
ජැක් ඩාර්සි කිව්වට අපේ රටේ වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඒත් ට්වීටර් සමාජ ජාලය නම් සැලකිය යුතු පිරිසක් භාවිත කරනවා. ජැක් ඩාර්සි කියන්නේ ට්වීටර් සමාජ ජාලයේ සම නිර්මාතෘවරයෙක්. තවමත් වයස 45ක් වන ඔහු ද අයත් වන්නේ මාර්ක් සකර්බර්ග්ලා වගේ මේ ලෝකය වෙනස් කළ පරම්පරාවටයි. සමාජ මාධ්‍ය නම් දැනට කිසිම ආකාරයකින් වැටවල් බැඳිය නොහැකි මානව අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍ය ලෝකයට හඳුන්වා දෙන්න විශෘල මෙහෙයක් කළ අය අතරට ජැක් ඩාර්සි ද අයත් වෙනවා. 

කෙහොම වුණත් පසුගියදා ජැක් ඩර්සි ට්වීටර් සමාගමෙන් ඉවත් වූවා. ඔහු ඒ සඳහා හේතු වශයෙන් දැක්වූයේ ‘දැන් හොඳමට ඇති‘ වගේ අදහසක් පමණයි. මේ වෙනස් අදහස් සහිත දක්ෂ මිනිසුන් බොහෝ දුරට තමන් වෙනුවෙන් තවත් අරමුණු පහසුවෙන් ඇති කර ගන්නවා. ඒ වගේම හැමදාමත් වෙන අන්දමට ජැක් ඩාර්සිගෙන් හිස්වූ ධූරය ඉන්දියානුවකුට ලැබෙන්නට ඉඩ තිබෙන බව තමයි කියවෙන්නේ.