
වේයන්ගොඩ, මාලිගාතැන්නෙ පදිංචි 44 හැවිරිදි අංගම්පොඩිගේ සුනන්ද ජයලත්ය. තිදරු පියෙකු වන සුනන්ද ද ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ අයෙකි. එසේම නිශාන්ත සහ සුනන්ද ගජමිතුරන් ලෙසද සිටි දෙදෙනෙකි.
කෙසේ හෝ කොළඹ සිට නිශාන්තට ගංජා රැගෙන ආ දෙදෙනා පොලිසියට කොටුකර දුන්නෙ සුනන්ද යැයි නිශාන්තට දැඩි සැකයක් ඇතිවිණි. දිනය පසුගිය 19 වැනිදායි. එදින සෙනසුරාදා දිනයකි. සුනන්ද සිය 15 හැවිරිදි පුත්‍රයා සමඟ නිවෙසේ වූ අලුත්වැඩියාවක් සඳහා එදින පෙරවරු 10.30ට පමණ සිමෙන්ත කොට්ටයක් ගෙන ඒමට මාලිගාතැන්න හන්දියේ වූ වෙළෙඳසලකට ගියේය. ඒ ත්‍රිරෝද රථයෙනි.
සුනන්ද මාලිගාතැන්නෙ වෙළෙඳසලකට පැමිණි බවට ක්ෂණයෙන් තොරතුරක් ලැබුණේ නිශාන්තටය. මහ දහවලේ කඩු දෙකද රැගෙන වෙළෙඳසලට ගිය නිශාන්ත සහ ඔහුගේ යහළුවා දෙනෝදහක් බලා සිටියදී සුනන්දට කඩුවලින් පහර දුන්නෙ අමානුෂික ලෙසිනි. සුනන්දගේ 15 හැවිරිදි පුත්‍රයාද බලා සිටියදී ඔහුගේ පාදයක කොටසක් කපාගත් නිශාන්ත එයද රැගෙන පලා ගියේ ත්‍රාසජනක දමිළ චිත්‍රපට දසුන් පෙළක් විලසිනි.
ඒත් සමඟ නිශාන්ත වතුපිටිවල රෝහලට රැගෙන යෑමට අවට සිටියවුන් වග බලා ගත්හ. ඒ වන විට බරපතළ තුවාල ලබා සිටි නිශාන්ත වතුපිටිවල රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කළේ ඔහුගේ තත්ත්වය තව තවත් බරපතළ වූ හෙයිනි. සුනන්දගේ එක් පාදයක් කපාගෙන ගොස් තිබූ අතර අනෙක් පාදයට සහ අත්පාවලටද දැඩි සේ කඩුවලින් පහර දී තිබිණි. පහරදීම සැලවූ සැණින් එහි විමර්ශන වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති චන්න වෑත්තෑවගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි. ඒ අනුව පහර දුන් අයවලුන් රැගෙන ගිය නිශාන්තගේ පාදය දින දෙකකට පසු එනම් 21 වැනිදා කළු පැහැති බෑගයක බහා මාලිගාතැන්න විහාරස්ථානයක් අසල දමා ගොස් තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකි විණි. ඒ වන විටත් එම පාදය සුනඛයන් ඇද තිබිණි.
මේ පිළිබඳ විමර්ශන සිදු කෙරෙද්දී පසුගිය 23 වැනිදා කුරුවිට පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථනයට හෝඩුවාවක් ලැබී තිබිණි.
සැණින් ක්‍රියාත්මක වූ කුරුවිට පොලිස් නිලධාරින් විසින් එකී ජාවාරම්කරුවා මත්කුඩු ග්‍රෑම් 2ක් සමඟ බස් නැවැතුම්පොළේ සිටියදී අත්අඩංගුවට ගැනිණි. පසුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ එලෙස ඇමැතුමක් ගෙන අත්අඩංගුවට පත්වූයේ තමාම බවටයි. කෙසේ හෝ අත්අඩංගුවට පත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කෙරිණි.
"සර්... මං තමයි වේයන්ගොඩ නිශාන්තට කඩුවකින් කොටලා කකුල කපාගෙන ගියේ..."
පොලිසිය සඳහන් කරන ආකාරයට මුලින්ම වේයන්ගොඩ, හල්ගම්පිටිය ප්‍රදේශයේ ස්ථානයක නිශාන්ත සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක්, ජෙලග්නයිට් කූරක් සහ ඩෙටනේටර් සොයා ගැනිණි. අනතුරුව සැකකරු කියා තිබුණේ නිශාන්තට පහර දුන් අවිආයුධ උඩුගම කනත්තෙ තැනෙක සඟවා තබා ඇති බවයි.
නිශාන්ත රැගත් රතු පැහැති කැබ් රථය ඔහු කී උඩුගම කනත්ත බලා පිටත්වී තිබිණි. දෑත්වලට මාංචුද දමා සිටි නිශාන්ත රථයේ ගමන් කරන අතරතුර ක්ෂණයෙන්ම ක්‍රියාත්මක වී කැබ් රථය පැදවූ රියැදුරු සංජීවගේ ගෙල මිරිකීමට තැත් කළ බව පොලිසිය සඳහන් කළේය.
ඒත් එක්කම පිටුපස අසුනේ නිශාන්ත සමඟ වාඩිවී සිටි පොලිස් පරීක්ෂක අජිත් සහ කොස්තාපල් අමිල සැකකරු සමඟ පොර බදන්නට වී තිබේ. එහිදී ඇතිවූ ගැටුම්කාරි තත්ත්වය අවම කිරීම සඳහා පොලිස් නිලධාරින් විසින් වෙඩි ප්‍රහාරයක් දියත් කර තිබිණි.
එම වෙඩි තැබීමත් සමඟ පොලිස් නිලධාරින්ගේ ග්රහණයෙන් පලා යාමට නිශාන්ත තැත් කිරීමත් සමඟ නිලධාරින් විසින් තවත් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණි. එම වෙඩි ප්‍රහාරයෙන් බිම ඇද වැටුණු සැකකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටියේය. සැකකරු වෙඩි වැදි මියගිය ස්ථානය පසුගිය 28 වැනිදා අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ විසින් ස්ථානීය පරීක්ෂාවක්ද සිදු කළාය.
එලෙස මරණයට පත්වූ සැකකරු මත්ද්‍රව්‍ය, ගංජා සහ කසිප්පු ජාවාරමේ නිරතවූ යෝධපේළිගේ නිශාන්ත කුමාරිසිරි ප්‍රබල ගණයේ අපරාධකාරයෙක් බව පොලිසිය සඳහන් කළේය. ඒ අනුව ඔහුට එරෙහිව අධිකරණවල නඩු කීපයක්ම විභාග වන බවත් මහාධිකරණවල නඩු පහක්ද ඇති බවකි. ඉන් නඩු තුනක් ගම්පහ මහාධිකරණයේත් තවත් නඩු දෙකක් මාරවිල සහ කුලියාපිටිය අධිකරණවලටත් විභාග වන බවකි. නිත්‍යානුකූල බිරියට අමතරව තවත් අනියම් බිරියක්ද සිටි බව සැල වන නිශාන්තට දරුවන් දෙදෙනෙක්ද වේ.
තවද නිශාන්ත කුමාරසිරිගේ පියාද එම ප්‍රදේශයේ සිටි තවත් ප්‍රබලම මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධවල සම්බන්ධ වෙමින් අපරාධ ලෝකයේ සැරිසැරු දිවියක් ගත කළ අයෙකි. බොස්ටල් මහතුන් නමින් ප්රකටව සිටි නිශාන්තගේ පියා විවාහ කිහිපයක්ම කරගත් අයෙකි. ඔහු මීට කලෙකට පෙර වස පානයකොට සියදිවි හානිකරගෙන තිබුණේය. ඒ, ඔහුගේ අනියම් බිරියකට දාව උපන් දියණියක් ඔහු විසින්ම දූෂණය කිරීම නිසා පොලිසියට හසුවීමට යෑම නිසාය.
පොලිස් අත්අඩංගුවට පත්ව අවිආයුධ සහ මත්ද්‍රව්‍ය පෙන්වීමට ගොස් වූ ගැටුම් නිසාවෙන් ගිය වර්ෂයේ මරණයට පත්වූ සයවැන්නා නිශාන්තයි. මීට පෙර සොල්ටා, මාකඳුරේ මධුෂ්, ගොනාකෝවිල රොහා, චමියා, ගොනාකෝවිල රාජාය. සුනන්ද ජයලත්ට අමානුෂික පහරදීමට සහාය වූ සෙසු සැකකරුවන්ද සොයා පොලිස් පරීක්ෂණ සිදුවෙමින් තිබේ.