
පාසලක් වැසීම සිර ගෙවල් දහසක් ආරම්භ කිරීමක් යැයි කියමනක් වේ. පාසලක් ආරම්භ කර එය පවත්වා ගෙන යෑමද සිතන තරම් පහසු කටයුත්තක් ද නොවේ. මාතලේ නගරයේ ජනප්‍රිය පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේදි විශාල ගැටලු ගණනාවකට දෙමාපියන් මුහුණ දෙන ප්‍රශ්නයකි. විශේෂයෙන් වර්තමාන කාලය වන විට මාතලේ අධ්‍යාපන කලාපයේ සිසුන් දෙසියක පමණ පිරිසකට මේ වන විට පළමු ශ්‍රේණිය ඉගෙනුම ලැබීම සඳහා අහිමි වී තිබේ. මේ පිළිබඳව කිසිදු රාජ්‍ය නිලධාරියකු හෝ දේශපාලඥයකු සොයා බැලීමක් සිදු වන බවක් පෙනේනට නොවේ.
මෙම ගැටලුවකට විසඳුමක් ලෙස මාතලේ පමණක් නොව දිවයිනේ වෙනත් ප්‍රදේශවලද පෞද්ගලික පාසල් රජයේ අනුග්‍රහය මත ආරම්භ කිරිමට මේ වන විටත් විවිධ වැඩකටයුතු දියත් වෙමින් පවති.
මාතලේ මේ ගැටලුවට පිළියමක් ලෙස මාතලේ බෞද්ධ විද්‍යාලය බිහිවන්නේ මෙවැනි පසුබිමකය. නමුත් වර්තමානය වන විට මේ පාසලට විවිධ කෙනෙහිලිකම් සිදුවෙමින් පැවතීම කනගාටුවට කරුණකි. මේ, ඒ පිළිබඳව විමසා බැලීමකි.
වර්ෂ 1957 සිට 1997 දක්වා මාතලේ ආලෝක විද්‍යාලය නමින් මාතලේ නගරය මධ්‍යයේ පවත්වාගෙන ගිය අතර, 2014 වසරේ මේ විද්‍යාලය මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලය නමින් යළි ආරම්භ කිරීමට එදා මූලිකත්වය ගනු ලැබුවේ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අපවත්වී වදාළ දරණාගම කුසලධම්ම හිමියන් සහ මාතලේ විහාර පාර ශ්‍රි විද්‍යානන්ද මහ පිරිවෙන් විහාරාධිපති, අමරපුර මහා නිකායේ සිරි සද්ධම්මයුක්තික පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක රජරට විශ්වවිද්‍යාලයේ සිංහල හා නුතන භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියන් විසිනි.
මෙම විදුහල 1951 අංංක 05 දරන උපකෘත පාඨශාලා පනත යටතේ ඒ එස්එන් 1830 දරන ලියාපදිංචි අංක සහිතව “රජයේ ආධාර නොලබන”අර්ධ රාජ්‍ය පාසලක් වූ මේ විද්‍යාලය 2019 වසරේ සිට රජයේ ආධාර ලබන අර්ධ රාජ්‍ය පාසල් ගණයට ඇතුළත් විය.
මේ පාසල ආරම්භයේදි මාතලේ නගරයේ කුඩා ස්ථානයක පවත්වා ගෙන ගිය අතර මේ වන විට නගරයේ පාසල් නොලැබෙන හා ස්ථාන මාරුවිම් සහිතව පැමිණෙන දෙමාපියන්ගේ දරුවන්ට මේ විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට හැකියාව පැවැත්විණි. මෙම තත්ත්වය මත සිසුන්ගේ වර්ධනයත් සමඟ මාතලේ එම්.සි පාර ප්‍රදේශයේ රජයේ ඉඩම් කොටසක් පර්චස් 124ක ප්‍රමාණයක් විද්‍යාලයට බදු පදනම මත ලබා දීමට කටයුතු කර ඇති අතර; මේ වන විට සිසුන් විශාල ප්‍රමාණයක් සිටීම නිසා ඉඩකඩ මදි තත්ත්වයකට පත්ව තිබේ. පාසලේ ඉගෙනුම් කටයුතු සඳහා ගුණාත්මක භාවය නිසා ශිෂ්‍ය පිරිස දිනෙන් දින ඉහළ යමින් තිබේ.
