එන්නත් තුනක් මදි නම් හතරක් දෙනවා ඊශ්‍රායලය කියයි | සිළුමිණ

එන්නත් තුනක් මදි නම් හතරක් දෙනවා ඊශ්‍රායලය කියයි

 

කොවිඩ් මර්දනයට මේ වන විට ලොව පුරා රටරටවල ජනතාවට තුන්වැනි එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබා දෙමින් තිබේ. එහෙත් ඊශ්‍රායලය පවසා ඇත්තේ එන්නත් මාත්‍රා තුනක් ප්‍රමාණවත් නොවන බවත්, සිවුවැනි මාත්‍රාවක්ද ලබා දීම අත්‍යවශ්‍ය වන බවත්ය.

ඊශ්‍රායෙල් විද්‍යාඥයන් මේ බව එරට පාලනාධිකාරියට පවසා ඇති බවත්, අගමැති නෆ්ටාලි බෙන්නෙට් ඔවුන්ගේ එම අදහසට එකඟත්වය පළ කර ඇති බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

ඒ අනුව මේ වන විට ඊශ්‍රායලය සිවු වැනි එන්නත් මාත්‍රාවක් ජනතාවට ලබා දීමට කටයුතු සම්පාදනය කරමින් සිටින බව වාර්තා වේ. කොවිඩ් සඳහා එන්නත් හතරක් ලබා දුන් ලෝකයේ ප්‍රථම රට බවට ඊශ්‍රායලය පත් වනු ඇතැයි එරටින් ලැබෙන පුවත් අනුව පැවසිය හැකිය.

Comments