
අම්පේ ග්‍රාම සේවා වසමේ පාසල් දරු දැරියන් දෙසියයකට පාසල් අභ්‍යාස පොත් හා මුව ආවරණ බෙදාදීමක් පසුගියදා කෑගල්ල, අම්පේ ආදර්ශ කනිෂ්ඨ විදුහලේ දී පැවැත්විණි. අම්පේ ග්‍රාම නිලධාරි දේශප්‍රිය නවරත්න බණ්ඩාරගේ පූර්ණ අනුග්‍රහය සහ පරිත්‍යාගශීලින්ගේ ආධාර ද ගලිගමුව ප්‍රාදේශිය මහ ලේකම් එච්.එම්.සි. සුසන්ත හේරත්ගේ නායකත්වය සහ මඟ පෙන්වීම ද මේ සඳහා ලැබී ඇත.