හිරු නොබසින අධිරාජ්‍යයට මව් කිරි සිහිපත් කළ අමරණීය පිති හරඹය | Page 2 | සිළුමිණ

හිරු නොබසින අධිරාජ්‍යයට මව් කිරි සිහිපත් කළ අමරණීය පිති හරඹය

 

VIV RICHARDS 3

රි ච ඩ් ස් න ම් පො දු ජ න ක්‍රි ක ට් ක්‍රී ඩ ක යා

“මම කරන දෙය ගැන මම දැඩි විශ්වාසයක් තිබෙනවා. ඇත්තටම මම ක්‍රීඩා කරන්නේ ජනතාව වෙනුවෙන්. ඒ අතර කොදෙව් ජනතාව ප්‍රමුඛයි. ඒ වගේ ම මම සම අයිතිවාසිකම් ගැනත් පෙනී සිටිනවා,” මේ වරක් විවියන් කියූ කතාවකි.

මේ කතාව ඔහු ප්‍රථමයෙන් ඔප්පු කොට පෙන්වූයේ එංගලන්ත ප්‍රාන්ත තරගවල දී ය. ඒ ඔහුටම සුපුරුදු වූ පිත්තෙන් පෑ පෙළහරෙනි. එංගලන්තයේ දී විවියන් පිත්තෙන් මතු කළ අමරණීය දස්කම් හා වාර්තා ඒ් අතර කැපී පෙනෙයි.

එංගලන්තයේ “ජෝන් ප්ලේයර්” ඉරුදින තර-ගාවලිය ඔහු එලෙස අමරණීය සටහන් තැබූ තරගාවලියකි. 1975 එම තරගාවලියේ දී ඔහු ක්‍රීඩා කළ ඉනිමක් වාර්තාගත ය. පන්දු වාර 40 ක් ඇතුළත් වූ තරගයක දී සමර්සෙට් පිල කඩුලු 4 කට ලකුණු 270 ක් රැස් කළේ ය. ඒ ග්ලොස්ටර්ෂයර් පිලට එරෙහිව ය. එහි දී අපේ කතානායක විවියන් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 126 කි. මිනිත්තු 86 කින් රැස් කළ එම ඉනිමට හයේ පහරවල් 6 ක් සහ හතරේ පහරවල් 12 ක් ඇතුළත් විණි.

1983 වසරේ දී ද විවියන් ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිමක් ගැන අද ද කතා කළ හැකි ය. එය සම-ර්සෙට් හා නොදම්ප්ටන්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම් අතර පැවතිණි. සමර්සෙට් පිලට ලකුණු 321 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවුණේ දෙවැනි ඉනිමේ දී ය. එය අසීරු ඉලක්කයක් බවට පත්ව තිබුණේ සමර්සෙට් පිලේ ඉදිරි පෙළ කඩුලු පහක් ලකුණු 88 ක් තුළ බිඳවැටීමත් සමඟ ය.

විවියන් පිත්ත දරා තණතීරුව මැදට ආයේ ය. දැන් ඔහුගේ උරහිස් මත ඇත්තේ සමර්සෙට් පිල පරාජයෙන් ගලවා ගැනීමේ ඉනිමක් ක්‍රීඩා කිරීම ය. සෙසු පිතිකරුවන්ගේ සහාය උපරිම මට්ටමින් ලැබුණු නිසා විවියන් කල්පනාකාරීව පිත්ත මෙහෙයවන්නට විය. තරගය නිමා වන විට පරාජයෙන් බේරී සමර්සෙට් කණ්ඩායම කඩුලු 8 ක ට ලකුණු 278 ක් රැස් කර ගෙන තිබිණි. ඊට විවියන්ගේ දායකත්වය නොදැවී ලකුණු 123 කි.

එය විවියන්ගේ සුපුරුදු ක්‍රීඩා රටාවට අපරව ගිය එකක් විණි. එහෙයින් පසුදින පුවත්පත් ඔහුගේ මේ ඉනිම විශේෂයෙන් වර්ණනා කර තිබුණේ ය. ඉන් එක් පුවත්පතක් කියා තිබුණේ, “විවියන් ක්‍රීඩා කළේ අමතක නොවන ඉනිමක්” කියා ය.

