
- ගෝඨාභය රාජපක්ෂයන් කියන්නේ ඍජු තීරණ ගන්න ජනාධිපතිවරයෙක්
- යහපාලනයෙන් මේ රටට කළ කිසිම සේවයක් නැහැ... රටේ ජාතික සම්පත් ටික විනාශ කළා...
භූමදානය ආදාහනය ගැටලුවක් මතුවෙලා තිබෙනවා. කුමක්ද ඒ සඳහා විසඳුම?
ඇත්තටම ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධව තීරණයක් අරගෙන තිබෙනවා. විශේෂඥ කමිටුවක් පත්කරලා ඒ කමිටුවෙන් වාර්තාවක් ඉල්ලා තිබෙනවා. මේ පිළිබඳව එම කමිටුවේ මතය දෙන්න කියන කාරණය. රටේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු, ඒ පිළිබඳව කටයුතු කරන දැනුම තිබෙන පුද්ගලයන්, විද්වතුන් මේ කමිටුවේ සිටිනවා. ඔවුන් කිවහොත් කළ යුත්තේ කුමක්ද කියා; ඒ සම්බන්ධව රජයට තීරණයක් ගත හැකියි.
කොවිඩ් මුල් කාලයේදි අනුමත වෙලා තිබුණේ ආදාහනය කිරීම වඩා සුදුසුයි කියන එක. නමුත් භූමදානය ද මේ වන විට සිදු කරනවා. ඒ අනුව ඒ වෙනුවෙන් පත්කර ඇති කමිටුවේ උපදෙස් මෙන්ම වෛද්‍ය උපදෙස් අනුව මෙය තීරණය කළ හැකියි. වෙන කවුරු කුමන කාරණා සඳහන් කළත් මේ වෙනුවෙන් පත් කර ඇති විශේෂඥ කමිටුව දෙන තීන්දුව අනුව තමයි රජය ඉදිරි තීරණය ගනු ලබන්නේ.
ජනතාව මේ වන විට අධිකරණ අමාත්‍ය අලී සබ්‍රී සම්බන්ධව නොයෙක් චෝදනා එල්ල කරනු ලබනවා?
මේ රට මෙන්ම අපගේ රජය ප්‍රජාතන්ත්‍රවාදියි. ඕනෑම අයකුට ඕනෑම අදහසක් ඉදිරිපත් කළ හැකියි. අලි සබ්‍රි ඇමතිවරයා ඉදිරිපත් කර තිබෙන්නේ ඔහුගේ මතයයි. එය පිළිගන්නවාද නැද්ද යන්න තවත් කාරණයක්. එ් වගේම අපිට අදහසක් ඉදිරිපත් කිරීමේ අයිතියක් තිබෙනවා. එය තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ට මේ සම්බන්ධව ඍජු තීරණයක් ගන්න බැහැ කියලා ජනතාව චෝදනා කරනවා?
ගෝඨාභය රාජපක්ෂයන් කියන්නේ මේ රටේ බිහිවුණු ඍජු තීරණ ගන්න ජනාධිපතිවරයෙක්. ඔහු අවශ්‍ය වේලාවට හරි තීන්දු තීරණ ගන්නේ.
මේ සඳහා තීන්දු තීරණ ගත යුත්තේ එතුමා නොවෙයි. එතුමා ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගන්න සෞඛ්‍ය අංශ, වෛද්‍ය අංශ වෙත ඉඩකඩ ලබාදී අවශ්‍ය පහසුකම් ද ලබාදී තිබෙනවා. ඒ සඳහා වෛද්‍යවරු ඇතුළු මණ්ඩලයක් පත්කර තිබෙනවා අවශ්‍ය සුදුසු තීන්දු තීරණ ගන්න.
ඒ නිසා මේ ඉදිරිපත් කරන බොරු චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා. මේ සභාවේ, කමිටුවේ තීන්දු තීරණ අනුව ගෝඨාභය ජනාධිපතිතුමන් තීන්දු තීරණ ගනීවි. නැතිනම් ඔවුන්ට ඒකාධිපති පාලනයක් සිදු කරන බව පවසමින් නොයෙක් චෝදනා එල්ල කරාවි.
මෙම තීරණය නොගෙන පසුපසට දමන්නේ මුස්ලිම් ඡන්ද නොලැබෙන නිසා බවට සමාජ මාධ්‍ය වාර්තා කරනවා?
ඇත්තටම ඉකුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ට මුස්ලිම් ඡන්ද ලැබුණේ නැහැ. අපි ඒක ඕනෑම තැනක කියනවා. නමුත් මෙතැන තිබෙන්නේ වෙන ගැටලුවක්.
