පසුගිය ජනවාරි 01 වැනිදා සිට ජූලි මස අග දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 473ක් සහ අයිස් කිලෝග්‍රෑම් 300ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ප්‍රධානතම ජාවාරම්කරුවන් 40 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 14,348 දෙනෙකු පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ නාවික හමුදාව මෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම්හි නිරත ආයතන එක්ව සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 773හි වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 8ක් පමණ වන බවට ගණන් බලා තිබේ.
ඊට අමතරව මේ වර්ෂය තුළදී ගංජා කිලෝග්‍රෑම් 3485ක්ද සැකකරුවන් 8509 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජික් රෝහණ පැවසීය. අත්අඩංගුවට ගත් ගංජා ප්‍රමාණයෙහි වටිනාකම රුපියල් කෝටි 72ක් බවත් ඒ අනුව අත්අඩංගුවට පත් සියලු මත්ද්‍රව්‍යයන්හි මුළු වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 09කට ආසන්න බවද ඔහු පැවැසීය.