ග්ලැමෝගන් මෙහෙයුම

මේ 1990 විවියන් ග්ලැමෝගන් ප්‍රාන්ත පිළට ක්‍රීඩා කළ විට දී වාර්තා වූ තවත් අමරණීය ඉනිමකි. හැම්ප්ෂයර් පිල ජයග්‍රහණය සඳහා ලකුණු 364 ක ඉලක්කයක් ග්ලැමෝගන් පිලට ලබාදුන්නේ ය. විවියන් පිටියට ආවේ පළමුවන කඩුල්ල බිඳවැටී ලකුණු 90 ක් ව තිබිය දී ය. නමුත් එකවරම කඩුලු 5 ක් බිඳී ගිය අතර මුළු ලකුණු තත්ත්වය කියැවුණේ ලකුණු 139 ක් ලෙස ය.

තේ පාන විවේකය අවස්ථාවේ ග්ලැමෝගන් නායක ඇලන් බුචර් විවියන්ට උපදෙස් දුන්නේ තත්ත්වය එතරම් යහපත් නොවෙන බව දන්නා නිසා ය.

“විවි දැන් නම් අපිට මේ තරගය දිනන්න බැහැ. කරන්න තියෙන හොඳම දේ පරාජයෙන් බේරා ගන්න උත්සාහ කරන එක. අපි ඒ් වෙනුවෙන් ක්‍රීඩා කරමු.”

තම කණ්ඩාය‍ෙම් නායකයාගේ යෝජනාව විවියන් ඉත සිතින් පිළිගත්තේනැත. නො-පිළිගත්තේ ද නැත. එහෙත් ඔහු මෙසේ කීවේ ය. “ඒ්ත් අපි බලාපොරොත්තු අත් හරින්න හොඳ නැහැ. කොහොම හරි උත්සාහ කරල බලමු.” විවියන් කීවේ ය.

නැවත පිටියට ගිය පසු විවියන් තම නාය-කයාගේ උපදෙස් අමතක කර දැම්මේ ය. ඔහුගේ හිතේ ඇඳී තිබූ යම් සැලැස්මකට අනුව ඔහු ක්‍රීඩා කරන බව පැහැදිලිව පෙනෙන්නට විය.

එහි දී ඔහු මුලින් ම සිය ශතකය සම්පූර්ණ කළේ ය. එය වාර්තා වූයේ පන්දු 127 කිනි. සෙමින් සෙමින් තම පිලේ ඉනිම ගොඩනැංවූ විව් ට තරගයේ අවසාන පන්දුවාර දෙකේ දී ජයග්‍රහණය වෙනුවෙන් රැස්කිරීමට තිබුණේ ලකුණු 27 ක් පමණි.

ඉතිරි පන්දුවාර දෙකේ පළමු පන්දුවාරය අවසන් වනවිට කණ්ඩායමේ ලකුණු පුවරුවට ලකුණු 17 ක් එක් විණි. අවසාන පන්දුවාරයේ පස්වැනි පන්දුව වනවිට අවශ්‍ය ලකුණු සම්පූර්ණ කළ ග්ලැමෝර්ගන් ක්‍රීඩකයෝ කඩුලු 6කට ලකුණු 365 ක් රැස්කරමින් තරගය ජයගත්තේ කඩුලු 4 කිනි.

ඊට විවියන් ගේ දායකත්වය නොදැවී ලකුණු 164 කි. නායක ඇලන් බුචර් දෑතින් ම විවියන් වැළද ගත්තේ ය. ඔහු අපේ කතානායකයාව ක්‍රීඩාගාරයේ ග්ලැමෝ්ගන් කුටියට ගොස් මුව නොසෑහෙන්නට සුභ පැතුවේය. එදා හැම්ප්ෂයර් පිලට ක්‍රීඩා කළ එංගලන්ත පිලේ ප්‍රබල පිතිකරුවන් වූ ඩේවිඩ් ගවර් සහ රොබින් ස්මිත් දෙදෙනා ද විවියන්ට සුබ පතන්නට අමතක නොකළ හ.

“විවියන්ගේ ඉනිම අති විශිෂ්ටයි. ඒක අමතක නොවන ඉනිමක්. අපි නොමසුරුව හා අවංකව ඔබට සුබ පැතුම් එක්කරනවා.” නායක මාක් නිකලස් කීවේ ය.

ලෝඩ්ස් හි ලෝඩ්

1981 ලෝඩ්ස් පිටියේ පැවැති “බෙන්සන් ඇන්ඩ් හෙජස් කුසලාන අවසාන තරගය විවියන්ට තවත් අමරණීය අවස්ථාවකි. එම තරගයේ දී සරේ ප්‍රාන්ත පිල පරදවා කුසලාන දිනා ගැනීමට සමර්සෙට් පිලට දායක වුණේ විවියන් ගේ ඉනිමයි. ‍ෙලා්්ඩ්ස් පිටිය දීප්තිමත් කරමින් එදා විවියන් නොදැවී ලකුණු 132 ක් රැස කෙළේය.