පාසල අසල තිබෙන ජාතික තරුණ සේවා සභාවට අයත් බිම් කොටසේ කිසිදු ඉදිකිරීමක් සිදු නොකර තිබීමත් පාසලට ප්‍රවේශ මාර්ගය ඒ අසලින් තිබීම නිසාත් විද්‍යාලයට ඒ පර්චස් 93ක කොටස ඉල්ලා දෙමාපියන් අවස්ථා ගණනාවකදීම ඉල්ලිම් සිදු කළහ.
නමුත් ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරින්ගේ මැදිහත්වීම මත මේ ඉඩම් කොටස ලබා දීම වෙනුවට විද්‍යාලයේ සිසුන්ට සහ දෙමාපියන් ඇතුළු පිරිසට විවිධ පිඩාකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදු විය. අවසානයේ මාතලේ වත්මන් ප්‍රාදේශීය ලේකම්වරිය විසින් පාසලට ප්‍රවේශ මාර්ගය සහ අදාළ ඉඩම් කොටසට ඇතුළුවීම වළක්වලමින් තහනම් කලාපයක් සිදු කිරීම නිසා ප්‍රශ්නය උග්‍ර අතට පත් විය.
මේ වන විට මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලය සිසුන් දහසකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන අතර ආචාර්ය මණ්ඩලය 85කට ආසන්න පිරිසක් සිටිති.
මාර්ගය අවහිර කිරීම සහ ක්‍රීඩා පිටිය තහනම් කලාපයක් ලෙස නම් කිරිමට බලධාරීන් විසින් දැන්වීමත් සමඟ ඊට එරෙහිව ඒ විද්‍යාලයේ දෙමාපියන් ගුරු භවතුන් ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ අතර එ් සඳහා ද නිසි පිළිතුරක් ලබා දීමට මාතලේ දිස්ත්‍රික්කයේ පරිපාලන නිලධාරිහු අසමත් වූහ.
මෛ විදුහල රජයේ අනුග්‍රහය මත පෞද්ගලික පාසල් ලෙස පවත්වාගෙන යන අතර මේ උද්ඝෝෂණයට සහභාගි වූ දෙමාපියන් පැවසුවේ එක්තරා පිරිසකගේ අත්තනෝමතික ක්‍රියාවලියක් සිදු වන බවක් දරුවන් විශාල ප්‍රමාණයක් මේ පාසලෙන් අධ්‍යාපනය ලබන බව සිංහල බෞද්ධ සිසු දරු දැරියන්ට විශාල අසාධාරණයක් සිදුවන බවත් මේ ක්‍රියාව නිසා පාසලේ ක්‍රීඩා කටයුතු සිදු කිරීම සඳහා කිසිදු ස්ථානයක් නැති බවත් මේ නිසා සිසුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවය.
මාතලේ දිස්ත්‍රික් තරුණ සේවා සභාවේ කාර්යාලය සඳහා මෙම විද්‍යාලය අසළ කොටසක් වෙන් කර ඇති අතර එම කොටසෙහි ඉදිකිරිම් කිසිවක් සිදු කර නොමැති හෙයින් ඒ කොටස බෞද්ධ විද්‍යාලයට ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් එය ලබා නොදීම නිසා දෙපාර්ශ්වය අතර ගැටුම් රාශියක් ඇතිවූ අතර එය මේ වන තෙක් විසඳීම සඳහා කිසිවකු ඉදිරිපත් වී නැති බවද දෙමාපියන් පැවසීය.
නිසි විසඳුමක් මේ වනතෙක් ලබා නොදුන් නිසා එයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා මාතලේ විහාර පාර ශ්‍රි විද්‍යානන්ද මහ පිරිවෙන් විහාරාධිපති, අමරපුර මහා නිකායේ සිරි සද්ධම්මයුක්තික පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක රජරට විශ්වවිද්‍යාලයේ සිංහල හා නුතන භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියෝ මාරාන්තික උපවාසයක් ආරම්භ කෙරූහ.
උපවාසය එසේ සිදු කර යද්දී මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහණ දිසානායක අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනිමටත් මේ ගැටලුවට නිසි විසඳුමක් ලබා දෙන බවට ලිඛිත පොරොන්දුව සමඟ මාරාන්තික උපවාසයෙහි නිරතවූ නායක හිමියන් උපවාසය අත්හැරියේය.
