
මෑතකදී විශ්‍රාම ගොස් ඇති 5,000කට අධික රජයේ විශ්‍රාමිකයන් සඳහා විශ්‍රාම පාරිතෝෂිකය වසර 1 1/2කට වඩා අධික කාලයක් ප්‍රමාද වී ඇතැයි විශ්‍රාමිකයන්ගේ සංගම් නිලධාරීහු පවසති. රජයේ සේවයෙන් විශ්‍රාම ගිය පසු මාසිකව ලැබෙන වැටුපෙන් සියයට 50ක මුදලක් මාස 24කින් ගුණකර ලැබෙන මුදල විශ්‍රාම පාරිතෝෂිකය ලෙස රාජ්‍ය සේවකයන්ට ලබාදීම සිදුකෙරේ. එය හැකි ඉක්මනින් ලබා ගැනීමට විශ්‍රාම ලාභීන් උත්සාහ දරන නමුත් පසුගිය වසර 2 තුළ එය නොලැබීම නිසා එම කාලයේදී විශ්‍රාම ගිය විශ්‍රාමිකයෝ බලවත් අපහසුතාවයට පත්වී සිටිති. මේ පිළිබඳව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් පවසන්නේ මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබීම් ප්‍රමාදවීම් හා කොවිඩ් 19 රෝගය නිසා රාජ්‍ය ආයතන වසා තැබීම නිසා එවැනි ප්‍රමාදයක් ඇතිවී ඇති බවයි.
කෙසේවුවත් ඔහුගේ දැනීමේ හැටියට විශ්‍රාමිකයන් 2,000කට අධික ප්‍රමාණයකට මෙම මුදල ගෙවීමට ප්‍රමාදවී ඇතැයි ද ඒ සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන පිළිවෙළ අනුව විශ්‍රාමික පාරිතෝෂිතය ලබාදීමට කටයුතු කරන බවද ඔහු පවසයි.