
සබරගමුව රත්නපුර මහ සමන් දේවාලයේ 796 වන වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) වෙත ලබාදුන් අතර එම අනුග්‍රහය ලබා දීම මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයරත්න විසින් සිදු කළේය. එම අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ නීති හා පරිපාලන අධ්යක්ෂ නීතීඥ රඛිත අබේගුණවර්ධන, කර්තෘ මණ්ඩල අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේ දී ධර්ම ශ්‍රී කාරියවසම් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) සිසිර අධිකාරි ද සහභාගී වූහ.