මෙම කුසලාන ජයග්‍රාහී ඉනිම පිළිබද මතක සටහන් අවදි කරමින් වරක් රූපවාහිනී සාකච්ඡාවක දී විවියන් මෙලෙස කීවේය. “මම ලෝඩ්ස් පිටියට හරිම කැමතියි. මේ ක්‍රීඩාංගණය මට හරිම කරුණාවන්තයි. මම මගේ ක්‍රිකට් ජීවිතයේ අගනා ඉනිම් කීපයක් ක්‍රීඩා කළ පිටියක් තමයි ලෝඩ්ස් කියන්නේ. ඒ අතරින් 1981 අවසාන තරගයේ ඉනිම විශේෂිත එකක්.” යනුවෙනි.

එක දිනකින් ත්‍රිත්ව ශතකයක්

විවියන් තමාගේ වැඩිම පළමු පෙළ ලකුණු ඉනිම වාර්තා කළේ 1985 දී ය. ඒ සමර්සෙට් පිල වෙනුවෙන් රැස් කළ ලකුණු 322 කි. වොවික්ෂයර් පිලට එරෙහිව මෙම තරගය පැවැත්විණි. මෙම සුපිරි ඉනිමේ සුවිශේෂත්වයක් තිබේ. ඒ් ඔහු ත්‍රිත්ව ශතකය රැස් කළේ තනි දවසක් තුළ හේතුවෙනි. එබැවින් එය දුර්ලභ ගණයේ වාර්තාවකි.

තවත් කැපීපෙනෙන පිතිහරඹ කීපයක්

මේ ආකාරයට එංගලන්ත බිමේ දී විවියන් තැබූ අමතක නොවන දස්කම් බොහෝ ය. 1977 වසරේ දී විවියන් එරට ප්‍රාන්ත තරගමාලාවට එක්වෙමින් ලකුණු 2161 ක් රැස් කළේ ය. එය ඔහුගේ තරග වාරයක වැඩිම ලකුණු රැස් කිරීම ය. එංගලන්තයේ ප්‍රාන්ත තරගවලට ක්‍රීඩා කළ කාලයේ විවියන් 17 වතාවක් තරග වාරයක දී ලකුණු 1000 කට වඩා රැස් කොට වාර්තාගතව තිබේ.

මේ අතර එරට ප්‍රාන්ත තරග වල දෙවතාවක් හොඳම ලකුණු සාමාන්‍යලාභියා විය. ඒ 1983 දී ලකුණු 1204ක් රැස් කරමිනි. එහි ලකුණු සාමාන්‍යය 73.25 කි. 1985 දී ලකුණු 1836 ක් රැස් කරමින් සාමාන්‍යයක් පවත්වා ගත්තේ ලකුණු 76.50 ක් වශයෙනි.

හයේ සහ හතරේ පහර එල්ල කිරීමේ දී ද විවියන් සුවිශේෂී ය. 1985 තරග වාරයේ දී හයේ පහරවල් 49 ක් එල්ල කළ ඔහු එම වසරේ දී රැස් කළ ලකුණු 322 ඉනිමට ඇතුළත් කළ හතරේ පහර සංඛ්‍යාව 42 ක් විය. එම ඉනිමට හයේ පහරවල් 8 ක් ද ඇතුළත් වූයෙන් හතරේ සීමාව ඉක්මවා විවියන් එල්ල කළ පහරවල් ගණන 50 කි.

බොහෝ ක්‍රිකට් විචාරකයින් විවියන්ගේ හොඳම එංගලන්ත තරග වාරය ලෙස සලකන්නේ 1985 තරග වාරය ය. “මේ තරග වාරයේ දී විවියන් ප්‍රබලව පිත්ත හැසිරෙව්වා. ලකුණු රැස් කළා. ක්‍රීඩා කළ ඉනිම්වල දී ඔහු එල්ල කළ පහරවල් විශිෂ්ටයි.” මේ එක් ක්‍රිකට් විචාරකයකු අපේ කතානායකයා ගැන තබා තිබුණු සටහනකි.

 

මිළඟට - අමරණීය කොදෙව් ටෙස්ට් පිතිහරඹය

 

 

Comments