර ප්‍රදානයට තවමත් බලය ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනයටය. වසර දෙකක ඒ පාඨමාලාවෙන් අනතුරුව අධ්‍යාපනවේදි උපාධිය හිමිවන මෙම පිරිස ගුරු වෘත්තියේ විවිධ විෂයයන් හැදෑරීමට නියැළෙති. මේ වන විට විද්‍යාපීඨවලට වසරකට සිසුන් 4000 ක් බඳවා ගන්නේ වසරකට විශ්‍රාම ගන්වන ගුරු පිරිසට සමගාමීවය. ඒ අනුව වසරකට නවක සිසුන් 4000 කට ආසන්න ප්‍රමාණයක් විද්‍යා පීඨවලින් පිටවන අතර ඒ හා සමාන පිරිසක් විශ්‍රාම ගැන්වෙයි.
කොවිඩ් හේතුවෙන් පසුගිය කාලයේ විද්‍යා පීඨ පැවතියේ නිරෝධායන මධ්‍යස්ථාන වශයෙනි. දැන් නැවතත් ඒවායේ අධ්‍යාපන කටයුතු ආරම්භ වෙමින් පවතියි. ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් චෝදනා කරන්නේ මේ වන විට ලංකාවේ 30,000 කට ආසන්න ගුරු හිඟයක් පවතින බවකි.
එය එසේ තිබියදි විද්‍යා පීඨ අධ්‍යාපනය නිම කළ 2017/2019 ශිෂ්‍ය කණ්ඩායමේ ශික්ෂණලාභීන්ට මේ වන තෙක් පත්වීම් ලබා දී නැත. මෙම සිසුන් උසස් පෙළ විභාගයට මුහුණ දී ඇත්තේ 2015 වසරේදී ය.
ඔවුහු 2017 ගැසට් කරන ලද විද්‍යා පීඨයන්ට ඇතුළත් වී ඇත්තේ 2018 දී ය. ඒ 4547 දෙනෙකි. 2016 හා 2017 විද්‍යා පීඨ සඳහා කණ්ඩායම් දෙකක් එකවර බඳවා ගත් අතර එම පිරිස 7826 කි. ඔවුන් මේ වන විට සීමාවාසික පුහුණුව ලබමින් සිටිති.
එසේම 2018 උසස් පෙළ විභාගයෙන් මේ වන විට සිසුහු 4253 ක් පළමු අධ්‍යන වර්ෂය පසු කරමින් සිටිති. නමුත් ගුරු සංගම්හි තවත් චෝදනාවක් වන්නේ 2019 හා 2020 උසස් පෙළ විභාගවලින් මේ වන තෙක් කිසිදු බඳවා ගැනීමක් සිදු කර නොමැති බවත්, එමඟින් බලවත් ව්‍යාකූලත්වයක් නිර්මාණය වී ඇති බවත්ය. වාර්තා වන අන්දමට විද්‍යා පිඨ බඳවා ගැනීමක් සිදු නොකර සංවර්ධන සහකාරවරුන්ට කිසිදු තරග විභාගයකින් තොරව එම පත්වීම් ලබා දීමට සුදානම් වන බවක් සැලය.
“ පාසල් සඳහා විෂයධාරා 29 ක පුහුණුව ලත් ගුරුවරු බඳවා ගන්නේ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ මඟින්. මේ වන විටත් 30,000 ක ගුරු හිඟයක් පවතිනවා. බොහෝ පාසල්වල විෂයානුබද්ධ ගුරුවරු නැහැ. නමුත් මේ වන විටත් 2017 විද්‍යා පීඨ පාඨමාලා අවසන් නොකළ පිරිස ගුරු සේවයට බඳවා ගැනීමක් තවමත් සිදු කර නැහැ. ඔවුන් බඳවා නොගෙන මේ වන විට කිසිදු තරග විභාගයකින් සුදුසුකම් නොලැබූ සංවර්ධන සහකාරවරුන්ට මේ පත්වීම් ලබා දීමට සූදානම් වෙනවා.
පත්වීම් නොලද විද්‍යා පීඨ සිසුන්ගේ ගිවිසුම් කාලය ද මේ වන විට අවසන්ව ඇති අතර, ගිවිසුම නිසා ඔවුනට වෙනත් රැකියාවක් සොයාගෙන යාමටද නොහැකි වෙලා තියෙනවා. නමුත් අපි අවධාරණයෙන් පවසන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට නිසි වැඩ පිළිවෙළක් නැතිවීම මේ ප්‍රශ්නවලට මුල බවයි. වාර්ෂිකව ගුරුවරු 3000ක් විශ්‍රාම යන නිසා මෙම පත්විම් අනිවාර්යයෙන් හා හැකි ඉක්මනින් සිදු කළ යුතුයි. ...“ ඒ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් ය.
විද්‍යා පීඨවල මෙම ගුරු පත්වීම් ප්‍රමාදය නිසාවෙන් තමන් මේ වන විටත් මානසිකව බිඳ වැටී ඇති බව ඒ සිසුන්ගේ චෝදනාවය. බොහෝ දෙනෙක් විවාහ දිවියට පවා ඇතුළත් වී ඇත්තේ ගුරු පත්විම් ලැබ විවාහ වීම කල්ගත වන හෙයිනි
“ මම වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ 2017/2019 ශිෂ්‍ය කණ්ඩායමේ ශික්ෂණලාභියෙක්. උසස් පෙළ 2015 කළත් විද්‍යා පිඨ ගැසට් කළේ 2017 දී. විද්‍යා පීඨයට ඇතුළත් වුණේ 2018 දී. උසස් පෙළ විභාගය ලියා අවුරුදු තුනක් නිකරුනේ සිටියා. නියමිත දින අනුව පාඨමාලා අවසන් කරන්න තිබුණේ 2021.6.15 වැනිදා. 2020 අගෝස්තු 10 වැනිදා සීමාවාසික පත්වීම් සඳහා පාසල්වලට දැම්මා. නමුත් පාඨමාලා අවසන් කළේ 2021. 8.10 වැනිදා. එදා සිට අද දක්වා මාස 6 ක කාලයක් බලා සිටියා. සාමාන්‍යයෙන් සීමාවාසික පුහුණුවීම් අවසන් කර මාස 2-3 ක් යනවිට පත්වීම් දිය යුතු වෙනවා. අපි 4800 ක් පමණ දෙනා ගුරු පත්වීම් පාසල් සඳහා වූ ලැයිස්තුව බලාපොරොත්තුවෙන් ඉන්නවා. ගිවිසුමක් අත්සන් කර ඇති නිසා අවුරුදු 5 ක් යනතුරු අපිට වෙනත් රැකියාවක් හෝ කිරීමට නොහැකි අසරණ තත්ත්වයකටයි අප පත්ව සිටින්නේ“
ඒ ගුරු පත්වීම් අපේක්ෂාවෙන් පසුවූ තවත් ශික්ෂණලාභියෙක්ය.
ගුරු සංගම් පවසන පරිදි පසුගිය කොවිඩ් වසංගතය පැවැති කාලයේ නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්වූ මේ ගුරු විද්‍යා පීඨ යළි ප්‍රතිසංස්කරණය නොකර ඇති බවද පැවසෙයි. අභ්‍යන්තරයේ බොහෝ දේ තවමත් විනාශ වී ඇත. විද්‍යා පීඨයකින් බිහි වන්නේ පන්ති කාමරයට පමණක් සීමා වූ ගුරු පිරිසක් නොවේ. විද්‍යා පීඨයන්හි විෂය මාලා නිර්දේශ හා ඇගයීම් කටයුතු කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනයෙනි. වසර 11 කට පෙර හඳුන්වා දුන් විෂය මාලාව අදටත් භාවිත වන අතර දැනුම යාවත්කාලීන වූයේ නැති බව මොවුන්ගේ චෝදනාවය. සියලු සිසුන්ගේ විෂයමාලා සංවර්ධනය කිරීමෙන් ජාත්‍යන්තර මට්ටමක් දක්වා යාමට අවශ්‍ය සුදුසුකම්වලින් ඔවුහු පරිපූර්ණ කිරීම බලධාරීන්ගේ වගකීමය.
2017 ගුරු විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ගේ මේ ගැටලුව පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය දරන්නේ වෙනත් මතයකි. ඔවුන් පවසන පරිදි මෙම පත්වීම් ලබාදීමේ ක්‍රියාවලියේ කිසිදු ප්‍රමාදයක් සිදු වී නොමැති බවකි.
“ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඇයැඳුම්පත් කැඳවීම ආරම්භ කරතියෙනවා. ඒ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතිනවා. කිසිදු ප්‍රමාදයක් සිදුවී නැහැ. මාර්ගගත ක්‍රමයට ඇයැඳුම්පත් යොමු කිරීමට සති දෙකක පමණ කාලයක් ලබා දෙනවා. එක් අයකුට පාසල් 5 ක් ඇයැඳුම් කළ හැකියි.
මේ අයට පාසල් ලබා දීම සිදු කරන්නේ තමන් ලබාගත් කුසලතා පදනම් කර ගෙනයි. එකම පාසලක පුරප්පාඩුවක් සඳහා කිහිප දෙනෙක් ඉල්ලුම් කළත් තමන් විභාගයේදි ලබා ගත් කුසලතා අනුවයි, ප්‍රමුඛතාව හිමි වන්නේ“ ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආයතන ) පී. කේ. එස්. සුබෝධනීය.
කෙසේ වෙතත් තවත් චෝදනාවක් මතුව ඇත්තේ අසාධාරණ ලෙස ආගමික විෂයයන් සඳහා සිසුන් බඳවා ගැනීම්ද සිදුවන බවටය. මීට පෙර ආගමික විෂයයන් සඳහා සුදුසුම ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේදි ඉසෙඩ් අගය පමණක් නොව ආගමික විභාගයන්ට ද ලකුණු ලබා දුන්න ද මෙවර එය අහිමිව ඇති බවකි. කෙසේ වෙතත් මේ වන විට අධ්‍යාපන ලේකම්වරයාගේ අවධානයට මේ ප්‍රශ්නය යොමුව පවතියි.