අගෝස්තු 2 සඳුදා සිට රාජ්‍ය ආය­තන සාමාන්‍යකරණයට | සිළුමිණ

අගෝස්තු 2 සඳුදා සිට රාජ්‍ය ආය­තන සාමාන්‍යකරණයට

කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව අගෝස්තු 02 සඳුදා සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට රජය පියවර ගෙන තිබේ.

රජය මෙම තීරණය ගෙන ඇත්තේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහනයෙන් ඉහළ ප්‍රතිශතයකට එන්නත්කරණය සිදුකර තිබෙන බැවිනි. ඒ යටතේ රාජ්‍ය සේවකයන් බහුතරයක් ද එන්නත්කරණයට ලක්කර ඇති බැවින් රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

මේ පිළිබඳව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරිට සිකුරාදා දැනුම් දී තිබිණි.

Comments