
චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනි සුරේනි සෙනරත් පසුගිය 26 වැනිදා අභාවප්‍රාප්ත විය.
කලක් තිස්සේ රෝගාතුරව මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යන විට 62 වැනි වියේ පසුවූවාය. 'අමරණීය ආදරය" චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඇය ලොකු තාත්තා, සර්කස් කාරිය, මල්වරුසා, හිතහොඳ සූරයෝ, සතුටය කිරුළ අපේ ආදී චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ ඇය ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක වී ඇත. අවසන් කටයුතු 27 වැනිදා සිදු කෙරිණි.