වහා සංසිඳුවිය යුතු අභ්‍යන්තර ආරවුල් | Page 2 | සිළුමිණ

වහා සංසිඳුවිය යුතු අභ්‍යන්තර ආරවුල්

නෑම පවු­ලක දෙම­හ­ල්ලන් හෝ පවුලේ සමා­ජි­ක­යන් අතර විවිධ හිත් අම­නා­ප­කම් ඇති වීම සමාන්‍ය සිද්ධි­යකි. ඒ සඳහා එකී පාර්ශ්ව­ක­රු­වන් උගත් - නූග­ත්කම් හෝ වත් පොහො­ස­ත්කම් කිසි­වක් අදාළ නොවේ.කෙසේ වෙතත් එවැනි හිත් අම­නා­ප­කම් බල පව­ත්වන්නේ ඉතා සුළු කාල­ය­කට පමණී.

එසේ වන්නේ පවුල් අතර ඇති­වන එවැනි අභ්‍ය­න්තර ප්‍රශ්න පිට­ස්ත­ර­යන් දැන ගැනීම ගැන එම පාර්ශ්ව­ක­රු­වන්ම දැඩි අක­මැ­ත්තක් දක්වන බැවිනි. එවැනි බොහෝ අව­ස්ථා­ව­ලදී එම පාර්ශ්ව­ක­රු­වන් වැඩි දෙනෙකු හුරු­පු­රුදු වී සිටින්නේ තම තමන් අතර පව­තින හිත් අම­නා­ප­කම් හෝ නොහොද නෝක්කා­ඩු­වක් සාම­කා­මීව විසදා ගැනී­මය.

මෙරට සුද්ද­න්ගෙන් නිද­හස ලැබුණු දා සිට අද වන තුරු පත්වූ හැම ආණ්ඩු­ව­කම පාහේ නොයෙ­කුත් අභ්‍ය­න්තර හැල­හැ­ප්පීම් හට ගැනු­ණේය. එවැනි අභ්‍ය­න්තර අර්බුද සාම­කා­මීව විසදා ගැනී­මට නොහැකි වූ බොහෝ අව­ස්ථා­ව­ලදී සිදු­වූයේ ප්‍රශ්න­යට මැදි වූ ඇතැම් පුද්ග­ල­යන් ආණ්ඩු­වෙන් හැළී යාමය.

මෙරට 1947 වර්ෂයේ පැවති මහ මැති­ව­ර­ණ­යෙන් පත්වූ ඩී. එස්. සේනා­නා­යක ආණ්ඩු­වෙන් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩා­ර­නා­යක ඇතුළු කීප දෙනෙ­කුම කැඩී යාමට මුළු වූයේද එලෙස ඇතිවූ අභ්‍ය­න්තර මත ගැටු­මකි.

එහි ඊළඟ ප්‍රති­ඵ­ලය වූයේ එක්සත් ජාතික පක්ෂ­යෙන් වෙන්වී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය නමින් වෙනත් දේශ­පා­ලන පක්ෂ­යක් පිහි­ටුවා ගත් බණ්ඩා­ර­නා­යක තවත් වසර කීප­යක් ඇතු­ළත 1956 දී මහ මැති­ව­ර­ණ­යෙන් මෙරට ආණ්ඩු බලය ලබා ගැනී­මයි. ඇතැම් විට බණ්ඩා­ර­නා­ය­ක­යන් එලෙස එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු­වෙන් වෙන්වී නොගියා නම් 1956 මහ මැති­ව­ර­ණ­යෙන් තුන්වැනි වර­ටත් ආණ්ඩු බලය රැක ගැනී­මට එක්සත් ජාතික පක්ෂ­යට ඕනෑ තරම් ඉඩ තිබු­ණේය.

මේ අතර 1956 දී බල­යට පත්වූ මහ­ජන එක්සත් පෙර­මුණු ආණ්ඩු­ව­ටද එවැනි අභ්‍ය­න්තර ගැටු­ම්ව­ලින් බේරී සිටී­මට නොහැකි විය.

එසේ වූයේ එම ආණ්ඩුවේ ප්‍රබල ඇම­ති­ව­රුන් දෙදෙ­නකු වූ පිලිප් ගුණ­ව­ර්ධන සහ පී. එච්. විලි­යම් සිල්වා යන අය විසින් ක්‍රියා­ත්මක කර­ගෙන ගිය සමා­ජ­වාදී වැඩ පිළි­වෙළ නොරිස්සූ ආණ්ඩුවේ දක්ෂි­ණාං­ෂික ඇම­ති­ව­රුන් අග­මැති බණ්ඩා­ර­නා­ය­කට නොයෙ­කුත් අන්ද­මින් බල­පෑම් කොට එම දෙපළ කැබි­නට් මණ්ඩ­ල­යෙන් නෙරපා දැමූ බැවිනි.

ඒ අනුව සිදු­වූයේ ආණ්ඩුව තුළ දක්ෂි­ණාං­ශය බල­­වත් වී අග­මැති බණ්ඩා­ර­නා­යක පවා පක්ෂ­යේම සාමා­ජි­ක­යන් අතින් බිහි­සුණු මර­ණ­ය­කට ලක්වී­මයි.

ඉහ­තින් දක්වන ලද්දේ මෙරට නිද­හස ලැබී­මෙන් පසුව තේරී­පත් වූ විවිධ ආණ්ඩු තුළ ඇතිවූ මත ගැටුම් සහ හැල­හැ­ප්පීම් නිසා එම ආණ්ඩු­ව­ලට මුහුණ පෑමට සිදුවූ කන­ගා­ටු­දා­යක සිදු­වීම් කීප­යකි.

ඉන් පසුව 1970 වසරේ පැවති මහ මැති­ව­ර­ණ­යෙන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ලංකා සම සමාජ සහ කොමි­යු­නිස්ට් යන දේශ­පා­ලන පක්ෂ තුන­කින් සුසැඳි සමගි පෙර­මුණ 2/3 ක ජයක් ලබා නව ආණ්ඩු­වක් පිහි­ට­ුවනු ලැබුව ද එම පක්ෂය 1977 දී පැවති මහ මැති­ව­ර­ණ­යෙන් අන්ත පරා­ජ­යක් ලැබීම ය. එවර ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට හිමිවූ මන්ත්‍රී­ධූර සංඛ්‍යාව 08කි. ඒ වන විට ආණ්ඩු­වෙන් කැඩී ගොස් සිටි ලංකා සම සමාජ පක්ෂ­යට සහ කොමි­යු­නිස්ට් පක්ෂ­යට එකදු මන්ත්‍රී ආස­න­ය­ක්වත් නොලැ­බීම විශේෂ සිද්ධි­යකි.

එම පක්ෂ තුනම එවැනි අන්ත පරා­ජ­යක් ලැබී­මට හේතු­වූයේ ආණ්ඩුව අභ්‍ය­න්ත­රයේ හට­ගත් මත ගැටුම් සහ අර්බුද සාම­කා­මීව විසදා නොගෙන ඒ සම්බ­න්ධ­යෙන් දැඩි පිළි­වෙ­තක් අනු­ග­ම­නය කිරීම නිසා බව රටම පිළි­ගත් කරු­ණක් විය.

කෙසේ වෙතත් 1977 දී ආසන 140 ක් ලබා 5/6 ක ආණ්ඩු­වක් පිහි­ටු­වන ලදී. ජේ. ආර්. ජය­ව­ර්ධන ජනා­ධි­ප­ති­ව­ර­යාගේ දෙවෙනි නිල කාලය 1988 වන­තු­රුම බර­ප­තළ අභ්‍ය­න්තර අර්බු­ද­ය­කට මුහුණ පෑමට එතු­මාට සිදු නොවීය.

එම කාලය තුළ සිදු වූයේ ආණ්ඩුවේ මැති ඇම­ති­ව­රුන් කීප දෙනකු තම තන­තුරු අත­හැර විප­ක්ෂ­යට යෑම පමණී.

