
රන් දිනූ තරගයේ
වීඩියෝ දැම්මාට
ජැමෙයිකානු ක්‍රීඩිකාව
සමාජ මාධ්‍යවලින් දොට්ට
මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 සහ 200 ඉසව්වලින් රන් පදක්කම් දිනා සිටින ජැමෙයිකාවේ එලීන් තොම්ප්සන් - හේරා ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම තාවකාලිකව අවලංගු කිරීමට එම සමාගම පසුගියදා කටයුතු කර තිබිණි. ඒ ඇය තම ගිණුමේ ඇය ජයග්‍රහණය කළ තරගයක වීඩියෝවක් පළ කිරීමත් සමඟිනි. එම වීඩියෝවේ යම් රූපවාහිනී ආයතනයක ලෝගෝවක්ද පළවී තිබුණු අතර එය මෙවර ඔලිම්පික් උළෙල විකාශය කිරීමේ නිල අයිතිය හිමි කරගන සිටි ආයතනය නොවීය.
එබැවින් එම වීඩියෝව පළ කිරීම සම්බන්ධව එලීන් තොම්ප්සන් - හේරා වරදකාරිය බවට තීරණය කර ඇති ඉන්ස්ට්ග්‍රෑම් සමාගම ඇයගේ ගිණුම දින දෙකකට අත්හිටුවන බව ඇයට දැනුම් දී තිබිණි. මේ සම්බන්ධයෙන්ද අදාළ ක්‍රීඩිකාව තම ගිණුමේ නිවේදනයක් පළ කර තිබූ අතර දින දෙකකින් යළි තම ගිණුම සක්‍රීය වනු ඇති බවද එහි දන්වා සිටියාය. එහෙත් පැය කිහිපයකට පසු ඇයගේ ගිණුම යළි සක්‍රීය කිරීමට ඉන්ස්ටග්‍රෑම් සමාගම කටයුතු කර තිබිණි.
ආහාර හිඟ වෙනවාට බයෙන්
බංග්ලාදේශය
සහල් තොග රැස්කරයි
ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයක් පිළිබඳ අනාවැකි පළවන බැවින් තවත් සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට බංග්ලාදේශය කටයුතු කර තිබේ. මේ මෙලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලද හත්වැනි සහල් තොගය වේ. පසුගිය මාර්තු මාසයේ සිට අවස්ථා හයකදී බංග්ලාදේශ රජය ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 50,000 බැගින් තම රටට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ. මීට අමතර බංග්ලාදේශ රජය වියට්නාමයෙන්ද සහල් ආයනයනය කිරීමට කටයුතු කර තිබේ.
මචු පීචු නටඹුන්
හිතුවට වඩා පරණයි
පිරූ දේශයේ පිහිටා ඇති අති සුන්දර, අති සුවිශේෂ නටඹුන් නගරයක් වන මාචු පීචූ ගොඩනැගිලි පෙර තක්සේරු කර තිබූ කාලයට වඩා වසර විස්සකින්වත් පැරණි විය යුතු බව විද්‍යාඥයන් නිගමනය කර තිබේ. මේ මාචු පිචූ නටඹුන් නගර ඉදිකරණු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 1440 – 1450 අතර කාලයේදී විය යුතු බව මීට පෙර විද්‍යාඥයන්ගේ මතය විය. වනයට යටවී තිබූ මේ නටඹුන් ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් විසින් සොයා ගනු ලැබීමෙන් පසු ඒවායේ කැණීම් කටයුතු සිදු කෙරිණි. කෙසේ වුවද මෑතකාලීනව මාචු පීචු ආශ්‍රිතව සොයා ගත් මිනිස් අස්ථි කැබලි ආශ්‍රයෙන් විද්‍යාඥයන් නිගමනය කර ඇත්තේ මේ ඉදිකිරීම් තවත් වසර විස්සකින්වත් පැරණි විය යුතු බවයි.
පරිසරය
දූෂණය කරන හරක්
නවසීලන්තයේ ගව පට්ටි ආශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන් විශාල වශයෙන් හරිතාගාර වායූන් පරිසරයට මුදාහැරෙමින් පවතින බවත් එය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවත් සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වී තිබේ. මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර ඇත්තේ ‘ස්ටැට්ස් නිව්සිලන්ඩ්’ නම් ආයතනය විසිනි. එම සංඛ්‍යා ලේඛන අනුව 2019 වසරේදී පෙර වසරට වඩා සියයට 3.18කින් ගව පට්ටි ආශ්‍රිතව කාබන් වායු විමෝචනය වර්ධනය වී තිබේ. මේ වන විට නවසීලන්තයේ ගව පට්ටි ආශ්‍රිතව මිලියන 6ක පමණ ගවයන් සිටින අතර ඔවුන් ගේ බහිශ්‍රාව්‍ය අපද්‍රව්‍ය හේතුවෙන් සිදුවන වායු විමෝචනය එරට පරිසර දූෂණය ආශ්‍රිත ප්‍රබලතම ගැටලුව බවට හඳුනාගෙන තිබේ. මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වන බවත් අනාගතයේදී විශාල පාරිසරික ගැටලු ඇති කිරීමට ගවපට්ටි හේතුවනු ඇති බවත් අනාවැකි පැවසී ඇති අතර මේ තත්ත්වයට විසඳුම් සෙවීමට නවසිලන්ත බලධාරීන් විසින් විවිධ යෝජනා ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ.