නව වසරේ ගත වූ දින 02 කට රිය අනතුරු මරණ 33 ක් | සිළුමිණ

නව වසරේ ගත වූ දින 02 කට රිය අනතුරු මරණ 33 ක්

දෙසැම්බර් මස අග සතියේ මෙරටින් මාරක රිය අනතුරු 52 ක් වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා නිවේදනය කරයි
 
මෙම අනතුරු 52 න් පුද්ගලයින් 53 ක් මිය ගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි
 
2021 වසර තුළ මෙරට සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයන් 2461 ක් මිය ගොස් ඇති අතර පුද්ගලයින් 5382 ක් බරපතල තුවාල ලබා ඇත.
 
නව වසර ආරම්භ වීමත් සමඟ ජනවාරි පළමු වනදා රිය අනතුරු වලින් පුද්ගලයන් 18 ක් මිය ගොස් ඇති අතර ජනවාරි 02 වැනිදා පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇත 
 
මීට අමතරව පෙර සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් 03 දෙනෙකු ද මිය ගොස් ඇති අතර මේ අනුව මේ වර්ෂය ආරම්භ වීමත් සමඟ පුද්ගලින් 33 ක් රිය අනතුරු වලින් මිය ගොස් ඇත
 
 

Comments