එසේ වුවද 1988 න් පසු බල­යට පත්වූ ප්‍රේම­දාස ආණ්ඩුව මුහුණ පෑ බර­ප­ත­ළම අර්බු­දය වූයේ 1991 දී ලලිත් - ගාමිණි දෙපළ ඇතුළු පිරි­සක් විසින් ජනා­ධි­ප­ති­ව­ර­යාට එරෙ­හිව ඉදි­රි­ප­ත්කළ දෝෂා­භි­යෝ­ග­යයි. එහි ඊළඟ ප්‍රති­ඵ­ලය වූයේ එතෙක් ආණ්ඩුව සමඟ රැඳී සිටි ලලිත්-ගාමිණි ඇතුළු මැති ඇම­ති­ව­රුන් දස දෙනෙක්ගේ මන්ත්‍රී ධූර අහි­මිවී යෑමය.

ඔවුන් එලෙස මන්ත්‍රී ධුර­ව­ලින් ඉවත් කිරීම නිසා ආණ්ඩුවේ ශක්තිය දුර්වල නොවීම වෙනම කතා­වකි.එහෙත් එතෙක් ආණ්ඩුව සමඟ රැඳී සිටීම ලලිත්, ගාමිණී සහ ප්‍රේම­චන්ද්‍ර වැනි දක්ෂ­යන්ගේ සහය ආණ්ඩු­වට අහි­මිවී යාම පිරි­මැ­සිය නොහැකි පාඩු­වක් විය.

වසර 2000 දී බල­යට පත් වූ චන්ද්‍රිකා ආණ්ඩු­වට ද මේ වැනි අර්බු­ද­ය­කට මුහුණ පෑමට සිදුවී තිබු­ණේය. එසේ වූවත් තව­මත් අනා­ව­ර­ණය නොවූ හේතු­වක් මුල් කර­ගෙන වසර 2001 දී එම ආණ්ඩුවේ ප්‍රබ­ල­යන් ලෙස සැල­කූ මහා­චාර්ය ජී. එල්. එස්. බී. දිසා­නා­යක, මහින්ද විජේ­සේ­කර සහ බන්දුල ගුණ­ව­ර්ධන ඇතුළු කීප දෙනෙකු විප­ක්ෂ­යට ගොස් අසුන් ගැනී­මයි. අන්ති­මේදී එම ප්‍රශ්නය කොප­මණ දුර­දිග ගියා­දැයි කිව­හොත් තම පක්ෂයේ ආණ්ඩුව තමන් විසින්ම විසු­රුවා හැරී­මට චන්ද්‍රිකා ජනා­ධි­ප­ති­නි­යට සිදුවී තිබු­ණාය.

2015 වසරේ එක්තරා රාත්‍රි­යක පැවති සාද­ය­කදී තම රාජ්‍ය නාය­කයා සමඟ එකට හිඳ බිත්තර ආප්ප කෑ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මහ­ලේ­ක­ම්ව­ර­යාට පසුව දා සවස් ජාමය වන විට ලොක්කාට එරෙ­හිව ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග කිරී­මට සිදුවී තිබුණේ ද පක­ෂය තුළ පැවති සීතල යුද්ධ­යක ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් අන්­ති­මේදී 2015 පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ජය­ගත් මෛත්‍රී­පාල සිරි­සේන මහතා ජය ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ ද උදවු උප­කාර ඇති­වය.

එලෙස පිහි­ටුවා ගැනුණු යහ­පා­ලන ආණ්ඩුවේ අග­මැ­ති­ව­ර­යාගේ කන්කෙ­ටි­යේන් අල්ලා පැත්ත­කට කර තම හිටපු ප්‍රධා­නියා අග්‍රා­මාත්‍ය ධුර­යට පත් කිරි­මට ජනා­ධි­ප­ති­ව­රයා පිය­වර ගෙන තිබු­ණේද දෙපා­ර්ශ්වය අතර පැවති සම­ගිය පළුදු වීමේ ප්‍රති­ඵ­ල­යක් ලෙසය.

මේ අතර ආණ්ඩුවේ ඇතැම් ඇම­ති­ව­රුන් සතු බල­තල පිළි­බ­ඳව ඇතැ­මුන් අතර බර­ප­තළ ගණයේ මැසි­වි­ල්ලක් පවතී. ඒ රාජ්‍ය ඇමතිවරුන් හා කැබිනට් ඇම­ති­ව­රුන් අතර ඇතිවි ඇති ගැටලු හා බලතල පිළිබඳ කල­කි­රී­ම් නිසාය. එවැනි අභ්‍යන්තර ආරවුල් වහා සංසිදුවා ගත යුතුව ඇත.

Comments