‘පාසල් සංවර්ධන සමිතියේ දෙමාපියන් කිහිපදෙනෙකුම කියා සිටියේ පාසල වසා දැමීමේ තැනට මාතලේ දිස්ත්‍රික්කයේ සිටින ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරින් කටයුතු කරන බවත් ඔවුන් විසින් දඹුල්ල සීගිරිය වැනි ප්‍රදේශවල රජයේ ඉඩම් ව්‍යාජ ලේඛන සකස් කරමින් ධනවතුන්ට ලබා දීමට කටයුතු කරන අයුරු අප පසුගිය දිනවල මාධ්‍යවලින් දැක්කා. අපේ අහිංසක දරුවකුට අධ්‍යාපනය ලබා දීමට ඇයි මෙතරම් කෙනෙහෙලි කරන්නේ.
අපේ බදු මුදලින් පඩි ගන්න නිලධාරීන්ට මේ ගැටලු තේරෙන්නේ නැහැ. ඔවුන්ගේ දරුවන් පිටරටල වගේම ඉහළ හොඳ පාසල්වලට දාගෙන ඉගැන්වීම් කටයුතු කරනවා. ගමේ ඉන්න දරුවෙක්ට හොඳ පාසලකට යන්න බැහැ.
හැමදාම දුක් විඳින්නේ අපි; දුප්පත් ජනතාව. මෙතන ඉන්නේ සල්ලි තියන අය නොවෙයි. අපි සල්ලි තියෙනව නම් ජාත්‍යන්තර පාසල්වලට දානවා. නමුත් අපි කොහොම හරි බෞද්ධ වටපිටාවක් තියන මේ පාසලට දරුවන් ඇතුළත් කළා. අපි ඉල්ලා සිටින්නේ දරුවන්ට සාධාරණයක් ඉටු කරන්න කියලා.
මහත්තයො අපේ මාතලේ ඉන්න ඇතැම් රජයේ ඉහළ නිලධාරින් මාතලේ අය නොවේ. පිට අයයි අපේ දුක දන්නේ මාතලේ ඉන්න අය පමණයි. ඒ නිසා මේවා පිළිබඳව රජයේ ඉහළ අය දැනුවත් විය යුතුයි.
මෙම ගැටලුව පිළිබදව අප මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිනිඥ ලලිත් යු. ගමගේ ගෙන් ද විමසීමක් කළෙමු.
ආණ්ඩුකාරවරයා කියා සිටියේ, මේ විද්‍යාලයේ ඇති ගැටලුව විසඳිය යුතු බවත් ආදළ පාර්ශ්වයන් නම්‍යශීලි ලෙස කටයුතු කළ යුතු බවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවා සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා සිදු කොට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවය.
මෙම සිද්ධියට මැදිහත්වු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක කියා සිටියේ තමා මේ ගැටලුව විසඳීම සඳහා තරුණ සේවා සභාවේ විෂය බාර අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡා කරන බවත්; මේ ගැටලුව සඳහා ස්ථිර විසඳුමක් ලබාදීම කාලීන යුතුකමක් බවත්ය. තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් කාර්යාලය ඉදිකර ගැනීමද සිදු කළ යුතු බවත් තමාට එම කටයුතු නියම ආකාරයෙන් සිදු කිරීමට හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
මේ පිළිබඳව මාතලේ ප්‍රාදේශිය ලේකම් මාධවි හිදගොඩගෙන් විමසිමේදී කියා සිටියේ තරුණ සේවා සභාවට සහ ප්‍රවාහන සේවා අධිකාරියට පවරා දී ඇති ඉඩම් සඳහා ප්‍රවේශ මාර්ගයක් ලබා දී ඇයහති බවත් බෞද්ධ විද්‍යාලයට පිටුපස කොටසින් ප්‍රධාන ප්‍රවේශ මාර්ගයක් ඉඩම ලබා දෙන මොහොතේම ලබා දී ඇති බවත්ය. රජයේ ඉඩම් ලබා දීමේදි අදාළ ඉඩම් සඳහා මාර්ග ලබා දි ඇති බවත් මෙහි ගැටලුවක් නොමැති බවද අය සඳහන් කළාය.
කෙසේ වෙතත් මාතලේ නගරයේ ජනප්‍රිය පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට නොහැකි පිරිසට මේ පාසල් මහත් අස්වැසිල්ලක් වි ඇති බව පාසල තුළට පැමිණ නිරික්ෂණය කළහොත් ඒ බවට වැටහෙනු ඇත.
මේ ගැටලුව දුරදිග යෑමට ඉඩ නොදී සියලු පාර්ශ්ව වෙත සාධාරණයක් ඉටු කිරීමට මාතලේ දිස්ත්‍රික්කයේ සිටින වගකිව යුතු ඉහළ රාජ්‍ය නිලධාරීන් සහ මාතලේ දේශපාලඥයන්ගේ වගකීමක් හා යුතුකමක් වනු ඇත.