කොවිඩ්වලින් පස්සේ ප්ලේන් අස්සේ නයි | සිළුමිණ

කොවිඩ්වලින් පස්සේ ප්ලේන් අස්සේ නයි

කොවිඩ් වසංගත සමයේ ධාවනයෙන් ඉවත් කළ මගී ගුවන් යානා නැවත ධාවනයට සුදුසු පරිදි පිරිසුදු කිරීම්වල නිරතවන ඔස්ට්‍රේලියානු ගුවන් සේවක කාර්යමණ්ඩලයට අරුම පුදුම අත්දැකීම්වලට මුහුණ පෑමට සිදුවෙමින් පවතින බව වාර්තා වේ. පසුගිය කාලයේදී මේ ගුවන් යානා ඔස්ට්‍රේලියාවේ ඉඩකඩ සහිත ගුවන් තොටුපොළ ආශ්‍රිත ප්‍රදේශවල නවතා තිබූ අතර එම යානා කාලයත් සමඟ දුහුවිල්ලෙන් වැසී ගොස් ඇත. සේවක කාර්ය මණ්ඩලය මේ දුහුවිලි ඉවත් කරමින් යානා පිරිසුදු කිරීමේ කටයුතුවල යෙදෙන අවස්ථාවේදී ඔවුන්ට යානා ඇතුළත නිවෙස් සාදාගෙන සිටි තවත් නොයෙක් සතුන් හමුවී ඇත. ඔස්ට්‍රේලියාවේ කාන්තාර ප්‍රදේශවල ජීවත් වන රැට්ල් ස්නේක් නම් වන සර්ප විශේෂය ඒ අතරින් ප්‍රධාන වේ. තවත කෘමි සතුන් ද විශාල වශයෙන් ගුවන් යානා අභ්‍යන්තරයේ සිට හමුවී ඇත.

Comments