කොවිඩ් ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ මෘත දේහය ආදාහනය නොකර භූමදානය කරන්න කියලා එම ජනතාව ඉල්ලීමක් කරනවා. ඔවුන්ගේ සංස්කෘතියට බලපාන ඉල්ලීමක් එය. මේ සඳහා රජය ඔවුන්ගේ ඉල්ලීමට සවන් දීලා තිබෙනවා. නමුත් සෞඛ්‍ය අංශ සහ වෛද්‍යවරුන්ගේ මෙන්ම සෞඛ්‍ය නීතිරීතිවලට ප්‍රධානත්වය දෙමින් ආණ්ඩුව මේ පිළිබඳව කටයුතු කරනවා. සෞඛ්‍ය අංශවල නිර්දේශය අනුව භූමදානය කිරීමට ගැටලුවක් වන්නේ නැත්නම් භූමදානය කිරීමට රජය අවසර දිය යුතුයි; එය ගැටලුවක් නම් ආදාහනය කළ යුතුයි.
ශානි අබේසේකරගේ සිද්ධියෙන් ආණ්ඩුව ගොඩයන්න හදනවා කියලා විපක්ෂය පවසනවා නේද?
යහපාලනය පැවැති සමයේ වගේ අපි පොලිසියට, අධිකරණයට අතදාන්න යන්නේ නැහැ. ඒවා ස්වාධීන ආයතන. අපි ඔවුන්ට ඔවුන්ගේ නිදහස ලබා දෙමින් වැඩ කටයුතු කරමින් සිටින්නේ. අදාළ ආයතනවලට ඔවුන්ගේ රාජකාරියන් සිදුකරගෙන යෑමට අවශ්‍ය පූර්ණ නිදහස සහ අවශ්‍ය පරිසරය අපගේ රජය ලබාදී තිබෙනවා.
රන්ජන් රාමනායකලා වගේ අපි අධිකරණ විනිසුරුවන්ට කතා කරලා නැහැ. ඒ වගේම යහපාලන රජයේ මැති ඇමතිවරු වගේ එස්. එස්. පී. ශානි අබේසේකර වගේ අයට කතා කරලා බලපෑම් එල්ල කරලත් නැහැ. බලපෑම් නොකර එම අදාළ ආයතනවලට අවශ්‍ය දේ සිදුකර ගෙන යන්න අවශ්‍ය පරිසරය ලබාදී තිබෙනවා.
හිටපු අගමැති සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට යළි පැමිණෙන බවට ප්‍රවෘත්ති වාර්තාවල සඳහන් වෙනවා. ඔහු යළි පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳ ඔබගේ අදහස?
ඇත්තටම ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. ඔහුගේ දේශපාලන දැනුම අත්දැකීම් මෙන්ම ක්‍රියාකාරීත්වය පාර්ලිමේන්තුවට අවශ්‍යයි. අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට හැරුණු කොට ඒ තරම් අත්දැකීම් තිබෙන අනෙක් පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ නිසා ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම තරුණ මන්ත්‍රීවරුන්ට ද අවශ්‍ය කාලීන පැමිණීමක්.
කොවිඩ් මර්දනය කිරීම රජය අත්හැරලාද තිබෙන්නේ?
කිසිසේත්ම නැහැ. අපි ඒ සඳහා රජයක් හැටියට මෙන්ම ජනතා නියෝජිතයන් හැටියට හැකි උපරිම දේ සෑම තත්පරයකම සිදු කරනවා. ලෝකයේ ප්‍රබල රටවල් වලට මේ සඳහා මුහුණ දෙන්න හැකියාවක් නැති වී සිටින අවස්ථාවක අපි ඒ සඳහා ජාතියක් හැටියට මුහුණ දෙමින් මේ වසංගතයෙන් ජය ගැනීම වෙනුවෙන් සටන් වැදෙමින් සිටින්නේ.
ඒ වෙනුවෙන් පත්කර ඇති කාර්ය සාධක බළකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තවත් ආයතන රැසක් එක්ව දිනෙන් දින නව ක්‍රමවේදයන් සොයමින් ජනතාවට අවශ්‍ය දේ ලබා දෙමින් ආර්ථික වශයෙන් රට ඇද වැටෙන්නට ඉඩ නොතබමින් රටේ ජනජීවිතය ද සාමාන්‍ය අතට ගෙන එමින් රටක් හැටියට ඉදිරියට යෑම සඳහා අවශ්‍ය සංවර්ධන ක්‍රියාවලි ද සිදු කරමින් සිටිනවා. මේ වූ කාරණා නිසා අද ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම බොහෝ රටවල් ශ්‍රී ලංකාව අගය කිරීමට ලක්කර තිබෙනවා.
