
ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට ප්‍රථම වරට එක් වූ අධිතාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාලම හෙවත් ‘කල්‍යාණි රන් පිවිසුම‘ 24 වැනි බදාදා ජනතා අයිතියට පත් කෙරිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සහ අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයේදී පාලම විවෘත කිරීමෙන් පසු දිස්වූයේ මෙසේය. මෙම අවස්ථාවට මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සහ අමාත්‍යාංශ ලේකම් රංජිත් ප්‍රේමසිරි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.