අපි ප්‍රබල උත්සාහයක් ගන්නවා; මුළු රටම හැකි ඉක්මණින් විවෘත කරන්න. ඒ සඳහා අපි සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කරමින් සිටින්නේ. ඔවුන්ගේ උපදෙස් වලට අනුව තමයි රට විවෘත කිරීම පිළිබඳව තීරණය ගනු ලබන්නේ.
ජනතාව අතර මතයක් ඇති කර තිබෙනවා ජනාධිපති ගෝඨාභය ‘සර්‘ ෆේල් කියලා?
නැහැ. ඒක ජනතාව අතර තිබෙන මතයක් නොවෙයි. සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සිදුකරන චෝදනාවක් තමයි ‘සර් ෆේල්‘ කියන්නේ.
හැබැයි අපි කියනවා සර් කිසිසේත්ම ෆේල් නැහැ පාස් කියන එක. සර් ෆේල් නම් අද ජීවිත දසදහස් ගණනක් පොළව යට. අද සර් ඉතා හොඳින් කොවිඩ් පාලනය සිදු කරනවා. ඒ විතරක් නොවෙයි රටේ සංවර්ධන ක්‍රියාවලියත් මේ සියලු බාධක මැද ඉදිරියට සිදුකරගෙන යනවා. ආර්ථික ගැටලු රාශියක් මැද මේ රට ඉදිරියට ගෙන යෑමේ භාරධූර කාර්ය අද ජනාධිපතිතුමන් විසින් සිදු කරමින් සිටිනවා. ගමින් ගමට ගොස් ජනතා ගැටලු සාකච්ඡා කරමින් එම ස්ථානයේදීම එම ගැටලු වලට විසඳුම් ලබා දෙමින් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග පවා ජනතාව සමඟ සාකච්ඡා කරනවා.
ඔය ඉන්න පිරිස නියෝජනය කරපු විපක්ෂයම යුද්ධය පැවැති සමයේ රජයට නොයෙක් චෝදනා එල්ල කළා. අලිමංකඩ යනවා කියලා පාමංකඩට යන්නේ කියන චෝදනාව. වැඩක් කරගන්න බැරි තමන්ගේ පක්ෂයවත් රැකගන්න බැරි පිරිසක් නඟන චෝදනා අපි ඒ හැටි සලකන්නේ නැහැ.
ජනතාව මේ රජය පිළිබඳව තැබූ විශ්වාසය රැක ගනිමින් මේ රට සංවර්ධනය කරා ගෙන යෑම අපගේ වගකීමයි. අපි අද ඒ වෙනුවෙන් කළ යුතු සියලුම ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.
මේ රටේ සංස්කෘතිය විනාශ කරපු මේ රට තව තවත් අගාධයකට ඇද දැමූ පිරිසක් තමයි විපක්ෂයේ සිටින්නේ. යහපාලනයෙන් ඔවුන් මේ රටට කළ කිසිම සේවයක් නැහැ.
මේ රටේ සම්පත් ටික විනාශ කළා. මේ රට අනාරක්ෂිත තැනක් බවට පත්කළා. ත්‍රස්තවාදී ප්‍රහාර වලට ගොදුරු වී අහිංසක ජීවිත සිය ගණනක් දැයට අහිමි කළා. මේ නිසා ඔවුන්ට අද අපිට කිසිම චෝදනාවක් එල්ල කරන්න බැහැ. අද ජනතාවට ආරක්ෂාව ගැන කිසිම බියක් නැති බව අප දන්නවා.
ඔබගේ අමාත්‍යාංශයේ කටයුතු කෙසේද?
සෞභාග්‍යයේ දැක්ම යටතේ ක්‍රියාත්මක වෙමින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නංවාලීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙමින් කටයුතු කරමින් සිටිනවා.
‘2021 අයවැය‘ යෝජනා ක්‍රියාත්මක කරමින් ගමේ ජනතාවගේ ආර්ථිකය නංවාලමින් රටේ ආර්ථිකයත් ගොඩනැඟීම රජයේ බලාපොරොත්තුවයි.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට මුල්තැන ලබා දෙමින් සංවර්ධන කටයුතු සිදු කරනවා. කොරෝනා වසංගතයෙන් රට මුදා ගෙන ජනතාවට නිදහසේ සිටීමට අවශ්‍ය පරිසරය ලබා දීමටත් කටයුතු කරනවා.